The Vampire Diaries S03 Sinhala Subtitles ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝවම නැවතත් බයිස්කෝප් අඩවියට. ඉතින් වැම්පයර් දිනපොතේ තවත් පිටවුවක් පෙරළන්න තමයි මේ ලක ලෑස්තිය. වැම්පයර් ඩයරීස් තුන්වැනි කතාසමයේ තෙවැනි කතාංගය තමයි අද මෙලෙස රැගෙන එන්නේ. ඉතිං පෙර කතාංගයේ අපි දැක්කා ක්ලවුස්ගේ සැලැස්ම අසාර්ථක වුණු බ…

The Vampire Diaries S03 Sinhala Subtitles

ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝවම නැවතත් බයිස්කෝප් අඩවියට. ඉතින් වැම්පයර් දිනපොතේ තවත් පිටවුවක් පෙරළන්න තමයි මේ ලක ලෑස්තිය. වැම්පයර් ඩයරීස් තුන්වැනි කතාසමයේ තෙවැනි කතාංගය තමයි අද මෙලෙස රැගෙන එන්නේ. ඉතිං පෙර කතාංගයේ අපි දැක්කා ක්ලවුස්ගේ සැලැස්ම අසාර්ථක වුණු බව. ඒ වගේම ටයිලර් තමන්ගේ ඇත්ත ස්වභාවයත් සිය මව වුණු කැරොල් ලොක්වුඩ් මහත්මියට පෙන්වුවා. කැරොලයින්ට අනතුරක් නොවෙන්න වග බලාගන්න බවට ලොක්වුඩ් මහත්මිය ටයිලර්ට පොරොන්දු වුණත්, කැරොලයින්ව හිරකරගෙන ඉන්න බිල් ෆෝර්බ්ස් ගෙන් නම් එතරම් සතුටුදායක පිළිතුරක් ලොක්වුඩ් මහත්මියට ලැබුණේ නෑ. මේ ටික තමා පසුගිය කොටසේ විශේෂ සිදුවීම්.

අද කතාංගය පැත්තට හැරුණොත්, අද කොටස තරමක් වැදගත් වගේම තීරණාත්මක කොටසක්. ‍ක්ලවුස්ගේ සැලැසුම අසාර්ථක වීමත් නිසා ක්ලවුස්ට අවසානයේදි ඉතිරි වුණේ ස්ටෙෆන් විතරයි. ඉතිං ක්ලවුස්ට තම සැලැස්ම අසාර්ථක වීමට හේතුව දැනගන්න අවැසි වෙනවා. ඒ නිසා එයා යන්නේ බොහෝ කලකට පෙර දැනහඳුනාගෙන උන් කෙනෙකුගේ උදව් පතාගෙන. ඒ යන්නේ චිකාගෝ වලට. ඉතින් චිකාගෝ වලදි අහම්බෙන් ස්ටෙෆන්ගේ නෙත ගැටෙනවා ක්ලවුස් හා ඔහු එකට පෙනී සිටින ඡායාරූපයක්. බොහෝ කලකට පෙර ලබා ගත් ඡායාරූපයක් බව ස්ටෙෆන් තේරුම් ගන්නවා. ඒත් ඔහුට ඒ ගැන කිසිදු මතකයක් නෑ. ඇත්තටම මේක වුණේ කොහොමද? ස්ටෙෆන් ක්ලවුස් දෙදෙනා අතර පෙර සිට හැඳුනුම්කමක් තිබිලා වත්ද? එහෙම නම් ස්ටෙෆන්ට ඇයි මේ කිසිවක් මතක නැත්තෙ? මේ කොටස වැම්පයර් දිනපොතේ වඩාත්ම වැදගත් පිටුවක් ලෙස මම මුලදිම සඳහන් කලෙත් ඒ නිසාමයි. මේ අතර ස්ටෙෆන් චිකාගෝ වල බව දැනගත් ඩේමන් හා එලීනා දෙන්නත් චිකාගෝ නගරයට එනවා. ස්ටෙෆන් සමඟ තරහෙන් හිටපු ඩේමන්ගෙත් හිත පෙර කොටසින් පසුව වෙනස් වුණු බවක් අපි දැක්කා. ස්ටෙෆන්ව ආපහු ගෙදර ගේන එක තමා මේ දෙන්නාගෙම අරමුණ. ඩේමන් හා එලීනා දෙන්නගේ වෑයම මෙවරවත් සාර්ථක වේවිද? ඒවගේම කැරොලයින්ගේ පියා වන බිල් ෆෝර්බ්ස්නුත් කැරොලයින්ව නිකන්ම නිදහස් කරන පාටක් පේන්නත් නෑ. කැරොලයින්ව නිකන්ම ආපහු ලැබෙන්නේ නැති බව දැන් ලොක්වුඩ් මහත්මියටත් වැටහිලා තියෙන්නේ. ඉතින් කරොලයින්ව මේ ප්‍රශ්නෙන් මුදවා ගන්නේ කොහොමද? ඒ වගේම වැම්පයර් ඩයරීස් තුන්වැනි කතා සමයේ වැදගත්ම රහසක් හෙළිවෙන්නේ අද කතාංගයේදි තමා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ, ඒක මගහැරගන්න එපා කියලා තමා.

ඉතිං හැමෝටම අද කතාංගය නරඹන්න ආරධනා කරලා මම ලිපිය මෙතැනින් නිමා කරන්න තමයි මේ හදන්නේ. ඊළඟ කතාංගයෙන් නැවත හමුවෙමු. හැමෝටම ජය!

කථාංගයේ නම – The End of the Affair

විකාෂය වූ දිනය – 2011, සැප්තැම්බර් 29

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

202 downloadsDownload The-Vampire-Diaries-S03E03.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

විහඟ පියුමාල්

Subtitles

202 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.