Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S01 : E05] Sinhala Subtitles | බෙදීම! [සිංහල උපසිරසි]

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන එන්න. සෙනසුරාදා ඉරිදා දෙකම පෞද්ගලික ගමනකට වෙන් වුණා. ඉතිං ඔන්න අද තමයි ඇත්තටම වෙලාවක් කියන එක ලැබුනේ. පටන් ගන්නකොටම කිව්වා වගේ විවේකය කියන කාලය ලැබෙන්නේ ඉතාම සීමිත විධියකට. කිසිම වෙලාවක හිතා මතා පරක්කු කිරීමක් කරන්නේ නැහැ…

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන එන්න. සෙනසුරාදා ඉරිදා දෙකම පෞද්ගලික ගමනකට වෙන් වුණා. ඉතිං ඔන්න අද තමයි ඇත්තටම වෙලාවක් කියන එක ලැබුනේ. පටන් ගන්නකොටම කිව්වා වගේ විවේකය කියන කාලය ලැබෙන්නේ ඉතාම සීමිත විධියකට. කිසිම වෙලාවක හිතා මතා පරක්කු කිරීමක් කරන්නේ නැහැ ඇත්තටම. මොකද හරිම ආසාවෙන් මේ සිරිස් එක බලන්නෙත් සබ් කරන්නෙත්. පරක්කු වෙලා ආව එකේ වැඩි කතා ඕන නැහැ. විස්තරය දිහාවට හැරෙමු.

දෙවැනි සීසන් එකේ රුගතකිරීම් ඔක්තෝම්බර් 7 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි කියල ආරංචියි. එක්සත් රාජධානියට අයත් ප්‍රදේශ කිහිපයක සහ නවසීලන්තයේ තමයි රූගත කිරීම් සිද්දවෙන්න නියමිත. ලබන වසරේ මේ කාලය වෙනකොටම වගේ දෙවැනි සීසන් එකත් අපිට බලාගන්න පුළුවන් වෙයි ඒ කියන්නේ.

ඒ වගේම The Lord of the Rings: The War of the Rohirrim නමින් 2024 වසරේ අප්‍රේල් 12 වැනිදා ඇනිමෙටඩ් ෆිල්ම් එකක් නිකුත් වෙන්න නියමිතයි. මේ යුද්ධය සිද්දවුනේ ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් ෆිල්ම්වල සිදුවෙඉම වෙන්න අවුරුදු 183කට විතර පෙරාතුව. මේ තියෙන්නේ එකේ කන්සෙප්ට් ආට් කිහිපයක්. වෝනර් බ්‍රදර්ස්ල තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. පසුවට ඒ ගැන විස්තර කතා කරමු. 🙂

 

එහෙම නම් පහුගිය කොටස්වලින් අපිට දකින්න ලැබුණු සිදුවීම් ටික ලාවට මතක් කරගෙන අද කතාව බලන්න පටන්ගමු. 

පසුගිය කොටස් තුළින්,
පලවෙනි කොටසින්ම සිරිස් එකේ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම පාහේ පෙන්නුවා. මුලිකවම ගලාද්‍රියල් සහ සෞරෝන් වටා තමයි කතාව දිවගියේ පලවෙනි කොටසින්. ඒ වගේම මට නම් ආස හිතුනේ නෝරි සහ පොපී කියන හාර්-ෆූට් හොබිට්වරියන් දෙන්නට. ඒ දෙන්නගේ චරිත දෙක නම් නියමයි. බ්‍රොන්වින් සහ අරොන්දිර් දෙන්නගේ ආදර කතාව ගෙතුණ විධියත් ඔවුන්ට වෙන් වෙන්නට සිද්දවෙන විධියත් අපිට දකින්න ලැබුනා මුල් කොටසින්ම. ඒ වගේම මුල්ම එපියෙ අන්තිමටම අහසින් පොලවට කඩන් වැටෙන අමුත්තා වටේට කුතුහලයෙන් යුතුව ගොඩ නැගෙන කතාව ගැන බලාපොරොත්තුවක් දෙවැනි එපියෙ අපිට දකින්න ලැබුනා. මොකද දෙවැනි එපියේ වැඩි කාලයක් එයාට වෙන් කරලා තිබ්බ. මුල් කොටසේදී හයි-කිං විසින් එල්රොන්ඩ් වෙත ශ්‍රේෂ්ඨ එල්ව්ස් කම්මල්කරුවෙකු වෙන වංශවතෙකුව මුනගස්වාලා දුනා. ඒ දෙන්නා යනවා තමන්ගේ විශාල ව්‍යාපෘතියට අවශ්‍යය කරන ශ්‍රමය හොයාගන්න. අපිට හුරු පුරුදු කෙනෙක්ව දකින්න පුළුවන් වුණා ඒ කොටසෙදි, ඒ තමයි ඩුරින් කුමාරයා, එයාලගේ විධි ක්‍රම ගැන, හොබිට් එකේදී විනාශ වෙලා තිබ්බ එයාලගේ රාජධානියේ සශ්‍රිකත්වය දකින්න ඇතිනේ ඒකෙන්. ඒ වගේම අහසින් කඩන් වැටුණු අමුත්තා එයාගේ කතාව කියන්න උත්සහ කරනවා.

බ්‍රොන්වින් සහ අරොන්දිර්ගේ ඉරණම ගැන කොහොමත් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතභාවය එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඔර්ක් කෙනෙක්ව බෙල්ල කපලම පෙන්නුවා. හරියටම කියන්න බැහැ. ඒත් බ්‍රොන්වින්ගේ පුතා වෙන තියෝ සහ එයා ළඟ තියෙන සෞරෝන්ගේ සලකුණ සහිත අසිපත් කැබැල්ල එක්ක තියෝ රුධිරයෙන් සම්බන්ධ වුණා මතකයිනේ? ඒ Gurthang අසිපත කියලත් කියනවා මම දැක්ක සමහරු. සමහරු කියනවා ඒ මෝර්ගුල් අසිපතක කොටසක්, ඒක අයිති Angmarට කියල. ඉතිං අහසින් වැටුණු අමුත්තා කවුද කියල අපි තවම දන්නේ නැහැ. ඔය අතරේ හාර්-ෆුට්ලා ටික තමන්ගේ ගමන පටන් ගන්නවා. ඒ වගේම පිටස්තරයෙකුව තමන්ගේ ගොඩට දාගෙන තියෙන බව හෙළිදරව් වෙලා නෝරි ඇතුළු පවුල පිරිසේ අවසානයේ ගමන් කලයුතු බවට නියෝග කෙරෙනවා. ඒ වගේම අපිට ඉසිල්දුර්ව දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකම් තමන් හොයමින් ගිය සලකුණ ඇත්තටම සලකුණක් නෙමෙයි සිතියමක් බව ගලාඩ්‍රීයල්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම නියුමෙනොර්වල තවම එල්ව්ස්ල වෙනුවෙන් සහ ඔවුන්ට කැමති අය ඉන්න බව ඇය දැනගන්නව.

සිව්වැනි කොටස පටන් ගන්නේ වැඩබලන රැජින දකින සිහිනයකින්. ඒ තමයි නියුමෙනොර්වලට අනාගතයේදී අත්වෙන්න නියමිත ඉරණම ගැන දකින සිහිනයක්. මහා ජලකඳක් ඇවිල්ල නියුමෙනොර් ගිල ගන්නවා. ඒ හීනයට හේතුව හතරවෙනි එපිසෝඩ් එක අවසාන හරියේදී අපි දැකගන්නව. ඉතිං ඒ එක්කම වගේ ගලාද්‍රියල් රැජිනගෙන් මුලින් බොහොම සන්සුන්ව ඉල්ලීමක් කරනවා ආයේ එල්ව්ස්වරු සහ මිනිසුන් අතර සම්බන්ධතාවය ආරම්භ කරන්න ඉඩ දෙන්න කියල. රැජින තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සෙ ගලද්‍රියල් වැඩ බලන රැජිනට අභියෝගාත්මක විධියට කතා කරනවා. ඇය නිත්‍යානුකුල රජතුමාව මුණගැහෙන්න යන බව කියල. ඒකට තරහ යන වැඩ බලන රැජින ගලද්‍රියල්ව හිර කරනවා. මිනිස්සු එල්ව්ස්ලට විරුද්ධ ඇයි කියල අපිට දකින්න ලැබෙනවා සහ රජතුමාට තමන්ගේ දුවව වැඩබලන රැජින විධියට පත්කරන්න වෙච්ච හේතුවත් අපි දැනගන්නවා. ඒ වගේම එඩාර් කියන්නේ නපුරට හැරුණු එල්ව්ස් කෙනෙක් බව අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔර්ක්ස්ලා ප්‍රදේශ පුරාම හොයන කඩුව තියෙන්නේ කා ලඟද කියලත් දැනගන්නවා. ඒ කඩුව ඒ වෙනකම් ළඟ තියාගෙන හිටිය කෙනා නපුරට නතුවෙලා සෞරොන්ගේ පැත්ත අරගෙන ඔහුගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කියලත් අපි දැනගන්නවා. එහෙනම් අද එතන ඉඳල කතාව බලමු.

හයවැනි කොටසින් අපි ලබන සිකුරාද රෑ වෙලා හමුවෙමු, මේ පමාවට හිලව් වශයෙන් ඉතුරු එපි ටික සිකුරාදාම දෙන්නම් කොහොමහරි. ජය! 🙂

“Partings“ Season 01 Episode 05 අධ්‍යක්ෂණය : Wayne Yip තිර රචකයින් : John D. Payne & Patrick McKay කතාංගය විකාශය වූ දිනය : September 23, 2022. IMDB අගය:  කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

16,923 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

16,923 downloadsDownload Subtitles30 KB

36 comments

  1. Ravindu

    Thank You. ගොඩක් කල් බලාගෙන හිටියා අයියේ

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Gihan

    THANKS FOR SUB.
    JAYA WEWA

  3. Anonymous

    සබ් එකට ස්තුතියි විමා

  4. malith madhushan

    බොහොම ස්තුතියි විමා අයියේ උපසිරසට මේක තනිකරම ආගමක් වෙලා තියෙන්නේ දැන්.

  5. Anonymous

    Tnx bn sub ekat

    1. Shan

      Thank you bro

  6. Anonymous

    Thank you brother..

  7. චාරුක

    එලකිරි කොල්ලෝ
    ජය වේවා බයිස්කෝප් !
    නැතිබංගස්ථාන වේවා සිනෙරු,පයිරෙට්!

  8. MAALNATH

    Thanks.......good luck....

  9. MAALNATH

    Thanks.......good luck....

  10. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Anonymous

    බොහොම ස්තුතියි නියම වැඩක්.

  13. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  14. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  15. Spider

    patta

  16. prabhasoft

    Thank you....!!!! Asama kathawak..

  17. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  18. Chinthana De Silva

    Vima you are a god. Love you ummmaa(LOL)

  19. Dewadithya

    Thanks for Sub!

  20. Sanka

    පරක්කු උනාට කමක් නෑ Cineru එකෙන් අරන් බැලුවා. ඒකෙ ඉක්මනට දානවා.

    1. විමා

      හාර්ෆූට්ලට හිච්චියෝ කියල දාපු එකද?
      එල මට අවුලක් නැහැ.
      මේකේ ලගින්නේ මොනාටද ඉතිං කියන එකයි මට ප්‍රශ්නේ?

  21. mahesh

    අවුලක් නැ පරක්කු උනාට.අනිත් ටික ඉක්මනට දෙන්ඩ

  22. Pavith Wijesooriya

    පරක්කු උනාට කමක් නෑ අයියේ. සබක් ගහනවා කියන සෑහෙන වෙලාවක් අරගෙන කරන්න ඕනේ වැඩක්. මේකට quality ම සබ දෙන්නේ බයිස්කෝප් නිසා අවුලක්ම නෑ. තුති වේවා සබ් එකට. ඊළඟ එපියේ සබ් එකත් ගැම්මට ගහමු.

  23. Pavith Wijesooriya

    තව පොඩි ඉල්ලීමක්. the lord of the rings trilogy එක වගේ hobbit trilogy එකත් extended වලට update කරලා දෙන්න පුලුවන්ද

  24. Tino

    Nice bro

  25. Thoros

    Ayye 6 epiye sub adama denawa neda.eda porondu una ilaga episode sikuradama denwa kiyla.

  26. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  27. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියී...❤

  28. viraj

    thanks.......

  29. Lahiru Lakshan

    thanks machn

  30. Bruce

    Thans sub ekata,. Jayawewa

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. Ravindra

    Thanks