Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S02 : E08] Sinhala Subtitles | “අන්ධකාරය පරාජය කල හැක්කේ ආලෝකයට පමණි!” [සිංහල උපසිරසි]

මධ්‍ය පෘථිවිවාසී හැමෝටම සුබ දවසක් වගේම සමාවෙත්වා! ඔයාලා ආසාවෙන් බලන සුපිරි කතා මාලාවක දෙවන කතා සමයේ අවසානය අරගෙනයි මේ ආවේ. මට මේක උපසිරසි ගන්වන්න දුන්න රවිදු හේෂාන් සහෝවත් ආදරෙන් මතක් කරනවා. වැඩත් එක්ක හිතුවට වඩා පරක්කු උන එකට සමාව ඉල්ලන ගමන් අද කතාව පැත්තට යමු. කුරුමිටි රජතුමාගේ අධික කෑදරකම නිසා ක…

මධ්‍ය පෘථිවිවාසී හැමෝටම සුබ දවසක් වගේම සමාවෙත්වා! ඔයාලා ආසාවෙන් බලන සුපිරි කතා මාලාවක දෙවන කතා සමයේ අවසානය අරගෙනයි මේ ආවේ. මට මේක උපසිරසි ගන්වන්න දුන්න රවිදු හේෂාන් සහෝවත් ආදරෙන් මතක් කරනවා. වැඩත් එක්ක හිතුවට වඩා පරක්කු උන එකට සමාව ඉල්ලන ගමන් අද කතාව පැත්තට යමු.

කුරුමිටි රජතුමාගේ අධික කෑදරකම නිසා කඳු ඇතුලේ හිටපු භයානක රාක්ෂයෙක් අවදි වෙන හැටි අද ඔයාලට බලාගන්න පුළුවන්. ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට බලපු අයටනම් මේ යක්ෂයා නුපුරුදු කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම ගැලඩ්‍රියෙල් ඇතුළු සුරයන්ටනම් අද විශාල කරදර රැසකට මූණ දෙන්න සිදුවෙනවා. සවුරෝනුත් තමන්ගේ සැලසුම් ටිකෙන් ටික සාර්ථක කරගෙන යන විදිය තමයි පේන්නේ. අවසාන කතාංගය නිසා මම වැඩි විස්තර කියන්නේ නෑ. බල මුදුවල අරගලය කොයි පැත්තට යයිද කියලා ඔයාලට දැන් නරඹන්න අවස්ථාව තියෙනවා.

ඉතිං අහම්බෙන් තමයි මට මේ කතා මාලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනේ. පෙර කතාමාලාවටත් මේ කතා මාලාවේ පෙර කොටස් වලටත් ගුණාත්මක උපසිරසි ගෙනාපු සහෝදරයෝ හැමෝටම මම මේ වෙලාවේ ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මීළඟ කතාමාලාවත් නිකුත්වූ සැනින් අපේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් ඔයාලට ලබා දෙයි කියලා මතක් කරන්න ඕන. එහෙනම් ප්‍රතිචාර දක්වම රසික හැමෝටම ස්තූති කරන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

කතාංගයේ නම – “Shadow and Flame”

කතා රචනය – J. D. Payne & Patrick McKay

අධ්‍යක්ෂනය – Charlotte Brändström

විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 03

IMDb අගය – 7.7

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

5,573 downloadsDownload Rings-of-Power-S02-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,573 downloadsDownload Subtitles21 KB

8 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. gihan

    තව ඉල්ලීමක් කරන්නයි ආවෙ මිත්‍රවරුනි, Mouse tv series එකට සබ් දෙන්න පුලුවන් නම්

  3. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata

  4. SACHINTHA

    thanks for sub

  5. Sandaru Nimsara

    උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

  6. bISHA

    ELA ELA ELAMA

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  8. Thisara Prabhath Senarathne

    Thanks bro