The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

මේක විකාශනය වෙමින් පවතින කතාවක් නිසා උපසිරැසි පලවීම පුලුවන් තරම් වෙලාවට දෙන්න උත්සහ කරනවා. ඒත් ටිකක් එහා මෙහා වුනොත් ඉවසාවදාරන්න ඕනේ.. 

ජුසිටියාගෙ වැරැද්ද නිසා දඬුවම වැඩි වුන හැටි දැක්කනෙ. ඊටත් වඩා කරදරයක් වුනේ ඩාඔන් බිට්නා ගැන දැනගත්ත එක. ඒත් ඩාඔන්ව කවුරුත්ම විස්වාස කරන්නෙ නැහැ. ඒ නිසා ඩාඔන්ගෙ එකම අරමුණ වෙන්නෙ සාක්ෂි හොයාගෙන තමන් හරි කියලා ඔප්පු කරන එක. හැම විදිහකටම උත්සහ කලත් ඩාඔන්ට තේරෙනවා තමන්ට ඒක කරන්න වෙන්නෙ නැහැ කියල. ඉතිං ඩාඔන් තීරණය කරනවා බිට්නා පස්සෙන් ගිහින් කරදර කරන එක නවත්තන්න. මේක තමන්ට පහසුවක් වෙන්න ඕන වුනත්  බිට්නා විනිසුරුතුමියට ඒක හරිම කම්මැලිකමක් දනවනවා. මේ කොටසෙදි තවත් අපිට බිට්නා, කූ මැන්ඩෝ, ලී අරොන්ග් වගේම ඩාඔන්ගෙත් අතීත ජීවිතය ගැන විස්තර ටිකක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ කොටස අවසාන වෙද්දි බිට්නා වගේම ඩාඔන් ඒ දෙන්නගෙ ජීවිත වල අතීතය වගේම අනාගතය ගැන තීරණාත්මක තැනකයි නැවතිලා ඉන්නේ….

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,109 downloadsDownload The.Judge_.From_.Hell_.S01E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles

1,109 downloadsDownload Subtitles30 KB

2 comments

  1. Red Heart

    Thank You අක්කා ඉක්මනට ඉක්මනට සබ් එක ගහලා දානවට. Much Love....

  2. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.