ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් දෙවන සීසන් එකේ අන්තිම එපිසෝඩ් එක. ඔව්, මේ පාර ගිය සීසන් එකේ වගේ එපිසෝඩ් නමයක් නෑ, හතයි තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි මේක තුන් වෙනි කතා සමයක් දක්වාත් දීර්ග කරලා ඉවරයි. මේ කොටස බලලා ඉවර වුණාම ඔයාලට තේරෙයි ඒ සීසන් එක කවුරු සහ මොකක් ගැනද කියලා. ඒ […]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් දෙවන සීසන් එකේ අන්තිම එපිසෝඩ් එක. ඔව්, මේ පාර ගිය සීසන් එකේ වගේ එපිසෝඩ් නමයක් නෑ, හතයි තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි මේක තුන් වෙනි කතා සමයක් දක්වාත් දීර්ග කරලා ඉවරයි. මේ කොටස බලලා ඉවර වුණාම ඔයාලට තේරෙයි ඒ සීසන් එක කවුරු සහ මොකක් ගැනද කියලා. ඒ වගේම මේකේ නිර්මාපකයොත් ඒ ගැන තහවුරු කරලා තියෙනවා, තුන් වෙනි කතා සමය ඇබීගේ කතාව මුල් කරගෙන පෙන්නනවයි කියලා.
කතාව ගැන මතක් කරගත්තොත්, ඇබීගෙන් පලිගන්න හිතන් එලී සහ ඩීනා සියාටෙල් වලට ආවහම හිතුවෙ නැති යුද්ධෙක පැටලෙනවා. වෘකයෝ සහ ස්කාර්ලා අතරේ. මේවත් මැද ඇබීගේ කන්ඩායමේ කෙනෙක් වුණ නෝරව හොයන් ඇගෙන් දැනගන්නවා ඇබී ඉන්න තැන ගැන වචන දෙකක්. ඒ තල්මහා සහ රෝදෙ. මේ වචන දෙක පාවිච්චි කරලා එලී ඇබීව හොයාගනීද?
මේත් එක්කම එලී දැනගන්නවා ඩීනා ප්‍රෙග්නට් බව. ඒ වගේම ජෙසී සහ ටොමීත් මෙයාලව හොයන් සියාටෙල් එනවා. දැන් කතාව ගොඩක් විසිරිලා තියෙන්නේ. මේකෙන් අපිට බලාගන්න පුළුවන් මේ කට්ටිය නැවත එක්වෙයිද සහ නැවත ගෙදර යාගන්න හැකි වෙයිද කියන එකත්. මේකේ අවසානයත් නොහිතපු පැත්තකට හැරෙනවා.
දැන් හැමෝම ඇබීට වෛර කරද්දි තුන් වෙනි කතා සමයෙන් ඒක වෙනස් වෙයි. කවුද ඇත්තටම හරි කවුද වැරදි කියන කෝනේ ඇබීගේ කතාවත් එක්ක වෙනස් වෙයි. ගේම් එක ගැන දන්න අය නම් ඒ ගැන දන්නවා ඇති. එහෙනම් මෙතනින් දෙවෙනි කතා සමයට තිත තියෙනවා.
මේ වෙනකොට මේ අවසාන කොටසට IMDb දර්ශකේ 6.7 අගයක් ලැබිලා තියෙනවා. හැබැයි මගේ මතේ නම් මේ සීසන් එකේ තිබ්බ පෙලක් කොටස් වලට වඩා නම් මේක සෑහෙන්න හොඳයි. මේකේ දෙවෙනි එපිසෝඩ් එකට පස්සේ මං කැමතිම එපිසෝඩ් එක තමයි මේක, දෙවෙනි කතා සමයෙන්. මොකද මේකෙ අවසාන හරිය සුපිරියට යනවා සහ දාරානිපාත වැස්සේ මේ කොටස යන නිසා මේ කාලෙට බලන්න නියමයි. කොහොම හරි සමස්තයක් විදිහට ගත්තාම IMDb දර්ශකේ මනාප හරියටම 663,000කින් 8.6 සෑහෙන්න ඉහල අගයකුත් කුණු තක්කාලි 95% නැවුම් ප්‍රතිශතයකුත් ගන්න මීට හැකිවෙලා තියෙනවා. හැබැයි පලවෙනි කතා සමයට සාපේක්ෂව දෙවෙනි කතා සමයේ නැරඹුම් වාර සෑහෙන්න පහත වැටිලා තියෙනවා. පලවෙනි සීසන් එකේ අන්තිම කොටසේ නරඹුම් වාර මෙන් 55% අඩු වෙලා තියෙනවා දෙවෙනි සීසන් එකේ අන්තිම කොටසේ නැරඹුම් වාර. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේකට එලීගේ චරිතයෙන් රංගනයෙන් දායක වුණ බෙලා රැම්සි සහ එලීගේ චරිතය ගේම් එකට වඩා සෑහෙන්න විකෘති කර තිබීම. මොකද ගේම් එකේදි ජෝල් මැරුණයින් පස්සේ එලී තනිකරම වෙනස් වෙලා දරුණු වෙනවා, දුකෙන් පිරෙනවා. සතුටක් හොයාගන්නවත් නැති තරම්. කොටින්ම ඩීනා ගැබ් අරන් කියනකොටත් එලී ඩීනට බනින එකයි කරන්නේ එයා බරක් කියලා දැන්. ඒත් සීරිස් එකේ නම් ඒවා සෑහෙන වෙනස්. හිනා වෙවී ඩීනා එක්ක විහිළු කරනවයි. ඩීනා ගැබ් අරන් කිව්වම තාත්තෙක් වෙන්න යනවයි, වගේ ප්‍රේක්ශකයන්ගේ අප්‍රසාදය දිනාගන්නා විකාර ඔබල තිබුණා. ඉතිං දෙවෙනි සීසන් එක මේ විදිහට කඩා වැටෙන්න ඒවාද හේතු වෙන්න ඇති.
කොහොම හරි දැන් ඒවා ඉවරයි. අපි බලමු තුන් වෙනි සීසන් එකවත් මෙයාල කන්නැතුව ගොඩ දායිද කියලා. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,591 downloadsDownload The-Last-of-Us-S02E07-baiscopelk-sinhala-subtitle.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
8 comments
Asanga Basooriya
Sandaru Nimsara
Thank you
Buddhika laKMal
ස්තූතියි ඔලිවර් සහෝ මේ සීරිස්එකට සබ් දුන්නට....
මේක කම්ප්ලීට්කරන්න සහයෝගය දුන්නු හැමෝටම ස්තූතියි........Amila senarathne
Thannx bro හම්බෙමු
Anonymous
ස්තූතියි ඔලිවර් සහෝ මේ සීරිස්එකට සබ් දුන්නට….
Anonymous
thank you
Nimesh Darshana
Thanks for the complete season sub, well done!
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S02: E07] Sinhala Subtitles | පළිගැනීමේ ප්‍රතිවිපාක! [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Last-of-us-s02-c-1.jpg)


bohoma sthuthi...jayama wewa