The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

ඔන්න ඉතිං දැන් කන්ග් බිට්නා විනිසුරුතුමියගෙ ජීවිතේ අන්තිම කාලෙට ඇවිල්ලා.. සාතන්ව අල්ලලා කයිලම් හොයාගත්ත නිසා තව දුරටත් විනිසුරුකෙනෙක් වෙන්න ඕනෙ නැහැ කියල බයෙල් කිව්වත් බිට්නාට ඕන වෙනවා අන්තිම එක තීන්දුවක් දෙන්න.. ඒත් ඒ වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ ඇපේට තියන්න වෙනව කියල දැනගනිද්දි ඒ හිත වෙනස් කරන්න බැරි විදිහට බිට්නා තීරණ අරගෙන ඉවරයි. අවුරුදු 25ක් තිස්සේ තමන්ගෙ පවුලෙ ආදරණීයන් නැති කරගෙන දුක් විඳින මිනිස්සු වෙනුවෙන් සමාව නොගතයුතු කෙනෙක් සමාව අරගෙන වන්දි ගෙව්වත් සමාව ගන්න ඕන කෙනා අන්තිම වෙනකල්ම බොහොම අහංකාරකමට ඉන්නවා..ඒත්  හැමදේම වෙනස් වෙනවා කියන එක හරිම ලස්සනට මෙතනදි අපිට බලාගන්න පුලුවන්.. තමන්ගෙ ජීවිතයද… අසරණ මිනිස්සුන්ට යුක්තියද… කන්ග් බිට්නා මොන තීරණයක් ගනීද….. තව එක කොටසයි ළමායි…

 

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

635 downloadsDownload The-Judge-From-Hell-S01E13.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

635 downloadsDownload Subtitles32 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝමත්ම ස්තූතියි සිස් උපසිරැසියට