Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S01 : E04] Sinhala Subtitles | යෝධ මුහුදු රළ! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? ඔන්න එහෙනම් උණු උණුවෙම හතරවෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආව. බයිස්කෝප් එකෙන් මේකට දෙන සබ් එක තමා දැනට නෙට් එකේ තියෙන හොඳම සබ් එක කියල, මිඩ්ල්-අර්ත් විශේෂඥන් පිරිසක් විසින් තහවුරු කළා පහුගිය දවසක. එයාල කියන විධියට ටෝල්කින් නිර්මාණ පරිවර්තනය හෝ උපසිරස හෝ හදනවා නම් ඒක හුගක් සැලකිල්ලෙන්…

කොහොමද ඉතිං හැමෝටම? ඔන්න එහෙනම් උණු උණුවෙම හතරවෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආව. බයිස්කෝප් එකෙන් මේකට දෙන සබ් එක තමා දැනට නෙට් එකේ තියෙන හොඳම සබ් එක කියල, මිඩ්ල්-අර්ත් විශේෂඥන් පිරිසක් විසින් තහවුරු කළා පහුගිය දවසක. එයාල කියන විධියට ටෝල්කින් නිර්මාණ පරිවර්තනය හෝ උපසිරස හෝ හදනවා නම් ඒක හුගක් සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක්. ඒ වෙනුවෙන් Nomenclature of The Lord of the Rings කෘතිය හෝ Lord of the rings තුන්වෙනි ග්‍රන්ථයේ Appendix F පරිශීලනය කරල ඉන්න ඕන. ඉතිං මේ තහවුරු කිරීම ලබා දුන්න අය ඒ සමබන්ධ හසල දැනුමක් තියෙන අය. එක පොතක්වත් කියවල නැතුව, ෆිල්ම් හය විතරක් බලල, කතාවට අදාලව සබ් එකේ වචන සිංහලෙන් නොදා, ටොල්කීන්ගේම ස්ථාන නාම, පුද්ගල නාම භාවිතා කරමින් කරන වැඩේ එළමයි කියන්නේ ඉතිං, සන්තෝසයි, ඔව්. 😛 🙂 

හරි, එහෙනම් මේ පැහැදිලි කරන්න හදන්නේ කතාවේ ටයිම්ලයින් අවුලක් සම්බන්ධව. ඉසිල්දුර් සහ කැලබ්‍රැන්බෝ දෙන්නම එකම ටයිම් ලයින් එකක ඉන්න කොහොමද? අර අහසින් වැටුණ අමුත්තා ගැන්ඩල්ෆ් නම් එහෙම වෙන්නේ කොහොමද ? වගේ කාල සීමාවන් ගැන කට්ටියට ප්‍රශ්නයක් ඇවිල්ල තිබ්බ. ඒක වෙන්නේ මෙහෙමයි. සෙකන්ඩ් ඒජ් එකේඩි වෙච්ච දේවල් අතර තියෙන කාල පරතරය ගොඩක් වැඩියි. ටොල්කින් මේ දේවල් එකකට එකක් සම්බන්ධ කරපු එක දිගට ගලාගෙන යන විධියේ කතාවක් නිර්මාණය කරලා නැහැ මේ කාල පරාසය ඇතුලේ. හරියට නිකම් මේ කාලේ මෙන්න මෙහෙම දෙයක් වුණා, මේ කාලෙදි තමයි මේ දේ වුනේ කියන්න වගේ ඓතිහාසික වාර්තා තියෙන්නේ.

ඒ සා විශාල කාල පරාසයක සිදුවුණ දේවල් තනි ටයිම් ලයින් එකකට හකුළලා අරගෙන තමයි මේ කතාව නිර්මාණය කෙරෙන්නේ. ඒ ඒ කාල සීමාවන්හි හිටිය ප්‍රධාන චරිත ටික තනි කාල සීමාවක ඉන්න විධියට අපිට දකින්න තියෙන්නේ ඒ නිසයි. මේවා කරලා තියෙන්නේ ටෝල්කින්ගේ සියලුම හිමිකම් දරණ ස්ටේට් එකේ අවසර සහ උපදෙස් මත. ඇත්තටම මට නම් දැන් කතාව සාමාන්‍ය කරණය වෙලා තියෙන්නේ. ෆිල්ම් හය බලල ඒකේ තිබ්බ වයිබ් එකයි සිරිස් එකේ වයිබ් එකයි දෙකක් කියන එක ඔලුවට ගිහින් තියෙන්නේ. ඇත්තටම එහෙම වෙන්නම එපැයි නේද? ඇත්තටම මට නම් කතාව සෙට්. තව කෙනෙකුගේ මතය අනුව මේක අවුල් වෙන්න පුළුවන්. ඒත් තමන්ට කතාව සෙට් නම් බලනව ඇරෙන්න තව කෙනෙකුගේ මතය ගැන හිත හිත ඉන්නෙ මොකටද නේද? 🙂 

පසුගිය කොටස් තුළින්,
පලවෙනි කොටසින්ම සිරිස් එකේ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම පාහේ පෙන්නුවා. මුලිකවම ගලාද්‍රියල් සහ සෞරෝන් වටා තමයි කතාව දිවගියේ පලවෙනි කොටසින්. ඒ වගේම මට නම් ආස හිතුනේ නෝරි සහ පොපී කියන හාර්-ෆූට් හොබිට්වරියන් දෙන්නට. ඒ දෙන්නගේ චරිත දෙක නම් නියමයි. බ්‍රොන්වින් සහ අරොන්දිර් දෙන්නගේ ආදර කතාව ගෙතුණ විධියත් ඔවුන්ට වෙන් වෙන්නට සිද්දවෙන විධියත් අපිට දකින්න ලැබුනා මුල් කොටසින්ම. ඒ වගේම මුල්ම එපියෙ අන්තිමටම අහසින් පොලවට කඩන් වැටෙන අමුත්තා වටේට කුතුහලයෙන් යුතුව ගොඩ නැගෙන කතාව ගැන බලාපොරොත්තුවක් දෙවැනි එපියෙ අපිට දකින්න ලැබුනා. මොකද දෙවැනි එපියේ වැඩි කාලයක් එයාට වෙන් කරලා තිබ්බ. මුල් කොටසේදී හයි-කිං විසින් එල්රොන්ඩ් වෙත ශ්‍රේෂ්ඨ එල්ව්ස් කම්මල්කරුවෙකු වෙන වංශවතෙකුව මුනගස්වාලා දුනා. ඒ දෙන්නා යනවා තමන්ගේ විශාල ව්‍යාපෘතියට අවශ්‍යය කරන ශ්‍රමය හොයාගන්න. අපිට හුරු පුරුදු කෙනෙක්ව දකින්න පුළුවන් වුණා ඒ කොටසෙදි, ඒ තමයි ඩුරින් කුමාරයා, එයාලගේ විධි ක්‍රම ගැන, හොබිට් එකේදී විනාශ වෙලා තිබ්බ එයාලගේ රාජධානියේ සශ්‍රිකත්වය දකින්න ඇතිනේ ඒකෙන්. ඒ වගේම අහසින් කඩන් වැටුණු අමුත්තා එයාගේ කතාව කියන්න උත්සහ කරනවා.

බ්‍රොන්වින් සහ අරොන්දිර්ගේ ඉරණම ගැන කොහොමත් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතභාවය එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඔර්ක් කෙනෙක්ව බෙල්ල කපලම පෙන්නුවා. හරියටම කියන්න බැහැ. ඒත් බ්‍රොන්වින්ගේ පුතා වෙන තියෝ සහ එයා ළඟ තියෙන සෞරෝන්ගේ සලකුණ සහිත අසිපත් කැබැල්ල එක්ක තියෝ රුධිරයෙන් සම්බන්ධ වුණා මතකයිනේ? ඒ Gurthang අසිපත කියලත් කියනවා මම දැක්ක සමහරු. සමහරු කියනවා ඒ මෝර්ගුල් අසිපතක කොටසක්, ඒක අයිති Angmarට කියල. ඉතිං අහසින් වැටුණු අමුත්තා කවුද කියල අපි තවම දන්නේ නැහැ. ඔය අතරේ හාර්-ෆුට්ලා ටික තමන්ගේ ගමන පටන් ගන්නවා. ඒ වගේම පිටස්තරයෙකුව තමන්ගේ ගොඩට දාගෙන තියෙන බව හෙළිදරව් වෙලා නෝරි ඇතුළු පවුල පිරිසේ අවසානයේ ගමන් කලයුතු බවට නියෝග කෙරෙනවා. ඒ වගේම අපිට ඉසිල්දුර්ව දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකම් තමන් හොයමින් ගිය සලකුණ ඇත්තටම සලකුණක් නෙමෙයි සිතියමක් බව ගලාඩ්‍රීයල්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම නියුමෙනොර්වල තවම එල්ව්ස්ල වෙනුවෙන් සහ ඔවුන්ට කැමති අය ඉන්න බව ඇය දැනගන්නව.

කොහොම උනත් ඕවා හරියටම දැනගන්න අපිට කතාව දිගටම බලන්න වෙනවා. එහෙනම් පස්වැනි කොටසින්ට මුණගැහෙමු අපි. තව එපිසෝඩ් හතරයි ඉතුරු පලවෙනි සීසන් එකට. 🙂

“The Great Wave” Season 01 Episode 04 අධ්‍යක්ෂණය : Wayne Yip තිර රචකයින් : John D. Payne & Patrick McKay කතාංගය විකාශය වූ දිනය : September 16, 2022. IMDB අගය:  කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

19,393 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E04.zip82 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

19,393 downloadsDownload Subtitles82 KB

65 comments

  1. Kaushan Rasanga

    Download කරල බලන්නේ නැතුව හිටියේ සබ එනකන් ❤️

  2. kavin

    pissu thamai ithn ,,, thnk you ..man downld kra vthrai dn blnwa sub tynawa ...

    1. Anonymous

      එපිය ආපු දවසෙම සබ් එක දීලා. ඒකත් පිළිවෙළට කරපු හොද සබ් එකක්. තෑන්ක්ස් මචන්. ගොඩක් උන් මේක බලන්න සබ් එක එනකම් ඉන්නවා. කතාව ලස්සන නිසා. තමුන්ගේ වැඩත් පාඩු කරන් සබ් එක දෙනවට ඇත්තටම තෑන්ක්ස්.

  3. Kushan

    Sub akta thanks

  4. Shean

    Thank You ❤️

  5. Dileepa Mihisara

    Thanks

  6. Spider

    Thanks Sub ekata

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Anonymous

    Supiri brother

  9. Sumith Kumara

    තෑන්ක් යූ විමා ❤️

  10. Shehan Madushanka

    බොහොම ස්තුතියි උපසිරැසියට!

  11. තියෝ

    මේ ලිපිය වටිනවා බන් එපියට වඩා...
    මේ සුපිරි සීරිස් ( Lord of the rings, Got, Peaky blinders etc ) වල එපියෙන් එපියට දෙන විස්තරය ඇත්තටම මාරම වටිනවා,මොකද එපිය බලද්දි අපිට මගහැරෙන තැන් දැනගන්නේ ඒක කියවලා..
    ඒ කොලිටිය තියෙන්නේ බයිස්කෝප් එකේ විතරමයි
    ජය වේවා බයිස්කෝප් !
    ජය වේවා බයිස්කෝප් සබ් දෙන ඔක්කොටම !

  12. Dimuthu

    thams baba

    adare a

  13. Buddika

    Thank you so much for your valuable time spent to entertain us

  14. Kasun Widusha

    Tnx brdh

  15. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  16. Anonymous

    උබලෑ බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එක ඩවුන් වෙලා, හොස්ටින් එරර් එකක් එනවා. පොඩ්ඩක් බලහල්ලා ඈ . හරියට එක උන වෙලාව 2022/ 09/ 17 උදේ 07:12 ට

    1. Anonymous

      ow ow.. matath una..

  17. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  18. Dewadithya

    Thanks for Sub!

  19. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනින්ම උපසිරැසිය ලබා දුන්නාට
    ජය වේවා!

  20. නිපුන්

    තෑන්ක්ස් සබ් එකට ❤❤❤

  21. malith madhushan

    බොහොම ස්තුතියි විමා අයියේ උපසිරසට, මේ දවස් වල සිකුරාදා වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේක බලන්න

  22. Rishitha prabath

    Thank sub ekata bro

  23. Tharindu

    Godak stuti saho..keep it up

  24. sahan

    Thank you for the subs...keep it up broh

  25. Anonymous

    Baiscopedownloads meka weda na ne

  26. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  27. MAALNATH

    Thanks.....good luck....

  28. MAALNATH

    Thanks........good luck.........

  29. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  30. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  31. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  32. Pavith Wijesooriya

    සබ් එකට තුති වේවා අශාන් අයියේ! කතාව නම් දැන් ටිකක් hype පැත්තකට යනවා. සබ් එකත් පට්ටම. පස්වෙනි එකත් එනකන් එහෙනම් ඉන්නවා...

  33. Pavi

    Thank you

    1. Anonymous

      Epi 5 tath denna ikmnta ❤️

  34. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  35. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...❤

  36. Thoros

    Ade 5 epiyath enkn bln innwa

  37. Anonymous

    5 epi yatath denna ikmnta ❤️

  38. Baymax

    5 episode eka dannako ඉක්මනින්

  39. Dsp

    5 denkn balagena inne ❤️❤️

  40. kavin

    5 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee ambooooooooooooooooooo

  41. Anonymous

    5 oni ikamanata

  42. Madhuranga

    05 epi eka ubata puluwan welawaka denna machan api kawada dunnath balanna innawa.. awlak nah.

  43. Anonymous

    5 hth ikmanta diyn mchan baln innwa ❤

  44. RV DINUDAYA

    Ane please brother adawath denna barida

  45. විමා

    සබ් එක හෙට හවස දෙන්නම් මචංලා.
    පහුගිය දවස් දෙක තුනේ පෞද්ගලික ගමනක් වැටුනා.
    සොරි වෙන්ඩ ඕනා, උද්වෙගකරම එපියක සබ් පරක්කු වෙනවට.

    1. Anonymous

      elama

    2. Dsp

      Ela ela

  46. RV DINUDAYA

    Monada hallo episode 5 dannako

  47. Anonymous

    5 එපි එකේ සබ් එක දේන්නකෝ.ඔයාලම සබ් එක දේනක් මේ ඩවුන්ලෝර්ඩ් කරන් ඉන්නේ...

  48. Akash Fernando

    iye idan balan innawa sub eka denkn
    HOTD ekenm release wela passe dawasema denawa

  49. Anonymous

    Machooo sub eka denakn goda dawasak idan balan inne bn tma danna widiyak nadda bn ubata pin sidda wenna tma bn mek rasa widinne ubatath wada thiydnawa kiyala api danna puluwan ikmanta danna balapn machan hari amaruwen download karan thiyan inne

  50. RV DINUDAYA

    Monawada aiye balu wada karanna epa kocchara kattiya download karalada ha oya thama subtitle hadala na oyata banam kiyannako nattam apita hariyata dawasak kiyanna

    1. Udara Damith

      OYATA AMARUDA DENAKL INDA BERINAM BALANNE NETHUWA inda

Load more comments