Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S02 : E07] Sinhala Subtitles | “එරෙගියොන් වැටලීම” [සිංහල උපසිරසි]

සුපුරුදු පරිදි ආයුබෝවන් කියලම අපේ වෙබ්පිල වෙත ගොඩ වැදුනු ඔබ සැම සාදරෙන් පිලිගන්නවා! The Rings of Power සීරිස් එකේ හත්වෙනි කතාංගය එක්කයි ඕගොල්ලො මේ අද එකතු වෙන්නෙ. බිම්සර සහ සනුප සහෝ ආරාධනාවකට මට මේ සීරිස් එකෙ මේ එපියට උපසිරැසි ගන්වන්න අවස්ථාව හිමිවුනා. ඉතිං අපි ඒ සහෝලා දෙන්නවත් මතක් කරනවා. කලින් කත…

සුපුරුදු පරිදි ආයුබෝවන් කියලම අපේ වෙබ්පිල වෙත ගොඩ වැදුනු ඔබ සැම සාදරෙන් පිලිගන්නවා! The Rings of Power සීරිස් එකේ හත්වෙනි කතාංගය එක්කයි ඕගොල්ලො මේ අද එකතු වෙන්නෙ. බිම්සර සහ සනුප සහෝ ආරාධනාවකට මට මේ සීරිස් එකෙ මේ එපියට උපසිරැසි ගන්වන්න අවස්ථාව හිමිවුනා. ඉතිං අපි ඒ සහෝලා දෙන්නවත් මතක් කරනවා. කලින් කතාංග ටික, සවිස්තරාත්මක ලිපි එක්ක සටපට ගාලා අපේ අමිල හේෂාන් සහෝ ගෙනවා මතක ඇති කට්ටියට.

අද කතාංගය ගැන සරලව කෙටි විස්තරයක් සඳහන් කරන්නම්. තමන්ගේ ප්‍රයෝගික ඥානය පාවිච්චි කරලා මුල ඉඳලම කැලබ්‍රිම්බොව රවට්ටගන්න සෞරොන්, තමන්ගේ මායා බලය පාවිච්චි කරලා කැලබ්‍රිම්බෝ ලව්වා මුදු නවයක් හදාගන්න ඔහුට ඒත්තු ගන්වනවා. තමන්ගේ උපායෙම කොටසක් විදිහට සෞරොන්ට අවශ්‍ය වූ පරිදි ඇඩාර්, ඕක්ලගේ සේනාවක් අරගෙන එරෙගියොන් වටලනවා. මේ ගැන වගේ වගක් නොදන්න කැලබ්‍රිම්බෝ තමන්ගේ කුළුණට වෙලා සෞරොන් කියපු විදිහට මුදු නවය හදන්න මහන්සි වෙනවා. සෞරොන්ගේ ටයිම් ලූප් එකක් වගේ මායා බන්ධනයකින් කැලබ්‍රිම්බෝව හිර කරලයි ඉන්නෙ. කාලය ගත වීමක්, කුළුණෙන් පිට සිදුවන යුද්ධය ගැන ඔහුට කිසිම හාන්කවිසියක් වත් දැනෙන්නෙවත් ඇහෙන්නෙවත් නෑ. සැරින් සැරේ පුරුදු යමක් නිතර නිතර සිදුවෙනවා වගේ පුංචි ඉඟියක් කැලබ්‍රිම්බෝට දැනෙනවා. ඉතිං ඒකෙන් ඔහු වටහා ගන්නවා මොකක්හරි ඔහු නොදන්න යමක් සිද්ධ වෙන වග. ඉතිං ඔහු ඒ ගැන අනටාර්ගෙන් විමසනවා.

ඔතනින් එහාට ඉතුරු ටික ඔයාලම බලලා දැනගන්නකො එහෙනම්. ඉතිං මේ කොටස ගේන්න පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා. ඒ වෙනුවෙන් ඉල්ලනවා සමාව භාජනයකට දාලා භාජනේ පැත්තකින් තියලා කතාව බලන්න ගන්න කියලා. ✌️ ආතල් එකක් දුන්නෙ ඈ. අවසන් කොටසත් අපේ සහෝ කෙනෙක් ටග්ගාලා අරගෙන ඒවි. ලිපිය වැඩිය දිග්ගස්සන්න බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා අදට මෙතනින් නවතිනවා.

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

6,108 downloadsDownload The-Lord-of-the-Rings-The-Rings-of-Power-S02-E07-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

6,108 downloadsDownload Subtitles21 KB

10 comments

  1. sumed

    aulak na bro parakku wela hari dunnata godak thanks.

  2. Sahan Gayantha

    thanks a lot Rukshan brother sub ekata

  3. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  4. Danuka

    Adoo thanks bn.genawata.nattam epa wela hitiye bn sub eka natuwa parakku wichcha hinda

  5. Dinusha

    Niyamai komlo❤❤.balan hitiye sehena dawask balan hitiye
    Thanks

  6. Dinusha

    Thanksssssss❤❤

  7. SACHINTHA

    thanks for sub

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  9. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  10. Thisara Prabhath Senarathne

    Thanks bro