2017 අගෝස්තු මාසයේ 20 වන දිනයෙන් ආරම්භ වුනු The Last Ship කතා මාලාවේ අවසානයට තමයි හැම දෙනාම මේ ඇවිත් තියෙන්නේ. මාස දෙකක කාලයක් වගේ කෙටි කාලයක් ඇතුලත රූපවාහිනියේ තිරගත වෙන්නට වුනු මේ කතා මාලාව කොටස් 10කින් සිව්වන සමය අවසාන කරන්නට යෙදෙනවා. ගොඩක් දෙනෙක් කතාවට තිබුනු ආසාව නැතිවෙලා ගියේ නම් ටෙක්ස් මැරුණ…
2017 අගෝස්තු මාසයේ 20 වන දිනයෙන් ආරම්භ වුනු The Last Ship කතා මාලාවේ අවසානයට තමයි හැම දෙනාම මේ ඇවිත් තියෙන්නේ. මාස දෙකක කාලයක් වගේ කෙටි කාලයක් ඇතුලත රූපවාහිනියේ තිරගත වෙන්නට වුනු මේ කතා මාලාව කොටස් 10කින් සිව්වන සමය අවසාන කරන්නට යෙදෙනවා. ගොඩක් දෙනෙක් කතාවට තිබුනු ආසාව නැතිවෙලා ගියේ නම් ටෙක්ස් මැරුණට පස්සේ. තෙවනි සමය අවසානයෙන් පස්සේ සිව්වෙනි සමය මොන විදියට ආරම්භ වේවිද කියලා පුදුම වෙවී හිටපු අපි දැන් අවසානයත් හමාර කර අවසානයි. නමුත් සිව්වන සමයේ අවසානයේදීම පස්වන සමය මොන වගේ වේවිද කියලා පොඩි ට්‍රේලර් එකකින් අපිට දැක බලාගන්න ලැබුනා.
ඊයේ රෑ 1.30 ට විතර උපසිරැසිය කරලා ඉවර කලත් දැන් තමයි ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනේ. ඒ සැනින්ම තමයි මේ ලිපිය ලියලා පල කරන්නේ. කොහොම වුනත් 9 වෙනි කතාංගයේදී ටෙක්ස්‘ගේ දුව කැතරින් නෝලන්ට අලුත් කෝල් සයින් එකක් ලැබුණා කියුපිඩ් කියලා. ඒ වුනත් වැලෙක් හිටපු නැවෙන් ප්‍රහාර එල්ල වෙලා රේසර් සහ සන්ශයින් දෙන්නම හෙලිකොප්ටර් එකේදී මැරෙනවා. ඒත් නෝලන්ට එතනින් පහසුවෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ සන්ශයින් තමුන්ගේ හෙලිකොප්ටරය ඇල කරලා නෝලන්ට පනින්න ඕනේ විදියට හදලා දුන්නු නිසා. කොහොම වුනත් සන්ශයින් සිව්වන කතා සමයෙන් කතාවට සම්බන්ධ වුනත් ගොඩක් අත්දැකීම් තියෙන ගුවන් නියමුවෙක් විදියට තමයි කතාව අතරතුරදී දැනගන්නට ලැබුනේ. වෙනත් යුද්ධ වලදී වගේම මේ යුද්ධය අතරේදීත් කිහිප දෙනෙකුට මරණයට පත්වෙන්න සිද්ධ වුනා. ෆ්ලෙචර් අතින්, ෆ්ලෙචර්ගේ මිත්‍රයා හැරී අතින් වගේම ග්‍රීක නැව් සමග සිදුවන සිදුවන සටනින් සහ ඕමාර්ගේ ප්‍රහාරයෙන් යන සිදුවීම් වලින්. වෙනදා නම් එදා මෙදා තුර කතාවේ මියගිය චරිත ගැන ලැයිස්තුවක් හෝ දෙනවා. මෙදා පාර ඒ ටික හදාගන්න වෙලාවක් තිබුනෙත් නෑ. ලිපිය නම් හිතුව තරම් හොදට ලියාගන්න බැරිවුනා. ඉක්මනටම උපසිරැසිය දෙන්න ඕනේ නිසා.
කොහොම නමුත් 9 වෙනි කතාංගය තමයි දැනට කතා මාලාවේ අපට දකින්න ලැබෙන සුපිරිතම කතාංගය. ඉස්සර නම් කතාව මැද්දෙත් ලොකු ලොකු ක්‍රියාදාමයන් අපිට දකින්න ලැබුනත් ගොඩක් අයට දැන් කතාව නීරස වෙලා ඇත්තේ කතාව මධ්‍යයේ ලොකු ලොකු යුධ සටන් කටයුතු මුහුද මැද බහුලව සිදුවෙනවා දකින්න නොලැබෙන නිසා වෙන්න ඇති. සීසන් එක පුරාවටම දකින්න නොලැබුනු ඒ යුධ සටන් දර්ශණ වලට හරියන්න නේතන් ජේම්ස් සාර්ථකව හයිඩ්‍රා පන්තියේ ග්‍රීක යුධ නැව් තුනක් ගිල්ලනවා. ඒත් අද කතාංගයෙන් අල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ වැලෙක් සහ බීජ ටික රැගෙන යන සිව්වෙනි නෞකාව. අද කතාවෙත් අඩු නැතුව ක්‍රියාදාම දකින්න ලැබෙන බව නම් හොදාකාරවම දන්නවා. ඒත් මට නම් හිතෙන විදියට කලින් පෙන්වපු සීසන් වලට වඩා මේ සීසන් එක ගොඩක් අයට වැඩිය අල්ලලා ගියේ නැති ගතියක් තියෙනවා. කොහොම නමුත් 2018 අවුරුද්දේ අපිට ඊටත් වඩා සුපිරිම විදියට ලෝක මට්ටමින්, අවි යුධමය සහ සයිබර් යුද්ධ යන දෙකම බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම සීසන් 4 තුල දකින්න නොලැබුණු චරිතත් සීසන් 5 වෙතින් දැකගන්න ලැබෙන බවක් පේන්න තියෙනවා. කොහොම නමුත් ලොකු ලිපියක් ලියන්න බලාපොරොත්තු වුනත් ඒ වැඩේ කරගන්න බැරිවුනා. කතාව රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අවසන් නෞකාවේ සිව්වන සමය මේ විදියට සමාප්තියට පත් කරනවා. හැමදාම කියනවා වගේ පුළුවන් කමක් ලැබුනොත් 5වෙනි සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
You’re right doctor. I have seen the worst in people, the worst in myself. But i’ve also seen strenght in others that you wouldn’t belive, and kindness that would bring you to tears.
==============================================================
Being human isn’t about cutting out the darkness. It’s about fighting, every day, to find the light!
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
39,661 downloadsDownload The-Last-Ship-S04E10.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
92 comments
dilan
පැතුම් චතුරංග
තැනකු අයියේ සබට..
ජය වේවා!!!සිසිල ප්‍රසාද්
උපසිරසියට ස්තුතියි, ප්‍රනීත් සහෝ.
සීසන් පහෙන් හම්බෙමු.
ජය!Thisal Lakpura
තැන්ක්ස් සබ් මැශිම ;)
Eranga Sandaruwan
හප්පට. මේක ඉවරද?? ආයේ ඉතින් අවුරුද්දක් බලන් ඉන්න එපාය..
උප සිරැසියට බෝම ස්තූතියි..
මොකද්ද පුලුවන් කමක් ලැබුනොත්??
දුන් නැත්තන් බලා ගමු..Sajeevi
Thanks a lot.
Ishanka
Thanks bro
yasith
sub akata thanx machan,,,jayen jaya
dasun
kiyala wadak ne pattama sub eka thibba, ilaga eketh oyama sub dipn mchn wena aya epa.. uba supiri
janithhashan
ela machan
දිල්ශාන් සචින්ත
අම්මෝ බොහොම ස්තූතියි ප්‍රනීත් අයියා. දෙනක්න් බකන් උන්නේ....
Bhanuka
මරු කතරට දිය පොදක් ඉස්සා වගේ ...,බොහොම ස්තුතියි සහෝ ..,ඊලග සීසන් ඒකත් ලබාදීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ...,
Dihan lakshitha
thanks machan...
Kawshalya Dushyan
9 නම් අායෙ මල් හතයි...මෙයිලන් හානිපූරකය...:-P සබට තුති ප්‍රණීත් අයියේ...ඉවසන්න බැරුව ඊයෙ බැලුවා.අායෙ බලනවා සබත් එක්ක...ජය වේවා.ඊළඟ එකත් අයියම දෙමු. අන්තිම නැව නං ප්‍රණීත් තමයි...
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
අම්මෝ අයියේ ලිපියේ අන්තිම ටික කියෙවුවාම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. හැම එකාම වගේ කිවුවන්නේ මේ සීසන් එකෙන් කතාව නවත්වනවා කියලා..එහෙම උනානම් වැඩක් නෑ ඉතිං.කලින් සීසන් තරම් මේ සීසන් එකේ යුද්ධ එහෙම අඩු උනත් කතාවක් විදියට නියමෙට ගියා. අනේ අයියේ ඔයාම ඊලග සීසන් එකටත් සබ් කරන්න හොදේ. The Last Ship කියලා නම වැටෙනවා වගේම තමයි "ප්‍රණීත් චින්තක රණසිංහ" කල උපසිරැසි ගැන්වීමක් කියලා වැටෙනකොටත් පට්ට ගැම්මක් එන්නේ.. මේ සීසන් එකටත් ගානට වෙලාට සබ් එක දුන්නට බොහොම පිං අයියේ.. තවත් උපසිරැසකින් හමුවෙමු..ජය වේවා..!
******************බුදුසරණයි******************මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි ප්රනීයෝ..
ඔබතුමාගේ සබ නැත්නම් ලාස්ට් ෂිප් කියන්නේ ඉතින්
ලුණු නැති පරිප්පු හොද්දක් වගේ වෙනවා. අම්මපා..
ඒ නිසා ඊලග සීසන් ඒකත් ආව දවසක ගේමු අපි වගේ ගැත්තන්ට
අනුකම්පා කරලා. ජය වේවා...Udara Damith B/K
සහතික ඇත්ත මධුකප්‍රිය අයියා
Nirodhauthpala
Meka ikmanatama ivara karapu eaka gana mage uttamacharaya bro obata jaya bro season 5 valin hambavena neh ...... digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Buddhika Lakmal (laKMal)
sub ekata thanaksssss..... 5th Umbama deepan.. nathnam wedak ne ban......
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි
මාස්ටර් චීෆ් කියන්නේ කැප්ටන් ටත් වඩා ඉහළ තනතුරක්ද...Nikagoda Nagitha
THANKS
ut
thanks a lott
chamila
thankx a lot bro..!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
piyumal sanjeewa
උපසිරසියට බොහොම ස්තූතියි
Dhanushka
Thanks Episode 10 ma sub aka ta
Udara Damith B/K
ඔයා මොනාද කියන්නේ
සීසන් 5 ත් ඕනි ඇයි බලමු කියන්නේ
සීසන් එක ඉවර කරට ස්තුතියි
ගොඩක් ස්තුතියි
~~~~ කපිතාන් chaන්dar ,නේතන් ජේම්ස් සුබම සුබ නිවාඩුවක් වේවා !මස දෙකක් අපි ඔයාලත් එක්ක දිගටම හිටියා ඇයි හම්බවෙමු 2018 දී ~~~~~~~~~~~~~~~
එහෙම දාසKasun Widusha
Elama gahana gema istharam uba Praniyooo.....tnx mchoo 5 tath ubenma oone aa. ethakotai raha meke
omendra
nice bro tks for sub
lakshan
thanks machn supiri !!!!
විමා
සබට බොහොම තුති ප්‍රණී
කතාව ගියා දැනුනෙවත් නෑ මටනම්
කතාව අවුලක් නෑ කියන තරම්
කොහොම වෙතත් ඊළඟ කතා සමයෙන් කතාව ඉවර වෙන එකනම් හොඳ දෙයක්
හොඳ දේවල් හොඳ දේවල් විදියට පවතින්න ඕන හැමදාම, බොරුවට ඇදගෙන ගිහින් චාටර් කරගන්නේ නැතුව
කොහේ හිටියත් පහ ආව ගමන් පහත අරන් වරෙන් :DThusitha
උපසිරසියට ස්තුතියි, ප්‍රනීත් සහෝ.ඔබට ජයේන් ජය!!!!
Dasun
series eka release una gamanma sub genawa.niyameta kala. well said bro. thank you
Chaminda
Seso 5 kuth anawada bn Happata siri
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraHiran Silva
Godak THANX yaluwa sub tika dunnata. Season 5 Hambemu. Jaya wewa!!!.....
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Tharaka Lahiru
tnx mcn
විදුෂාන් සජිත්
උපසිරසියට ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ, හැමදාම ඉක්මනටම සබ් එක ගෙනාවා. සුබ පතනවා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. මේ වගේම පස්වන සමයෙනුත් හමුවෙමු. ජයවේවා....!
Wimukthi Sagara Silva
ela ea bro: good luck
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
chamod
thanx brooo
Rajitha
Thanks machan.......jayawewa.....!
vidura
උපසිරසියට ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ!!!!!
D.Chamara
බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ......!
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
Bishan
Thanks Bro
oshanda
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
Prakash Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි ප්‍රණීත් සහෝ....!
Suneth Ashen Weerasinghe
සිරාවටම ටෙක්ස් මැරුණට පස්සේ ටිකක් අවුල් ගියා , එල ස්තුතියි උපසිරැසියට
sandaru maxx
thankzzzzz brother....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S04 : E10] with Sinhala Subtitles | අවසන් සෙල්ලම! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/The-Last-Ship-Season-4-2017_1.jpg)


tnktks brow