Watch Trailer

The Last of Us [S01: E02] Sinhala Subtitles | විවෘත නගරේ ආසාදිතයෝ [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරන් එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි කොටස ගැන කියනවා නම් නොසිතූ ලෙස ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රෙතිචාර ප්‍රමානයක් ගන්න හැකි වෙනවා. එනම් එය නිකුත් වූ දිනයේ බොහෝ පරිශීලකයන් ප්‍රමානයක් එය නැරඹීමට ගිය නිසා HBO Max ස්ට්‍රීමින් සර්විස් එක බිඳ වැටීමකටද ලක් වෙමින්. ඒ අනුව නැ…

ඔන්න එහෙනම් මේ අරන් එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ දෙවෙනි කොටස.

පලවෙනි කොටස ගැන කියනවා නම් නොසිතූ ලෙස ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රෙතිචාර ප්‍රමානයක් ගන්න හැකි වෙනවා. එනම් එය නිකුත් වූ දිනයේ බොහෝ පරිශීලකයන් ප්‍රමානයක් එය නැරඹීමට ගිය නිසා HBO Max ස්ට්‍රීමින් සර්විස් එක බිඳ වැටීමකටද ලක් වෙමින්. ඒ අනුව නැරඹුම්වාර මිලියන 4.7 අරගෙන 2010 පසු HBO හරහා නිකුත් වූ ආරම්භක දිනයෙදී දෙවෙනියට වැඩියෙන්ම නැරඹූ කතා මාලාව වෙන්න මෙය සමත් වෙලා තියෙනවා. එහි පලමු තැන තියෙන්නේ හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතා මාලාවේ ප්‍රිමියර් එක, ඒ මිලියන දහයකට ආසන්න නැරඹුම්වාර ප්‍රමානයක් අරගෙනයි. මෙම කතාමාලාව නිර්මාණය කරන්නේ ලාස්ට් ඔෆ් අස් වීඩියෝ ගේම් එකේ කතා රචකයා වෙන Neil Druckmann සහ අප කවුරුත් හොඳින් දන්නා Chermobyl කතා මාලාව නිපදවූ Craig Mazin යන දෙදෙනායි.

කතාව ගැන මතක් කළොත්, මෙහි කතාව දිව යන්නේ දිලීර අසාදනය වීමක් නිසා මිනිසුන් සොම්බි මෙන් විකෘති වීමක් ගැන. මේ වසංගතය මුලින්ම ඇරඹෙන්නේ 2003දි. එහිදී ඇතිවෙන කලබලකාරී තත්වයන් නිසා මෙහි ප්‍රධාන කතා නායකය වෙන ජෝල්ට තමන්ගේ දුවව අහිමි වෙනවා. ඉන්පසු අපට කතාවෙන් දැකගන්න පුළුවන් වෙන්නේ ඊට අවුරුදු 20කට පසුවයි. ඒ වන විට සම්පූර්නයෙන්ම තත්වය වෙනස් වෙලා. බොස්ටන් වල මිනිස්සු කන්ඩායම් වලට බෙදිල, නිරෝදායන ප්‍රදේශයක තමයි ජීවත් වෙන්නේ. මිලිටරි පාලනයක් තමයි ඒ වන විට ඇති වී තියෙන්නෙ, ඒකට කියන්නේ ෆෙඩ්‍රා කියලා. මේ ෆ්‍රෙඩ්‍රා එකට විරුද්දව ස්වාදීනත්වය ඇති කරන්න තව පිරිසක් මුල් කොට ගෙන කන්ඩායමක් හැදිල තියෙනවා, ෆයර්ෆ්ලයි නමින්. මේ අය අතර නිතර නිතර ගැටුම් ඇති වෙනවා. මේ අතරෙ ජෝල් ජීවත් වෙන්නේ එක එක වෙළදාම් කරමින්. ඒ වන විට ජෝල්ට ප්‍රශ්නයක් ඇතිවී තියෙනවා තම සහෝදරය වන ටොමී අතුරුදහන් වීම. ඔහු නිරෝදායන ප්‍රදේශයෙන් එළියට ගොස් සතියක් යන තුරුත් තොරතුරක් නැති නිසා ජෝල් තීරණේ කරනවා ඔහුව හොයන්න යන්න. ඒකට ඔහුට ට්‍රක් එකක් ඕන වෙනවා, ට්‍රක් එකක් හම්බුනත් ඒකට බැටරියක් නැති නිසා රොබට් නම් පුද්දලයෙක්ට ගෙවල බැටරියක් ගන්න සැලසුම් කරනවා.

මේ අතරෙදි රොබට් මෙයාලගෙන් මුදලුත් අරන් හොර රහසේම ඒ බැටරිය ෆයර්ෆ්ලයි එකේ නායිකාව වෙන මාර්ලීන්ට විකුණනවා. පසුව ජෝල් ඒ බැටරිය ගන්න මාර්ලීන්ව හොයාගෙන ආව මොහොතෙදි ඇය ජෝල්ට වගකීමක් භාරකරනවා එලී කියන ගැහැනු ළමයව නිරෝදායන ප්‍රදේශයෙන් පිටත තියෙන ඕල්ඩ් ස්ටේට් හවුස් එකේ ඉන්න ෆයර්ෆ්ලයි කන්ඩායමට ඇයව භාර දෙන්න කියලා. එහෙම කළොත් එයාල ජෝල්ට හොඳ ට්‍රයි එකක් වගේම තුවක්කුත් දෙන්න පොරොන්දු වෙනවා. පසුව ජෝල් ඇතුලු පිරිස එලීවත් අරන් ඕල්ඩ් ස්ටේට් හවුස් එක බලා යන්න ගමන පිටත් වෙනවා.

එම ගමනෙදි සිදුවෙන දේවල් ඔයාලට මේ කොටසෙදි බලාගන්න හැකි වේවි. දැං මෙයාල නිරෝදායන ප්‍රදේශයෙන් පිටතට ඇවිත් ඉන්න නිසා ආසාදිතයන්ව හමුවෙන්න පටන් ගන්නවා. මේ කතාවට අනුව ප්‍රධාන වශයෙන් ආසාදිතයන් වර්ග හතරක් ඉන්නවා.

1. රනර්(පළමු අවධිය)
මෙයාල තමයි ආසාදිතයන්ගෙ මුල්ම අවධිය වගේම දුර්වලතම අවධිය. ආසාධනය වෙලා දින දෙකක් ඇතුලත වගේ මෙයාල මේ තත්වෙට පත්වෙනවා. මනුශ්‍ය පෙනුම ඒ විදිහටම තිබුනත් නහයෙන් කටින් ඇහෙන් ලේ පෙරාගෙන ඉන්නෙ. මේ කාලයෙදි තමයි දිලීරෙ මොලේ ඇතුලෙ වර්ධනය වෙන්න ගන්නෙ ඒ නිසා මොවුන් වේදනාවෙන් කෑගහන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මොවුන් තමයි ආසාදිතයන්ගෙන් වේගවත්ම. බොහෝ වෙලාවට කන්ඩායම් පිටින් ඇවිත් පහර දෙනවා. ඒ වගේම ඇස් පෙනීමත් තියෙනවා.

2. ස්ටෝකර්(දෙවෙනි අවධිය)
මෙම අවධියෙදි දිලීරය ධාරකයාගෙ ඔලුව, මුහුන කඩාගෙන වර්ධනය වෙන්න ගන්නවා. මේ කාලෙදි ධාරකයාට ඉතුරු වෙන්නේ එක ඇසක් විතරයි. ඒ නිසා ගොඩක්ම මොවුන් දඩයම් කරන්නේ වවුලෙක් මෙන් ශබ්ද තරංග ආධාරයෙන්. ඒ වගේම ඔවුන් ඝෝශාකාරී ශබ්ද ඇතිකරනවා. මොවුන්ගේ ශක්තියත් වැඩී ඒ වගේම කපටී. මොවුන් දඩයම් කරන්නෙ හැංගිලා ඉදල එක පාරටම ආවේගශීලීව කඩා පැනලයි.

3. ක්ලිකර්(තුන්වන අවධිය)
මේ අවධිය වෙනකොට ආසාධනය වෙලා දිගු කාලයක් ගතවෙලා නිසා පෙනුම සම්පූර්ණෙන් වෙනස් වෙලා වගේම මනුස්සයෙක්‍ට වඩා සැලකිය යුතු විධිහට ශක්තියත් වැඩි වෙලා තියෙනවා. මොවුන්ගේ ඔලුව පලාගෙන දිලීරය ගොඩක් වර්ධනය වෙලා තියෙන්නෙ ඒ නිසා ඇස් පෙනීම සම්පූර්ණෙන් නැති වෙලා. මොවුන් අවට ප්‍රදේශය ගැන අදහසක් ගන්නේ ශබ්දයන් පාවිච්චියට අරගෙනයි. ඒ වගේම මොවුන්ගේ වේගයත් සෑහෙන දුරට අඩුයි.

4. බ්ලෝටස්(හතරවන අවධිය)
මේක තමයි ආසාධිතයන්ගෙ ගොඩක් භයානකම අවධිය. මොවුන් හිතාගත නොහැකි තරම් ශක්තිමත්. මොවුන් අනෙකුත් ආසාදිතයන්ට වඩා බෙහෙවින් විශාලයි. මොවුන්ගේ ශරීරෙ පුරා සවිමත් ලෙස ඝනව දිලීර වැඩිල තියෙනවා. මේවා යකඩ තහඩු මෙන් ඝනව වැඩිල තියෙනවා, ශොට්ගන් වලට පවා ඔරොත්තු දෙන ආකාරයෙන්. ඒ වගේම මොවුන්ගෙ ඇග ඇතුලෙ විශ වායු පුරවන් ඉන්නවා සහ ඔවුන්ගේ වේගය ගොඩක් අඩුයි. ඔවුන්ගේ පෙනීමක් ඇත්තෙම නෑ මොකද දිලීර මුහුන විනාශ කරල තියෙන නිසා. ශබ්ද තරංග පාවිච්චියෙන් තමයි ඔවුන් දකින්නේ. ඒ වගේම ගොඳුරක් හෙම අහුවුණොත් මරලම දාන්නෙ නැතුව අතාරින්නෙ නෑ.

එහෙනම් ඕක තමයි මෙතෙක් කතාව සහ ආසාධිතයො ගැන විස්තරේ. ආය ලබන සතියෙ කොටසෙන් හමුවෙමු. ජයවේවා.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

19,095 downloadsDownload The.Last_.of_.Us_.S01E02.zip1.0 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

19,095 downloadsDownload Subtitles1.0 MB

22 comments

  1. සංජන චමෝද්

    දකිනකොට බලන්නමයි හිතෙන්නෙ. 🥺
    කොහොම හරි ඉවසන් ඉන්නව. 😁

  2. Ravindra

    Thanks sub ekata

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  5. Das

    gindara.. hoda lipiyakuth liyala..

  6. Tharindu Virajith

    bohoma sthuthi sahodaraya

  7. Anonymous

    thank you

  8. Tharuka Fernando

    Jayen jaya wewa ikmnata sub eka genawata

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. විමා

    සබට බොහොම ස්තුතියි මලේ.
    කතාව නම් සුපිරි.

  11. viraj

    thanks..........

  12. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි ...❤

  13. nipuna

    thanks you

  14. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  15. sahangayantha

    Thanks a lot saho sub ekata

  16. Anonymous

    Tnx sub ekt bro❤

  17. Pavith Wijesooriya

    සබට තුතිවේවා අයියේ... කතාව නම් පහරක්...

  18. Anonymous

    Thanks Brother

  19. Dewadithya

    Thanks for Sub!

  20. Manu

    Goda sthuthi.. Jaya wewa!

  21. Udara Damith

    eeeeeeeee

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P