Watch Trailer

Mars [S01 : E06] with Sinhala Subtitles | අඟහරු: නව ඇරඹුමක්… [සිංහල උපසිරසි සමඟ]

මානව වර්ගයා අඟහරු මත මුල්ම වතාවට පා තබලා වසර හතරක් අවසානයේ දී එනම් 2037 වන විට ඔලිම්පස් නගරය බොහෝ හැලහැප්පීම් ඔස්සේ සාර්ථකත්වයට පත්වෙමින් තිබුණා. අඟහරු මෙහෙයුම් කණ්ඩායම පෝල් රිචඩ්සන් සමඟින් මේ ඔලිම්පස් නගරය ස්වයං පෝෂිත නගරයක් කිරීමට උත්සාහ කරනවා. ඒ අතරේ නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කර ගැනීමට අවශ්…

MarsP1

මානව වර්ගයා අඟහරු මත මුල්ම වතාවට පා තබලා වසර හතරක් අවසානයේ දී එනම් 2037 වන විට ඔලිම්පස් නගරය බොහෝ හැලහැප්පීම් ඔස්සේ සාර්ථකත්වයට පත්වෙමින් තිබුණා. අඟහරු මෙහෙයුම් කණ්ඩායම පෝල් රිචඩ්සන් සමඟින් මේ ඔලිම්පස් නගරය ස්වයං පෝෂිත නගරයක් කිරීමට උත්සාහ කරනවා. ඒ අතරේ නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන බලශක්තිය ඉහළ නංවා ගන්න ලෙස්ලි රිචඩ්සන් කටයුතු කරමින් හිටියේ. මේ කටයුතු සඳහා ලෙස්ලිට බලශක්ති සැපයුම තාවකාලිකව අක්‍රය කරන්න ඕන උනා. නමුත් මේ වැඩේට කණ්ඩායම් අණදෙන නිලධාරි හැනා නම් කැමති උනේ නැහැ. ඊට හේතු උනේ තමන් ආසන්නයටම පැමිණෙමින් තිබූ බිහිසුණු වැලි කුණාටු තත්ත්වය නිසා. ඒත් අත්දැකීම් පිරි හැනාට සවන්දෙන්න ලෙස්ලිට ඕන උනේ නැහැ. මේ අතරේ ඇමේලි, පෝල් රිචඩ්සන්ගේ මානසික තත්ත්වය ගැන සැකයකින් හිටියේ. ලෙස්ලි සමඟ ඒ ගැන කතා කරන්න උත්සාහ කරත් ඇය එය නොසළකා හැරියා. මේ සියල්ල අතරේ අඟහරු මත ඇති වඩාත් බිහිසුණු වැලි කුණාටු ආරම්භ උනා.

ලෙස්ලිගේ අදූරදර්ශි ක්‍රියාවන් නිසා ඔලිම්පස් නගරයේ බලශක්තිය ඉතා සීමාකාරි උනා. මේ නිසා අත්‍යාවශ්‍ය පද්ධති වලට අවශ්‍ය බලය හැර අනෙක් සියළු දේ සඳහා සැපයූ බලය ඉවත් කළා. රොබට් සහ ජාවියර් ගේ භයානක උත්සාහය නිසා ඔවුන්ට යන්තමින් දිවි රැක ගැනීමට බලශක්තිය ලබාගන්න හැකි උනා. මේ බලශක්ති අර්බුදය වැඩිපුරම බලපෑම් කළේ පෝල්ට. අඟහරු වෙත ආ මොහොතේ පටන් යම් ආතතියකින් සිටි පෝල්ට තම වගාවන් විනාශවෙමින් තිබීම දරාගන්න අපහසුවෙමින් හිටියේ. මාස දෙකකට වැඩි කාලයකට පසු වැලි කුණාටුව අවසන් වෙද්දි පෝල් දරාගැනීමේ සීමාව ඉක්මවා ගිහින් තිබුණා. ඔහුගේ තමන්ගේ මනෝ ලෝකයට දොරඟුළු විවර කරන්න ගිහින් ඔලිම්පස් නගරයේ ලැබ් එකයි හරිතාගාරයයි ඇතුළු මුළු බටහිර අංශයම විනාශ කළා. මේ සියල්ල වෙන අතරේ පෘතුවියේ ඉන්න එඩ් තම ඉදිරි සැලසුම් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට IMSF ජාතීන් දැනුවත් කරමින් හිටියේ.

“හැනා …
ඔවුන් මට තීරණයක් ගන්න කිව්වා,
දිගටම කරගෙන යනවද,
නැතිනම් ඔයාව ගෙදර ගේනවද කියලා.
මං ලබන සතියේ ප්‍රසිද්ධ නිවේදනයක් කරන්න යන්නේ.”
_ජූන් සන්ග්_

“ඔයාට ඔවුන්ට අත්හරින්න ඉඩ දෙන්න බැහැ.
ඔයාට ඉඩදෙන්න බැහැ.
මේ වගේ යමක් විය හැකිව තිබුණ බව
ඔවුන් දැනගෙන හිටියා, අපි හැමෝම දැනන් හිටියා.
මේක තමයි ශක්තිමත්ව ඉන්න ඕන වෙලාව,
අපි ගොඩක් දුර ඇවිත් තියෙන්නේ ජූන්.”
_ එඩ් ග්‍රෑන්_

මාර්තාට අඟහරු මත ජීවය හොයා ගන්නත් බැරි උනා. අඟහරු මත දී මිනිසුන් මියයාම ගැන මුල ඉඳලම IMSFජාතීන්ගේ ඒ හැටි කැමැත්තක් තිබ්බෙත් නැහැ.  එඩ්ගේ දැඩි උත්සාහය නිසා තමයි මෙපමණ දුරක් ආවේ. ඔලිම්පස් නගරයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමත් එක්ක අඟහරු මෙහෙයුමේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා. ඉතින් දැන් අඟහරු මෙහෙයුමේ අනාගතය ගැන ලේකම් ජූන් මොන ආකාරයේ තීරණයක් ගනීවි ද?

2016 දක්වා අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය… දෙවන ලෝක යුද්ධයෙන් පසු පර්මනියේ විසූ රොකට් විද්‍යාඥ වෙන්හෙර් වොන් බ්රෝන් එක්සත් ජනපද හමුදාවන්ට භාරවෙනවා. ඔහු නාසා ආයතනය සමඟ සම්බන්ධ වුණ දා පටන් තමයි මේ රොකට් තාක්ෂණය දියුණුවෙන්නේ. ඔහු විශාල රොකට්ටුවක් හැදුවා. ඒ සඳට යාමේ අරමුණින් නෙමෙයි අඟහරු වෙත යාමේ අරමුණින්. එහෙනම් ඇයි අපට තාමත් අඟහරු වෙත යන්න බැරි උනේ. ඉතිහාසය ඒ ගැන මොනවද කියන්නේ. ඉතින් මෙවර කතා කරන්නේ ඒ ඉතිහාසය ගැන සහ අඟහරු වෙත යාමේ එක් පියවරක් ලෙස ඉලන් මස්ක් ප්‍රමුඛ ස්පේස්එක්ස් ආයතනයේ සාර්ථකත්වයට පත් වූ රොකට් නැවත භාවිතා කිරීමේ අත්හදා බැලීමක් ගැනයි.

ඉතින් මේ තමයි අඟහරු තරණයේ අවසාන කොටස.

හැමදාමත් වගේ තිරය පසුපස ඉන්න බයිස්කෝප් සගයින්ටත් උපසිරැසි ලබාගත් සහ අදහස් දක්වපු හැමෝටමත් ස්තූතියි…

Mars (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mars.2016.S01E06.Crossroads.720p.WEB-DL.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

228 downloadsDownload Mars.2016.S01E06.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

228 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Udara Damith B/K

    අසාවෙන් බලපු කතාවක් ඉවර වුණා නෙ
    ඔක්කොම කොටස් වලට උපසිරස දුන්නට ස්තුතියි
    මේවගේ තව හොද එකක් කරන්ඩ'

  3. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය වේවා!

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....පට්ට කතාවක්...
    තව අලුත් කතාවකින් හම්බවෙමු...

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  6. sagara

    ela machan,,okkoma sub karanakan hitiye,,adama banawa..thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chathura Widuranga

    Thanks සබට

  9. Milinda Perera

    extant tv series ekata sub denna puluwanda saho

  10. kiree

    Mars S02 sub dennakoo brothers....please

  11. kiree

    Meke season 02 daannako plz