Watch Trailer

The Mandalorian [S03 : E05] Sinhala Subtitles | මංකොල්ලකාරයා! [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ පස්වෙනි එපිසෝඩ් එක. සුපුරුදු පරිදි ප්‍රමාදයි. 🙁 කතාවේ පැරණි මතකයන් මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් ත…

හැමෝටම සුබ දවසක්!

මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ පස්වෙනි එපිසෝඩ් එක. සුපුරුදු පරිදි ප්‍රමාදයි. 🙁 

කතාවේ පැරණි මතකයන්

මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්වන ජලයෙන් ස්නානය කරන්න ඕනා. හැබැයි එකම ගැටලුව අපි කවුරුත් දන්න විධියට මේ වෙනකොට මැන්ඩලෝරියාවක් නැහැ. ග්‍රහලෝකයම විනාශ කරලා ඉවරයි. ඒ නිසා ඒ පතල් ඉතුරුවෙලා නැහැ. හැබැයි මැන්ඩොට මේ ගැන සැකයක් ඇතිවෙන විධියේ සාධකයක් හමුවෙනවා. ඒ නිසා ඒ සාධකය ඔස්සේ ඉදිරියට යන්න මැන්ඩො තීරණය කරනව. අන්තිමේ මැන්ඩො වැදගත් අනාවරණයක් කරගන්නවා.

පර්ජ් එක වෙන කාලේ මැන්ඩලෝරියාවේ පාලකයා විධියට හිටිය බෝ-කටාන් විසින් මැන්ඩොට මේ ගැන කලින් කිව්වට විස්වාස කලේ නැහැනේ. ඒ නිසා වෙච්ච දේවල් මතකයිනේ ඔයාලට. බෝ-කටාන් ලඟට මැන්ඩො ගිහින් ආයේ මැන්ඩලෝරියාවට යන්න කරපු ආරාධනාව බෝ-කටාන් විසින් ප්‍රතික්ෂේප කරනව. ඇයි කියල මතකයිනේ? අන්තිමේ මැන්ඩොගේ උදව්වට බෝ-කටාන්ව ගෙන්නගන්න සිද්දවෙනවා. ඔහොමයි අලුත් ස්ටොරිය සිද්දවුනේ. ඒ වගේම මැන්ඩලෝරියානුවන්ගේ සංඛේතය වෙන මිතොසෝරස් ගැනත් දෙවැනි එපිසෝඩ් එකේදී කියවුනා මතක ඇති නේද? තෙවැනි එපියේදී අපිට දකින්න ලැබුනා බෝ සහ මැන්ඩො දෙන්නා පුරාණ ඇදහිල්ල අනුව ජිවත් වෙන්න එකඟ වෙනවා. ඒ වගේම ආචාර්‍ය පර්ශියන්ගේ කතාව වෙත අපිව අරගෙන ගියා. ඒ ඇයි කියල ඉදිරියේදී දකින්න ලැබෙයි. ගොඩක් අය ඒ එපිය ගැන මිශ්‍ර අදහස් පලකලා. ඒ වගේම එදා මෙදාතුර අඩුම imbd අගයක් ලැබුනේ ඒ එපියට. සිව්වැනි කතාංගය වැඩි වශයෙන් යොමු වුනේ ග්‍රෝගු දිහාවට. ඒ වගේම බෝ කටාන් විසින් ඉපැරණි විධිය වෙත යොමු වෙන ලකුණු පහල වුණ එපියක්. දැන් මේ ඉන්නේ මැන්ඩලොරියන්වරු අතරේ තමන්ගේ තැන ලබාගැනීම ඇය විසින් සිදුකර අවසන්.

අද කතාංගයෙන්

ඉතිං මේ කොටසින් අපිට දකින්න ලැබෙනවා ඩින්ගේ පරණ හතුරෙක් ආයේ එනවා. ඒ වගේම මැන්ඩලොරියානුවන් තමන්ගේ දේශය නැවත ගොඩනගා ගන්න මුල පුරන අන්දමත්.

එහෙනම් අපි ලබන සුමානේ නැවත හමුවෙමු!

Chapter 21: The Pirate

Director: Peter Ramsey

Writers: Jon Favreau, George Lucas

IMDB Ratings : 8.5

Air Date: 29 March 2023

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,561 downloadsDownload The.Mandalorian.S03E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles

4,561 downloadsDownload Subtitles19 KB

14 comments

  1. Nuwan

    Sub ekata thanks carnival row ekth dennko

    1. විමා

      දේවි මචං, කරගෙන යන ගමන් කට්ටිය.

  2. Lahiru Bandara

    Carnival Row එක දෙන්නෙ නැද්ද බන්. මම සීසන් එක බලල තිබ්බෙත් නෑ. මෙකෙ දෙක දෙන්න පටන් ගත්තම සීසන් එකත් බාලා බලන්න පටන් ගත්තා. සිසන් දෙකෙ හතර එපියට දැන් තාම සබ් දීලා නෑ බ්‍රො දැන් සාහෙන කාලයක්නෙ. ඒක කරල ඉවර කරන්නකො පොඩි එපි ගාණක්නෙ තියෙන්නෙ

  3. Naveen Mbr

    බොහෝම ස්තූතියි අයියේ!

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  5. Prasanga

    thanks

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  7. Sandun lakmal

    api video ekk dunno subtitles dagnna data senna puluwnd aiye

  8. Isuru

    episode 6 ekath danna machn

  9. devi

    igawa ekath sub denna plz

  10. Anonymous

    6 නැද්ද

  11. Kavinda Robertson

    6 na 7 nane sub aneeeeeeeeeeeeee manda

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P