ආයුබෝවන් යාලුවනේ , සීසන් 5 පුරා රසිකයන්ව ඇද බැඳ තබාගත් The Last Kingdom මහා කතා මාලාවේ අවසානම හෝරාව උදා වෙලා තියෙන්නේ. උත්‍රඩ් තමන්ගේ උරුමය වෙනුවෙන් කරපු ඒ දශක කිහිපයක සටනේ අවසානය කෙසේ සනිටුවන් වෙයිද? අපි යමු කතාව පැත්තට…….. බෙබන්බර්ග් කොටුවේ දොරටු ඇරගන්න බැරිව එඩ්වඩ් රජුගේ ප්‍රහාරය අසාර්ථක වෙන අතර…

ආයුබෝවන් යාලුවනේ , සීසන් 5 පුරා රසිකයන්ව ඇද බැඳ තබාගත් The Last Kingdom මහා කතා මාලාවේ අවසානම හෝරාව උදා වෙලා තියෙන්නේ. උත්‍රඩ් තමන්ගේ උරුමය වෙනුවෙන් කරපු ඒ දශක කිහිපයක සටනේ අවසානය කෙසේ සනිටුවන් වෙයිද?
අපි යමු කතාව පැත්තට……..
බෙබන්බර්ග් කොටුවේ දොරටු ඇරගන්න බැරිව එඩ්වඩ් රජුගේ ප්‍රහාරය අසාර්ථක වෙන අතරේ, ස්කොට්ලන්තයේ කොන්ස්ටන්ටින් රජු දරුණු උගුලක් අටවනවා. ඔහු එඩ්වඩ්ගේ හමුදාව ප්‍රපාතයේ කෙළවරටම තල්ලු කරලා විනාශ කරන්න හදද්දී, උත්‍රඩ් කොටුවෙන් එළියට ඇවිත් තමන්ගේ දුව ස්ටියෝරා හමුවෙනවා.
සටන පරාදයි කියලා හිතලා ස්ටියෝරා පසුබසින්න හැදුවත්, උත්‍රඩ් ඇයගෙන් සහ ඩේන්වරුන්ගෙන් ලොකු ඉල්ලීමක් කරනවා. “සැක්සන් සහ ඩේන්වරුන්ට සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් උතුරු දේශයක් නිර්මාණය කරමු” කියලා ඔහු පොරොන්දු වෙනවා. තමන්ගේ පියාගේ වචනය විශ්වාස කරලා ස්ටියෝරා ඇතුළු ඩේන් හමුදාව සටනට පනින්නේ මුළු සටනේම වාසිය උත්‍රඩ්ගේ පැත්තට හරවමින්!
සටන දරුණු වෙද්දී උහ්ට්‍රෙඩ් කොටුව ඇතුළට දුවන්නේ තමන්ගේ පරම සතුරා වුණු Wihtgar මුණගැහෙන්නයි. අවසානයේ තමන්ගේ පියා මරපු විට්ගාර්ව දරුණු විදියට මරා දාලා, දශක ගණනාවකට පස්සේ උත්‍රඩ් තමන්ගේ උරුමය වුණු බෙබන්බර්ග් කොටුව ආපහු දිනා ගන්නවා.
ඒ අතරේ කුමන්ත්‍රණකාරී ඇල්ෆ්හෙල්ම් තමන්ගේම මරණය තෝරාගනිද්දී, මුළු කොටුවම ගින්නෙන් අළු වෙන්න පටන් ගන්නවා. උත්‍රඩ් තමන්ගේ මරණය බලාපොරොත්තුවෙන් ඉද්දී, නොසිතූ විදියට අහසින් ඇද හැලෙන මහා වැස්සකින් ගින්න නිවී යන්නේ උත්‍රඩ්ගේ ජයග්‍රහණය ස්ථිර කරමින්!
ජයග්‍රහණයෙන් පස්සේ එඩ්වඩ් රජු බලාපොරොත්තු වෙන්නේ උතුරත් තමන්ගේ පාලනයට ගනීවි කියලා. හැබැයි උත්‍රඩ් නොසිතූ දෙයක් කරනවා. ඔහු ස්කොට්ලන්තය එක්ක ගිවිසුමක් ගහලා, උතුරු දේශය (Northumbria) ස්වාධීන පාලනයක් විදියට තියාගන්න තීරණය කරනවා. මේකෙන් එඩ්වඩ් රජු හොඳටම කේන්ති ගියත්, මහා යුද්ධයක් නතර කරන්න තිබුණු එකම මඟ ඒක බව උත්‍රඩ් පෙන්වලා දෙනවා.
කතාව අවසානයේ උත්‍රඩ් , ස්ටියෝරා සහ පුතා එක්ක තමන්ගේ නිවහනේ සතුටින් ඉන්නකොට, හිල්ඩ් (Hild) විසින් තරුණ ඔස්බර්ට්ව (Osbert – උත්‍රඩ්ගේ බාල පුතා) කොටුවට අරන් එනවා. තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම සිද්ධ වුණු දේවල් මතක් කරමින්, උත්‍රඩ් නැවත වතාවක් තමන්ගේ විශ්වාසය ලෝකයටම මතක් කරනවා…
කතා මාලාවේ අවසානය මොන වගේ වෙයිද? උත්‍රඩ් තමන්ගේ පුතාව හඳුනාගනියිද? මේ හැමදේම අඩංගු The Last Kingdom අවසාන කොටස සිංහල උපසිරසි එක්ක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා, සීසන් 5 පුරාවටම රැදී සිටි සියලු දෙනාටම ස්තුතියි තවත් මේ වගේම ලස්සන කතා මාලාවකින් හමුවෙනකන් හැමෝටම සුභ දවසක්…..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
196 downloadsDownload The-Last-Kingdom-S05E10.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු දිසානායක
Subtitles
1 comment
dimanka
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank u , Off Campus tv series eke sub denawada