Watch Trailer

The Mandalorian [S03 : E04] Sinhala Subtitles | අනාථ දරුවා! [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ සිව්වැනි එපිසෝඩ් එක. තුන්වැනි එපිය පමා වීමත් එක්ක මේකත් පොඩ්ඩක් පමා වුණා. ඒ නිසා ඉක්මනට කතාව දිහාවට යිමුවෙමු. කතාවේ පැරණි මතකයන් මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදු…

හැමෝටම සුබ දවසක්!

මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ සිව්වැනි එපිසෝඩ් එක. තුන්වැනි එපිය පමා වීමත් එක්ක මේකත් පොඩ්ඩක් පමා වුණා. ඒ නිසා ඉක්මනට කතාව දිහාවට යිමුවෙමු.

කතාවේ පැරණි මතකයන්

මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්වන ජලයෙන් ස්නානය කරන්න ඕනා. හැබැයි එකම ගැටලුව අපි කවුරුත් දන්න විධියට මේ වෙනකොට මැන්ඩලෝරියාවක් නැහැ. ග්‍රහලෝකයම විනාශ කරලා ඉවරයි. ඒ නිසා ඒ පතල් ඉතුරුවෙලා නැහැ. හැබැයි මැන්ඩොට මේ ගැන සැකයක් ඇතිවෙන විධියේ සාධකයක් හමුවෙනවා. ඒ නිසා ඒ සාධකය ඔස්සේ ඉදිරියට යන්න මැන්ඩො තීරණය කරනව. අන්තිමේ මැන්ඩො වැදගත් අනාවරණයක් කරගන්නවා.

පර්ජ් එක වෙන කාලේ මැන්ඩලෝරියාවේ පාලකයා විධියට හිටිය බෝ-කටාන් විසින් මැන්ඩොට මේ ගැන කලින් කිව්වට විස්වාස කලේ නැහැනේ. ඒ නිසා වෙච්ච දේවල් මතකයිනේ ඔයාලට. බෝ-කටාන් ලඟට මැන්ඩො ගිහින් ආයේ මැන්ඩලෝරියාවට යන්න කරපු ආරාධනාව බෝ-කටාන් විසින් ප්‍රතික්ෂේප කරනව. ඇයි කියල මතකයිනේ? අන්තිමේ මැන්ඩොගේ උදව්වට බෝ-කටාන්ව ගෙන්නගන්න සිද්දවෙනවා. ඔහොමයි අලුත් ස්ටොරිය සිද්දවුනේ. ඒ වගේම මැන්ඩලෝරියානුවන්ගේ සංඛේතය වෙන මිතොසෝරස් ගැනත් දෙවැනි එපිසෝඩ් එකේදී කියවුනා මතක ඇති නේද? තෙවැනි එපියේදී අපිට දකින්න ලැබුනා බෝ සහ මැන්ඩො දෙන්නා පුරාණ ඇදහිල්ල අනුව ජිවත් වෙන්න එකඟ වෙනවා. ඒ වගේම ආචාර්‍ය පර්ශියන්ගේ කතාව වෙත අපිව අරගෙන ගියා. ඒ ඇයි කියල ඉදිරියේදී දකින්න ලැබෙයි. ගොඩක් අය ඒ එපිය ගැන මිශ්‍ර අදහස් පලකලා. ඒ වගේම එදා මෙදාතුර අඩුම imbd අගයක් ලැබුනේ ඒ එපියට.

අද කතාංගයෙන්

ඉතිං සිව්වැනි කතාංගය වැඩි වශයෙන් යොමු වෙන්නේ ග්‍රෝගු දිහාවට. ඒ වගේම ඩින් සහ බෝ කටාන් තමන්ගේ අලුත් හවුල්කාරයින් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගැනීම ගැනත් කතාව යොමු වෙනවා. සමස්ථයක් වශයෙන් මේ කතාංගය නියමයි. 🙂

එහෙනම් අපි ලබන සුමානේ නැවත හමුවෙමු!

Chapter 20: The Foundling

Director: Carl Weathers

Writers: Jon Favreau, George Lucas, Dave Filoni

IMDB Ratings : 8.1

Air Date: 22 March 2023

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,640 downloadsDownload The.Mandalorian.S03E04.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,640 downloadsDownload Subtitles12 KB

8 comments

  1. Naveen Mbr

    බොහෝම ස්තූතියි අයියේ!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  5. MAALNATH

    Thanks. ...good luck

  6. Rm

    Episode 05 sub eka nane thama

  7. Dewadithya

    Thanks for Sub!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P