එදා හරියට වචනයක්වත් කතා කරගන්න බැරිවුනා නේද? හෙලෝ යාලුවනේ අද මන් ආවෙ The Lord Of The Rings: The Rings Of Power කතාමාලාවෙ දෙවෙනි episode එකත් අරගෙනයි. ඉතින් හදිස්සි අය ඉක්මනින් ගිහින් පහළින් download කරගන්න.නොවැලැක්විය හැකි කාරණාවක් හින්ද මට ගිය දවස් දෙක තුනේ sub කරන්න කාලයක් නැතිව ගියා. ඒකට සමාවෙන්…

හරි දැන් අපි කතාව දිහාට හැරෙමු. ඉතින් එදා මෙදා තුර වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ කතාමලාවක් ගැනයි අපි මේ කතා කරන්නේ. පළමු වාරය සඳහා ඇමෙරිකානු ඩොලර් 465 ක් වැයවූ බව සඳහන්. ඒ හිමිකම් ලබාගැනීමට වැයකළ ඩොලර් මිලියන 250 ගෑවෙන්නෙවත් නැතිවයි. ඊටත් හපන් මේ වාරයේ පිරිවැය ගණන් බලා ඇති විදිහට ඇමෙරිකානු ඩොලර් බිලියන එකක් පමණ වෙනවා.
ඒවගේ ම මෙහි නිෂ්පාදකවරුන් කියල තියෙන විදිහට නම් නොකර බැරි අවස්ථාවලට විතරක් හැර අනෙක් දර්ශන සඳහා CGI එහෙමත් නැත්නන් පරිගණක ජනන රූප සමඟ දෘශ්‍ය ප්‍රයෝග වෙනුවට ප්‍රයෝගික ප්‍රයෝග වැඩිපුර යොදාගෙන තියෙනවා. උදාහරණයක් කියනවනම් , නම සඳහන් logo එක පවා නිර්මාණය කරල තියෙන්නෙ ලෝහ දියකරලා කෝවකින් අකුරු සහිත අච්චුවකට වත්කරන අයුරු අධි විභේදන කැමරා කාචයකින් ග්‍රහණය කර ගැනීමෙන්, අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. එවගේ ම මෙහි දර්ශන තල බොහොමයක් රූගත කරලා තියෙන්නේ නවසීලන්තයේ. ඒවගේම කතාවේ තේමාව සහ පසුබිම් සංගීතය නිර්මාණය කරලා තියෙන්නෙ බෙයර් මැක්ක්රේරි. එයා තමයි Percy Jackson and the Olympians එකෙත් සවුන්ඩ්ට්‍රැක් නිර්මාණය කරලා තියෙන්නෙ. LOTR වල සංගීතය හදපු Howard Shore ත් මේකට අමතරව දායක වුනු බව google එකේ තියෙනවා.

දැන් අපි කතාව පැත්තට හැරෙමු. මුලින් ම ලාස්ට් සීසන් එකේ පටලැවිල තිබ්බ නූලක් ගිය episode එකෙන් ලිහාගන්න පුළුවන් වුණා නේ ද? ඒ කියන්නෙ මේ සෞරොන් මුලදි එකපාරටම කඩාපාත් වුණේ කොහොම ද? කොහෙන් ද? යන එන මං නැතිව ගියේ ඇයි? කියන කාරණා. ඒවගේම කතාව ඇතුලෙ සෞරොන් පැරණි ස්වරූපයකින් ඒ කියන්නෙ ෆිල්ම් එකේ සඳහන් වෙලා නැති පොත්වල විතරක් තියෙන මෝර්ගෝත් කියන පළමු අඳුරු අධිපතියා ගෙ සේවකයෙක් වෙන සෞරොන්, මෝර්ගෝත් ගේ බලය බිඳ වැටුනයින් පස්සේ ඔහු මෝර්ගෝත් ගේ වහලෙක් වුණු අදාර් කියන පළමු ඕර්ක් වුනු එල්ෆ්ගේ සහයෙන් ‘උරුක්’ නැත්නන් ඕර්ක් කියන කොටස එල්ෆ්වරුන්ට සහ මිනිසුන්ට විරුද්ධව මෙහෙයවන්න හැදුවත් අදාර් ඔහුව පාවා දීල මරුමුවට පත්කරනවා. ඒත් සෞරොන් ගේ අඳුරු බලයෙන් ඔහුව තව අවුරුදු දහස් ගානක් රැකිලා අවසානයේ අලුත් මිනිස් ශරීරයක් හදාගන්න පුළුවන් වෙනවා. ඒ කරලා තමයි එල්ව්ස් වරුන්ගෙන් බල මුදු නවය හොරකම් කරන ගමන දක්වා එන්නේ. ඒවගේම දැන් සෞරොන් අර මිනිස් වේශයෙන් හඳුනගන්න බැරි විදිහට අදාර් ළඟට ඇවිල්ලා එල්ව්ස් වරුන් එක්ක යුද්ධයකට ගානට කරුණු පහදනවා. ඒ විත්තිය පසු කොටස්වල පෙන්වපු යුද්ධ ජවනිකා වලින් පැහැදිලියි. අර මුදුවල අනෙක් විස්තර කෙලිබ්‍රිම්බර්ගෙන් දැනගන්න එල්ෆ් කෙනෙක් වෙන සෞරොන් බලාගන්නත් පුළුවන්.
ඒවගේම මුල් episode එකේදි එල්වන් රාජධානිය වුණු ලින්ඩන් වල පෞරාණික ගසට වුණු හානිය නිසා එල්රොන්ඩ් ගේ මැදිහත්වීමෙන් ඔහුගේ මිතුරු හතර වෙනි ඩූරින් කුමාරයා දුන්න මිත්‍රිල් පාෂාණයක් ගෙනාවත් ඒක මුදු හදන්න යෙදුවා. කොහොමවුනත් එල්රොන්ඩ් මේ වැඩේට කමැති වෙන්නෙ නැහැ. එනිසා මේවා ඈත් කරන්නයි හදන්නේ. තණ්හාව නිසා විනාසයක් වෙයි කියල බයක් එනවා. ඒත් ඒ වැඩේ හරියන්නෙ නෑ. මුදු ආපහු එල්වන් රාජධානිය ඇතුලටම එනවා. ගහත් සනීප වෙනවා. ඒ අතරෙ ගැන්ඩල්ෆ් තමන්ගෙ අනන්‍යතාව හොයාගන්න හාර්ෆූට් කෙල්ල නෝරිත් එක්ක කටුක ගමනක යනවා මගදි යාලුවත් උදව්වට හම්බවෙනවා. මේකෙ නුමෙනර් මනුෂ්‍ය රාජධානිය ගැන අවධානය දීල නෑ. ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. මේ වතාවෙ අදාර්ගේ චරිතය රඟපාන නළුවන්ගේ මාරුවීමක් දැකගන්න පුළුවන්. ඒ හිටපු Joseph Mawle වෙනුවට Sam Hazeldine ආදේශ කරලා. මටනම් හිතෙන්නෙ දැන් ඉන්න නළුවා තමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනව කියලයි. ඒ එක්කම පොඩි කතාබහක් යනවා බොලිවුඩ් දැවැන්තයා රිතික් රෝෂන් මේ කතාමාලාවේ ඉදිරි සීසන් වලදී රංගනයෙන් දායක වෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න බව. තොරතුර කතාවේ ප්‍රදර්ශකවරුන් දෙන්නගෙන් කෙනෙක් වෙන JD Payne තමයි කියලා තිබුනේ. ඔන්න රිතික් රෝෂන්ගෙ රසික රසිකාවියන්ට බලාපොරොත්තු ඇති කරගන්න හොඳ අවස්ථාවක්.

මේ දෙවෙනි කතාංගය ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ, බලන ඔයාලට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් කියන්නම්. තවත් කාරණයක් තමයි title එක විදිහට හැමවෙලේම යොදන්නේ චිත්‍රපටි සහ කතාමාලාවේ ලේඛකයා වෙන J.RR. Tolkien ගේ පොත් ඇසුරෙන්. අද කතාවේ title එක වෙන ‘where the stars are strange’ හි ‘strange’ කියන වචනෙන් මෙතන දි ‘අමුතු’ කියන තේරුමට වඩා ‘නුහුරු’ කියන අදහසක් එන්නේ. මොකද කියනවනම් Tolkien කියන්නේ අපි එදිනෙදා ජිවිතයේ දි දිශාව හොයාගන්න එහෙමත් නැත්නම් නරඹන තරු අපි ඉන්න අර්ධගෝලයට ප්‍රතිවිරුද්ධ එකේදී වෙනස්වෙන්න පුළුවන් කියලයි. එතකොට අපිට වෙනස් කෝණයකින් නැත්නම් කාගෙන් හරි අහලා තරු ටික නිවැරදි කරගන්න වෙනවා. මේ episode එකේ ගොඩක් චරිතවලට ඒ වැඩේ මෙතන වෙනව අපිට පේනවා. උදාහරණයක් විදිහට ඩුරින් කුමාරයාට තනතුර අහිමි වෙලා සාමාන්‍ය ජිවිතයක් අමාරුවෙන් ගෙවන්න වෙනවා. ඒවගේම නැවත සමගිකරවන්න බිරිඳ වෙන disa උත්සහයක් දරනවා. Galadriel මුද්ද නිසා තමන්ට පෙනන දර්ශන, සෞරොන් එක්ක වුනු හිත බිඳවැටීම නිසා ඇති වෙන තරහා වගේ දේවල් එක්කලා තමන් කළයුතු දේ කරන්න උත්සාහ කරනවා. ඔයාලටත් ඒවගේ දේවල් හොඳින් බැලුවොත් දැකගන්න පුළුවන් වෙයි. celebrimbor ත් තමන්ට gladriel කියපු ඒත් පණිවුඩය යවාගන්න බැරිවුනු නිසා සෞරොන් ගැන තියෙන බාගෙට තොරතුර යටතේ කොහොම වැඩ කරයි ද? කතාව රසවිඳින්නකෝ..ඊළඟ එපියෙන් ඔහොමම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
9,458 downloadsDownload The-Lord-of-the-Rings-The-Rings-of-Power-S02E02-1.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Amila Heshan
Subtitles
- #2022
- #Amila Heshan
- #Benjamin Walker
- #Charles Edwards
- #Charlie Vickers
- #Cynthia Addai-Robinson
- #Daniel Weyman
- #Editor's Pick
- #Ema Horvath
- #Ismael Cruz Cordova
- #Lenny Henry
- #Lloyd Owen
- #Markella Kavenagh
- #Maxim Baldry
- #MaxxA
- #Morfydd Clark
- #Nazanin Boniadi
- #Offbeat
- #Owain Arthur
- #Peter Mullan
- #Robert Aramayo
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sophia Nomvete
- #subtitle
- #Trystan Gravelle
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
7 comments
Sahan Gayantha
Amila Heshan
ස්තුතියි සහන් සහෝ.. ✌
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
SACHINTHA
THANKS FOR SUB
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Lord of the Rings: The Rings of Power [S02 : E02] Sinhala Subtitles | කොහිද නුහුරු තරු [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/The-Lord-of-the-Rings-The-Rings-of-Power-1.0.jpg)



thanks a lot Amila saho sub ekata