Watch Trailer

The King 2 Hearts (2012) [E20] Sinhala Subtitles | සාමයේ නාමයෙන්.! [සිංහල උපසිරසි සමඟ]

කතන්දරෙ අපෙ ඇරඹුනේ මිතුරුදමින්.. නුඹට හොරා නුඹෙ හදවත මවිසින් සතු කර ගත්තෙමි රහසින්.. අදහමි මාගේ ඉරණම පෙරලුනි යැයි ඒ මොහොතේදි… – පවසමි ඔව්, බොළඳයි මං… එනමුත් ඒ මාගේ කුලුදුල් ආලේ… තනිවී සුසුම් හෙලමින් සැනසුනෙමි.. එයයි මා පැතූ හිරු රැස් මෙන් වූ ආලේ…. සිතුවෙමි මං ඒ ජීවිතෙ සදාකල් පවතීවි යැයි.. එනමුත් එය…

කතන්දරෙ අපෙ ඇරඹුනේ මිතුරුදමින්..  නුඹට හොරා නුඹෙ හදවත මවිසින් සතු කර ගත්තෙමි රහසින්..  අදහමි මාගේ ඉරණම පෙරලුනි යැයි ඒ මොහොතේදි… – පවසමි ඔව්, බොළඳයි මං… එනමුත් ඒ මාගේ කුලුදුල් ආලේ… තනිවී සුසුම් හෙලමින් සැනසුනෙමි..  එයයි මා පැතූ හිරු රැස් මෙන් වූ ආලේ…. සිතුවෙමි මං ඒ ජීවිතෙ සදාකල් පවතීවි යැයි.. එනමුත් එය මතකයක් ම පමණක් වේ…  

ඉයුන් ශි ක්යුන්ග් ගෙත්, ජේ ශින් කුමරියගෙත් ආදරයේ ගීතයයි ඒ. ආදරය අහිමි වුනාම දැනෙන වේදනාව කුමරියක් වුනත්, සිගන්නියක් වුනත් තාරාතිරමක් නැතුව හැම මනුෂ්‍යයෙක්ගෙම හදවත ශෝකයෙන් පුරවන හැඟීමක්. කුමරියට අහිමි වුනේ තමන්ගේ ආදරවන්තයා වුන ඉයුන් ශි කියුන්ග් විතරක් නෙවෙයි. ඉයුන් ශි ක්යුන්ග් දිවි දෙන්නේ, ලී ජේ හා රජු වෙනුවෙන් පමණක් නෙවෙයි, තමන්ගේ දේශයේ සාමයේ නාමයෙනුයි. ලී ජේ කන්ග් රජතුමා ජීවිතයෙන් වන්දි ගෙව්වෙත් ඒ සාමයේ නාමයෙන්. අද අපි භුක්ති විඳින නිදහසත්, සාමයත් මෙවන් විරුවන්ගේ එවන් කැමකිරීම් රැසක් මැදින් ලැබුනක් නේද! එවන් කැපකිරීම් රැසක් මැදින් ගෙනා සාමයේ නාමයෙන් කැපවෙන්න ලී ජේ හා රජුටත්, කිම් හන්ග් අහ් ටත් හැකි වෙයිද?

අද අවසන් කොටසයි මම ඔයාලට දෙන්න හදන්නේ.. කතාව බලන්න පටන් ගද්දී මේ කතාව මේ තරම් ලස්සන කතාවක් වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. ඒත් කොටසින්, කොටස කුතුහලය, ත්‍රාසය, විනෝදය එකී මෙකී හැමදේම නොඅඩුව ව තියනවා කියලා දැන ගන්නකොට මම මේ කතාවට වශී වුනා.

කොහොමහරි, මම රසවිඳපු ඒ සුන්දර වගේම ආදර්ශමත් කතාව ඔයාලටත් නරඹන්න අවස්ථාව දුන්නේ ඒ නිසයි. කොරියානු කතා නරඹන්න ආසාවෙන් ඉන්න බයිස්කෝප්වාසි හැමදෙනාටම ස්තූතියි වටිනා ප්‍රතිචාර වලින් මාව දිරිමත් කළාට. අධ්‍යාපන වැඩ ගොඩක් අතරේ තමයි මේ සුන්දර කතාව ඔයගොල්ලොන්ට ගෙනැත් දුන්නේ. එහෙනම් විවේක තියෙන වෙලාවට තවත් නිර්මාණයකින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,419 downloadsDownload The-King-2-Hearts-E20.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,419 downloadsDownload Subtitles74 KB

42 comments

  1. සනිඳු ලක්ඛිත

    සම්පුර්ණ කතා මාලාවටම එකටම උපසිරැස ලබා දුන්නට බොහොම ස්තුතියි අක්කේ...තවත් කතා මාලාවකින් හමුවෙමු..බුදුසරණයි..!

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි මල්ලි.

  2. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි මේ කරන සේවයට
    ජය වේවා!

    1. Helili Hemamali

      මෙන්න ඉන්නවා හැමදාමත් වගේ කොමෙන්ට් දාන්න අමතක නොකරන බයිස්කෝප්වාසියෙක්. බොහොම ස්තූතියි.

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub walata..thawa aluth drama ekakata sub demu.jaya wewa……

    1. Helili Hemamali

      හැමදාම ලෝබ නැතුව කොමෙන්ට් දානවා නේද? බොහොම ස්තූතියි.

  4. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  5. dharshamal

    supirima drama ekak.. sub wagema drama eke hama kotasakma pattatema un karala thibba.. digatama sub dendooo..

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  6. හර්ෂණ

    බොහොම ස්තුතියි නංගි. මම මුල් කොටස් දෙක බැලුවට පස්සේ ඔක්කොම ටික එක දිගට බැලුව. ආයේ සබ එන්න එන්න එකත් එක්ක බැලුව. හොදට තියේ. ඉක්මනට මේ වගේ තව රජ කතාවක් උස්සන් එන්න

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි අයියේ

  7. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට,
    මේ වගේම තවත් ලස්සන කතාවකින් හමුවෙමු,
    ජය වේවා....!

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  8. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  9. chamini

    thanks sis me wage lassana kathawakata sub kalata

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි.

  10. Silent$

    Thnxxxxxxxxxxxxxx...

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  11. Buddhi Prasad

    සබට බොහොම ස්තූතියී !! තව කතාවක් ඉක්මනට දෙන්ඩ ඈ... ඔබට ජයවේවා!!!

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  12. aruna

    tv show eka supiri ,, thawath digatama sub genna mewage tv show wala ,, obata gaya sis

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  13. Chami.S

    Thanks.
    Thawath lassana kathawakin hamu wemu.
    Good Luck..

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  14. Suu

    බොහොම ස්තූතියි :)
    තවත් ලස්සන කතාවකින් හමුවෙමු

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි අයියේ

  16. Dilini

    Godak lassana kathawak.eka digata sub dunnata thanks.thawa kathawak ikmanata denna...

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  17. subhash

    thnx akki sub ekata, aluth kathawak lagadima deawada.

    1. Helili Hemamali

      ස්තූතියි මල්ලි, ජනවාරි අන්තිමේ වගේ අලුත් කතාවක් ගේන්නම්කො

  18. Sampa

    Thankyou season එකම download කලා අලුත් korean tv series එකක් කරන්න please

    1. Helili Hemamali

      ස්තූතියි. මේ මාසෙ අග වෙද්දි දෙන්නම්.

  19. Randika Madushani

    thanks for su.. Lie to me korean drama akatath sub dennako.

  20. Chapa-anu

    korean drama sub ekaka dennako. Api asa korean drama walata

  21. Nuwan

    සබ් වලට බොහොම ස්තුතියි නංගි....පුළුවන්නම් මේ ටිකටත් සබ් දෙන්න - Radio Romance (2018) A Korean Odyssey (2017) My Shy Boss (2017)

  22. Randika Madushani

    a korean odyssey drama akata sub denna try karannako plz..

  23. khrsamaranayaka

    Sub tika hondatama thibba.thanks.puluwannam Remember – War of the Son kiyana korean tv series ekatath sub denna

  24. මයිකි

    කතාව නියමයි. තව අලුත් කොරියානු කතාවකටත් සබ් දෙන්න