The Vampire Diaries S03 Sinhala Subtitles කලින් කොටස බලලා රස විඳින්න ඇති කියලා හිතනවා. දැක්කනේ ක්ලවුස් කොහොම හරි මිනීපෙට්ටි ටික අරගත්තා. කොහොම නමුත් බොනීගේ අනතුරු හැඟවීමට පින්සිද්ද වෙන්න, ඩේමන් ට පුළුවන් වුනා එයින් එකක් උස්සන්න. ඒ තමයි අගුළු දාපු වගේම ක්ලවුස්ට වැදගත්ම මිනීපෙට්ටිය. ඒ වගේම ලොකු කුතුහ…

කලින් කොටස බලලා රස විඳින්න ඇති කියලා හිතනවා. දැක්කනේ ක්ලවුස් කොහොම හරි මිනීපෙට්ටි ටික අරගත්තා. කොහොම නමුත් බොනීගේ අනතුරු හැඟවීමට පින්සිද්ද වෙන්න, ඩේමන් ට පුළුවන් වුනා එයින් එකක් උස්සන්න. ඒ තමයි අගුළු දාපු වගේම ක්ලවුස්ට වැදගත්ම මිනීපෙට්ටිය. ඒ වගේම ලොකු කුතුහලාත්මක තැනකදීනේ කතාව ඉවර වුනේ. ඉතින් ඩේමන් ගේ ලොකු රහස තමයි ඒක. එයා එලයිජාව නිදහස් කරලා. ඉතින් එලයිජා අනිත් අතට හැරුන ගමන් එන්නේ ක්ලවුස් හොයාගෙන. මේ දෙන්න අතර මොනවයින් මොනවා වෙයිද?
එලේනාගේ සහ රික්ගේ කටයුතුත් අද එච්චරටම හොඳ නෑ වගේ. කලින් දවසේ මුහුණ දීපු අවුල් වියවුල් නිසා එලේනා කොහොමත් හොඳින් නෙවෙයි. ඒ වගේම රික් හිතනවා මෙරඩිත් කලින් සිදුවුණු මිනීමැරුම් වලට වගකිව යුතුයි කියලා. මේ අස්සේ ෂෙරිෆ් ෆෝබ්ස් එනවා එලේනා හොයාගෙන. මොකද ඇයට හමුවෙලා තියෙනවා එලේනා මේ මිනීමැරුම් වලට සම්බන්ධ කරන සාක්ෂි. මේ දේවල් සම්බන්ධ කරගෙන රික් එලේනා ට පැහැදිලි කරනවා එක එක තැන් වලදී ඒවාට මෙරඩිත් කොහොම සම්බන්ධ වෙන්න ඇතිද කියන එක.
ඩේමන් මේ අතරේ වෙනම සැලැස්මක් හදනවා වගෙයි. එයා ඒකට එලයිජා වගේම ස්ටෙෆාන් වත් හෙමිහිට එකතු කරගන්නවා. මේ අස්සේ ස්ටෙෆාන් සහ මායාකාර අම්මයි දුවයි සෑහෙන්න මහන්සියෙන් වැඩ කරනවා හතර වෙනි මිනීපෙට්ටියේ අබිරහස විසඳා ගන්න. එතකොට අද වත් එයාලා සාර්ථක වේවිද? මම නම් හිතනවා එහෙම වේවි කියලා. ඒ අස්සේ බොනීට දැනගන්න ලැබෙනවා එයාගේ අම්මගේ ඇතුලාන්තය ගැන තවත් විස්තර, එයා ටවුමෙන් යන්න හේතු සහ එයාලගේ බෙනට් පරම්පරාව ගැන විස්තර වගේ දේවල්. ඒ වගේම කැරොලයින්ටත් අද එච්චරම හොඳ දවසක් නෙවෙයි. එයාගේ තාත්තා වැම්පයර් ලේ නිසා සුව වුනා තමයි. ඒත් එයා ඒ ගැන එච්චර හිත හොඳින් නෙවෙයි වගේ. ඒ අස්සේ කැරොලයින්වත් අසරණ කරමින් එයාගේ ආදරණීය කෙනෙක් ලඟට මේ වතාවේ අර අබිරහස් මිනීමරුවා කිට්ටු වෙනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කලින් දවසටත් වඩා කුතුහලයක් අද කතාව අවසාන වෙද්දී ඔයාලට දැනේවි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
158 downloadsDownload The-Vampire-Diaries-S03E13-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


