Watch Trailer

Devil May Cry [S01 : E07 & E08] Sinhala Subtitles | නොනිමි යුද්ධයේ ආරම්භය [සිංහල උපසිරසි]

Devil May Cry Sinhala Subtitles Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry ඇනිමේෂන් කතා මාලාවේ 7 සහ 8 කොටස් හෙවත් Season 1 හි අවසාන කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. යක්ෂ දඩයක්කරුවන්ගේ බලකාය එහෙමත් නැතිනම් ඩාර…

Devil May Cry Sinhala Subtitles

Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry ඇනිමේෂන් කතා මාලාවේ 7 සහ 8 කොටස් හෙවත් Season 1 හි අවසාන කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

යක්ෂ දඩයක්කරුවන්ගේ බලකාය එහෙමත් නැතිනම් ඩාර්ක්කොම් (DARKCOM) හි බලකායේ නායිකාව ලුතිනන් මේරි ආකම්, සුරය සහ හාවා හොයාගෙන ගොඩනැගිල්ලක් ඇතුලට යනවා. ඒ ගොඩනැගිල්ලෙදි තවත් යක්ෂයින් ඇයට හම්බ වෙනවා. කිසිම සටන්කාමී බවක් නොපෙන්වන මේ යක්ෂයින් අපායෙන් හාවත් එක්ක ආපු සරණාගත යක්ෂයින් බව ඇය දැනගන්නවා. ඒ අතරේ හාවාගේ ගෝලයින් දෙන්නෙකුට අහු වුනු ඩාන්ටේ සැබවින්ම යක්ෂ නයිට්වරයෙක් වෙන ස්පාඩාගේ පුතෙක් බව ඔහුගේ ක්‍රියාවන්ගෙන්ම ඔප්පු වෙනවා. ඩාන්ටේගේ ළමා කාලයේ වුනු සිදුවීම් කිහිපයක් වගේම, ලුතිනන් ආකම්ගේ ළමා කාලයේ ඇයට මුහුණ දෙන්න වුනු ඛේදනීය සිදුවීමත් අපිට දැනගන්න ලැබුනා. ඒ විතරක් නෙමෙයි කතාවේ විශේෂම අතීතාවර්ජනයක් තමයි සුදු හාවාගේ අතීතය අපිට දැනගන්න ලැබුනු එක. ඇත්තෙන්ම මිනිසුන්ගේ හැසිරීම ඔහුව මේ තත්වයට පත් කළායි කියන කාරණාව හාවාගේ අතීතය දිහා බැලුවම අපිට කියන්නත් පුලුවන්.

ටිකෙන් ටික එක එක්කෙනාගේ අතීත‍යත් සමඟින් වර්තාමානයේදී මේ හැමෝම එකම අරගලයකට පැටලෙන විදිහ අපිට දකින්න ලැබුනා. දෙමුහුම් යක්ෂයෙක් වෙන ඩාන්ටේ, යක්ෂයින්ගේ මරණය හොයන ලුතිනන් ආකම්, යක්ෂයින්ට යහපත් ජීවිතයක් හොයන සුදු හාවා සහ මේ හැම දෙයක්ම යුද්ධයක මූල බීජය යැයි හිතන උප ජනාධිපතිතුමා, මේ කතාවේ එකට මුණ ගැහෙන බව අපිට පෙනුනා. ඉතින් සාර්ථක වෙන්නෙ මනුෂ්‍යත්වය රකින්න උත්සහ කරන ලුතිනන් ආකම් සහ උප ජනාධිපතිතුමාද? නැත්නම් මනුෂ්‍යත්වය නසා යක්ෂයින්ට අලුත් ලෝකයක් උරුම කරන්න හොයන සුදු හාවාද? මේ පැති දෙකෙන් ස්පාඩාගේ පුතා හෙවත් දෙමුහුම් යක්ෂයෙක් වෙන ඩාන්ටේ ගන්නෙ මොන පැත්තද? මිනිස් ලොව සහ අපාය එකට ගැටේවිද?

මේ Devil May Cry කතා මාලාවේ අවසානයත් එක්ක තවත් සුභ ආරංචියක් නිකුත් කෙරුනා. ඒ තමයි කතාවේ මීළඟ Season 2 නිළ වශයෙන් නිවේදනය කරපු එක.

Devil May Cry Season 2 වෙනුවෙන් නිකුත් කළ Key Visual එක

ඉතින් ඔබ හිතුවෙ නැති විදිහේ කතා අවසානයක් ඔබට සමහරවිට ලැබේවි. ඒත් ඒක මොකක් වුනත්, ඒ අවසානය තවත් බලාපොරොත්තුවක් දල්වමින් ඉහළම මට්ටමක තියෙන බවයි මගේ පුද්ගලික අදහස වෙන්නෙ. ඉතින් නරඹන්න මේ Devil May Cry අවසානය. මගේ 49 වන තනි උපසිරැසි ගැන්වීම විදිහට අරන් ආපු මේ Devil May Cry කතාවෙන් පසුව මීළඟට විශේෂ ඇනිමෙ චිත්‍රපටයක් ඔබ හමුවට අරන් එන්නයි බලාපොරොත්තු වෙන්නෙ. Season 2 නිකුත් කරපු කාලයක ඒ උපසිරැසිය තුලින් ආයෙත් මුණ ගැහෙමු. Devil May Cry උපසිරැසි මාලාව ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්න අමතක කරන්න එපා. මීළඟ ඇනිමෙ උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Devil May Cry Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

788 downloadsDownload Devil.May_.Cry_.S01E07E08.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Devil May Cry Sinhala Subtitles

All BT1Next BT1

 

Subtitles

788 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Dilshan buddika

    සබ් එක නම් සුපිරි ❤️❤️❤️ thank you

  2. Ridl3r

    සුපිරි ඊලග සීසන් එක එනකම් බලන් ඉන්නවා

  3. Dasun Lakruwan

    සුපිරි හස්සා..මාර කඩයිමක් ඉතින්.ඇනිමේ ඇනිමේශන් කලාවේ පොරක් තමයි ඉතින් ඔයා

  4. uv

    season 2 eke sub eka oneeeee

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.