Watch Trailer

The Liar and His Lover AKA Kanojo Wa Uso Wo Aishisugiteiru (2013) With sinhala subtitles | සත්‍යවාදියාගේ පෙම්වතිය (50) [සිංහල උපසිරසි සමඟ]

මේක 2013 තිරගත වුණ ජපන් චිත්‍රපටයක්. මේ කතාවෙ ප්‍රධාන චරිතය නම් ගොඩක් අය අඳුරනවා ඇති. rurouni kenshin චිත්‍රපටය බලපු ඕනෙම කෙනෙක්ට මේ මේ කතාවෙ ප්‍රධාන නළුවව අඳුරන්න අපහසු නැහැ. මේ චිත්‍රපටයත් Live- action එකක්.(Live- action කියන්නෙ චිත්‍රකතාවක් හෝ anime එකක් පදනම් කරගෙන නිර්මාණයවන ටෙලි නාට්‍ය වලට හෝ…

The Liar and His Lover

මේක 2013 තිරගත වුණ ජපන් චිත්‍රපටයක්. මේ කතාවෙ ප්‍රධාන චරිතය නම් ගොඩක් අය අඳුරනවා ඇති. rurouni kenshin චිත්‍රපටය බලපු ඕනෙම කෙනෙක්ට මේ මේ කතාවෙ ප්‍රධාන නළුවව අඳුරන්න අපහසු නැහැ. මේ චිත්‍රපටයත් Live- action එකක්.(Live- action කියන්නෙ චිත්‍රකතාවක් හෝ anime එකක් පදනම් කරගෙන නිර්මාණයවන ටෙලි නාට්‍ය වලට හෝ චිත්‍රපට හඳුන්වන විදිහ.) මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Kanojo wa Uso o Aishisugiteru කියන චිත්‍රකතාව පාදක කරගෙන. ඇත්තම කිව්වොත් චිත්‍රකතාව නම් මෙලෝ රහක් නැහැ. ඒත් ඒක චිත්‍රපටිය නම් බොහොම අපූරුයි. ගොඩක් වෙලාවට live-action ගණයෙ චිත්‍රපටි සාමාන්‍යයෙන් බැණුම් අහන්නෙ චිත්‍රකතාව හෝ anime එක තරම් පණ තියෙන මිනිස්සු රඟපාන චිත්‍රපටිය ලස්සන නැහැ කියලනේ. ඒත් මේ කතාව ඊට හාත්පසින්ම වෙනස්, මොකද චිත්‍රකතාව ඒතරම් විශේෂයක් නැති එකක් වුණාට චිත්‍රපටිය බොහොම අර්ථවත් විදිහට ගොඩනැඟිලා තියෙන නිසා.

මම දැන් කතාව ගැන කියන්නම්. මේ කතාව ගෙතෙන්නෙ දක්ශ තරුණ සංගීත නිර්මාණශිල්පියෙක් වටා. එයාගෙ නම ඔගසවරා අකී. එයා කෘඩ් ප්ලේ කියන සංගීත කණ්ඩායමට සින්දු නිර්මාණය කරනවා. ඒවා රට පුරාම බොහොම ජනප්‍රියයි. ජපානය කියන්නෙ ලෝක සංගීත ක්ෂේත්‍රයේ බොහොම ඉහළින් ඉන්න රටක්. හරියටම කිව්වොත් එයාලගෙ වෙළඳපොළ දෙවෙනි වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ සංගීත වෙළඳපළට විතරයි. ගීතයක අයිතිවාසිකම් රකින්ඩ තද නීති රීති එයාලගෙ තියෙනවා. මේ දේවල් කොහොම වුණත් වෙළඳාම මූලික කරගත්ත සංගීත ක්ෂේත්‍රයේ ලොකු සමාගම්, නීතියට පිටින් කරන ගොඩක් දේවල් තියෙනවා. හරියටම කිව්වොත් බොහොම ලස්සනට පෙනුනට ගොඩක් අසාධාරණකම් ඒ ලස්සන අතර සැඟවිලා තියෙනවා. ඒත් ඒ ගැන නොදැන ගොඩක් තරුණ අය තමන්ගෙ හීන හැබෑ කරගන්න හිතාගෙන ගායක ගායිකාවන් වෙනවා. මේ චිත්‍රපටියෙ කතා කරන්නෙ ඒ ගැන.

WISH POSTERඉතින් ඒ නිසා සංගීතය අතහරින්න ඕනෙද? නැතිනම් තමන්ගෙ සිහිනය, ගායකයෙක් ගායිකාවක් වෙන එක අතහරින්න ඕනෙද? මේ අසාධාරණකම් වලට අවසානයක් තියෙනවද? ඔගසවරා ශින්‍යගෙ හිතේ මේවගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ඇයි කියලා කතාව බලනකොට ඔයාලට තේරෙයි. හැබැයි තව දෙයක් මිනිස්සු ඔගසවරා අකීගෙ සින්දු වලට කැමති වුණාට කවදාවත් එයාව දැකලා නැහැ. එයා ගැන මිනිස්සු කියන්නෙ එක එක දේවල්. ඔන්න ඔය අතරෙ තමයි අකීට ගැහැණු ළමයෙක්ව මුණ ගැහෙන්නෙ. එයා කියන්නෙ අකීගෙ කටහඬ බොහොම ලස්සනයි කියලා. මේ ගැහැණු ළමයගෙ නම රිකෝ. ඉතින් රිකෝ අකීගෙන් එයාගෙ නම අහනවා. අකී ඒකට දෙන්නෙ අපූරු උත්තරයක්. අකී කියනවා එයාගෙ නම ඔගසවරා ශින්‍යා කියලා. ශින්‍යා කියන්නෙ කෘඩ් ප්ලේ වල ඉන්න එක සාමාජිකයෙකුගෙ නමක්. ශින්‍යා කියන නමේ තේරුම සත්‍යවාදියා කියන එක. හැමදෙයක්ම පටන් ගන්නෙ ඔය බොරුවත් එක්ක.

මේ කතාවෙ කොරියානු අනුවාදය ටෙලිනාට්‍යයක් විදිහට පටන්ගන්න ළඟයි කියන එකත් මතක් කරන ගමන්, මගෙ උපසිරැසි වලට ප්‍රතිචාර දක්වපු හැම කෙනෙක්ටමත් ස්තූති කරන්ඩ කැමතියි!

 

The Liar and His Lover (2013)

The Liar and His Lover (2013) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

496 downloadsDownload The-Liar-and-His-Lover-2013.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

496 downloadsDownload Subtitles33 KB

25 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  2. dila

    thnx sub ekata
    Action k drama ekakata sub dennakoooooo

  3. Kulanjana Maduranga

    really appreciate your works..thanks for giving us all of this…wish u’r great future…..

    1. Kulanjana Maduranga

      SUDARA sis dowload ink 1ka danna puluwanda?

  4. pasindu

    50වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.................!
    දිගටම සබ් දෙන්නෝ..........!

  5. Shadow

    Tnx.. :) but pls send a link for the movie , Bcoz it's hard to find download links for Koran movies ..

  6. Sajeevi

    50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!

  7. හසන්ත

    50 වන උපසිරැසියට සුභපැතුම්!

  8. ඉෂාන් මදුෂ

    නියමයි.50 වෙනි උපසිරැසියට සුබපැතුම්.ස්තුතියි උපසිරැසියට
    සිස් පුලවන්නම් මේ anime series එකට සබ් දෙන්න බලන්න
    Cowboy Bebop
    ජය වේවා!

  9. එල්.සී. දමැල්

    50 වන උපසිරැසියට සුභපැතුම් සුධාරා!

  10. මධුකප්‍රිය පෙරේරා

    50වන උපසිරසියට හෘදයාංගම සුබ පැතුම් සහෝදරි.
    වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය සහ ශක්තිය
    ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔබට ජයෙන් ජය.

  11. RAJ

    50 වන උපසිරැසියට සුභ පැතුම් සහෝදරිය :)
    දිගටම මේ වගේ ලස්සන උපසිරැසි දෙමු,
    ජය වේවා! :)

  12. Tharaka

    50 වන උපසිරැසියට සුභපැතුම්! සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. Udara Damith B/K

    1 2 3 4 5 6 7 8 9
    10 11 12 13 14 15 16 17 18 19
    20 21 22 23 24 25 26 27 28 29
    30 31 32 33 34 35 36 37 38 39
    40 41 42 43 44 45 46 47 48 49
    50 50 50 50 50 50 50 50 50 50
    සුබ පැතුම්
    තව තව උපසිරස කරලා වැඩියෙන්ම උපසිරස කරපු කොල්ලෝ ටික පහු කරන්ඩ වාසනාව ලබෙන්ඩ කියලා ප්පතනවා!!!!!!!!

  14. රොයිලි

    උණුසුම් සුබපැතුම් සුධාරා. කිසි දෙයක් නොකියම 50 ගහල නේද? මෙතනින් නොනැවතී 100 ටත් ඉක්මනින්ම යන්න ලැබේවායි පතනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharaka Sandaruwani

    Congratulations on ur 50th sub.akki if u don't mind please send the link.keep it up.

  16. Thisara Neo

    50ට හදවතින්ම සුබ පැතුම්.. මෙතැනින් නතර නොවී ඉදිරියටම යන්නට සුබ පතනවා..... ඉක්මනටම 100 කඩයිමත් පහු කරන්න.....

    ජය වේවා

    #Hail_Hydra

  17. indika

    meke link eka denna.. kisima thenaka torrent line nee.. pls

  18. g

    Japan ekak enakan balan ediye thxx sub ekta.

  19. සමන් ප්‍රසාද්

    50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.
    ඇත්තටම බැලුවොත් මේක 50 ටත් වැඩියි.
    එහෙනම් ඊළඟ කඩයිමත් පහු කරමු ඔහොම්මම. ජය වේවා...!!!
    තව තවත් සබ් කරන්න අවශ්‍ය කරන ශක්තිය ලැබේවා...!!!

  20. Dinesh

    Thanks saho

  21. lakindu sadumina

    AO haru ride
    kyou koi wo hajimemansu
    lupin the 3rd
    say i love you kiyana japanese live action movies tikakath sub dennako puluvannam. pattama lassana kata tikak oya. me sub ekata thanks asian film vala tiyanava pattama rasayak.

  22. Tharanga

    Thanx

  23. malith

    Ela ela

  24. Jayasanka

    Thanks