Watch Trailer

The Mentalist [S01 : E01] | ඇරඹුමයි මේ… [සිංහල උපසිරසි සමඟ]

නමෝ විත්තියෙන් baiscopelk වෙබ් අඩවියට, කෝඩුකාරයෙක් විදියට පය තබපු මගේ, කුලුඳුල් උපසිරැසිය. කුළුඳුල් කිව්වාට කුළුඳුල්ම නෑ. මම මීට කලියෙන් උපසිරැසි කිහිපයක් හැදුවත්, මම ඒවා කිසිසේත්ම පල කරලා නෑ. ඒත් නියම විදියටම, පොදු ජන පරිභෝජනය උදෙසා මගෙන් බිහිවෙන, පලවෙනි උපසිරැසි සමූහය තමයි අද ඉඳන් The Mentalist න…

Mentalist 3

නමෝ විත්තියෙන් baiscopelk වෙබ් අඩවියට, කෝඩුකාරයෙක් විදියට පය තබපු මගේ, කුලුඳුල් උපසිරැසිය. කුළුඳුල් කිව්වාට කුළුඳුල්ම නෑ. මම මීට කලියෙන් උපසිරැසි කිහිපයක් හැදුවත්, මම ඒවා කිසිසේත්ම පල කරලා නෑ. ඒත් නියම විදියටම, පොදු ජන පරිභෝජනය උදෙසා මගෙන් බිහිවෙන, පලවෙනි උපසිරැසි සමූහය තමයි අද ඉඳන් The Mentalist නමින් ඔබේ පරිගණකයේ ලැගුම් ගන්න සූදානමෙන් ඉන්නේ. ඇත්තෙන්ම කිව්වොත් මේ ලිපිය ලියන විට මම The Mentalist කතා මාලාවේ Season 2 අවසාන කරමිනුයි ඉන්නේ. ඒකට හේතුව උනේ, මම මේ Season 1 එකේ සියළුම උපසිරැසි එකවිටම දෙන්න බලාපොරොත්තුවෙන් සිටිය නිසාවෙන්. නමුත් ඒ අතරතුර මගේ එදිනෙදා වැඩකටයුතු හේතුවෙන්, මට මේ සියල්ලම එකින් එක දෙන්න සිදුවුනා, ඔයාලා වෙනුවෙන් අනෙකුත් Season වල උපසිරැසි සකසන්න අවශ්‍ය වෙලාව මට පුළුල් කරගැනීමට අවශ්‍ය වීමට සිදුවුනූ නිසා. කොහොම නමුත් මම ඔයාලව අතරමං කරන්නේ නැතිව මේ කතාවේ උඩ මළුවටම යනකන් කරුණා කරනවාම තමයි.

‍The Mentalist කියන්නේ නාට්‍යමය අපරාධ ගනයට අයත්වෙන Bruno Heller කියන තැනැත්තා විසින් නිශ්පාදනය කරනලද කතා මාලාවක්. මේක 2008 දී තමයි ඉස්සෙල්ලාම විකාශය වුනේ. ඒත් මෙච්චර කාලෙකට පස්සේම මේක දෙන්නේ, මට මේක බලන්න හමුවුනේ මෑතකදී. ඉතින් මේකේ ඇඩ් එහෙම කොතරම් බලලා තිබුණත් හිතුනේ නම් සීරීස් එක එච්චරම හොඳ එකක් නෙමෙයි කියලා. ඒත් මේක බැළුවට පස්සේ මේකේ උපසිරැසි නැතිඑක බලන ඇත්තන්ට ලොකු අඩුපාඩුවක් වෙයි කියලා හිතලම, මට මේකේ උපසිරැසි දාන්න හිතුනා. ඒ වගේම අපි Baiscope වලින් Download කරලා බලන එකේ ණය ගෙවෙන්නත් එක්කම මම මේක ඔයාලට දෙන්න තීරණය කලා. ඉතිං මට මේ අවස්ථාව දුන්නට බයිස්කෝප් අඩවියට ගොඩක් කෘතඥ්‍යතා පූර්වක වෙනවා.

ප්‍රධාන චරිත
• පැට්‍රික් ජේන් – Simon Baker
• තෙරේසා ලිස්බන් – Robin Tunney
• ග්‍රේස් වෑන් පෙල්ට් – Amanda Righetti
• කිම්බල් චෝ – Owin Yeoman
• වේන් රිස්ග්බි – Tim Kang
මෙයාලා තමයි ප්‍රධාන චරිත. චරිත වල ස්වභාවය විවිධයි වුනාට කතාව පුරාම කණ්ඩායමක් තුල තියෙන ලෙන්ගතුකම, සහයෝගය, විනෝදය, ත්‍රාසය, කුතුහලය මනාව පිරුණු චිත්‍රපට් සමූහයක් මේ The Mentalist කියන්නේ.

මේ කතාවේ සාරාංශීය අදහසක් දැක්වුවොතින් එහෙම. මේකේ ප්‍රධානතම චරිතය තමයි පැට්‍රික් ජේන් කියන්නේ. මෙයා සාමාන්‍යෙයන් එක විදියක (ශර්ලොක් හෝම්ස් කෙනෙක්).මෙයාට විශේෂයෙන්ම මනුස්සයෝ බොරු කියනකොට, ඒක දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තැන නොතැන නොබලා හතරවිලි ලැජ්ජා නැති වැඩත් ඉඳලා හිටලා කරනවා. ඒක තමයි මේ කතාවේ රසය. මෙයාට පුළුවන් හැම දෙයක්ම බලන්න, කතාව බලන්නම වෙනවා.

මේ කතාව ආරම්භය සිදුවෙන්නේ…, මෙයා ඉස්සරකාලේ මලවුන් සමග කතා කරන්නෙක්. දවසක් මෙයා රූපවාහිනී වැඩසටහනකට ගිහිල්ලා, රෙඩ් ජෝන් කියන මිනීමරුවෙකු ගැන කටමැත දොඩවනවා. ඒ හේතුව නිසා, ආපසු මෙයා ගෙදරට එද්දී මෙයාට දකින්න ලැබෙන්නේ තමුන්ගේ බිරිඳ සහ චූටි දුවණියගේ මරණයන් විතරයි. රෙඩ් ‍ජෝන් විසින් මෙයාගේ පවුලේ අය මරාදැමීම හේතුවෙන්, මෙයා CBI කියන විශේෂ අපරාධ විමර්ශණ ඒකකයකට බැඳිලා, රෙඩ් ජෝන් කියන මිනීමරුවා අල්ලන්න වෙර දරනවා. මෙයාගේ ජීවිතේ තියෙන එකම අධිශ්ඨානය තමයි රෙඩ් ජෝන් ව අල්ලලා, තමුන්ගේ දෑතින්ම එයාව මරන එක. ඒ අතරේ මෙයා බහුලව අනෙකුත් අභිරහස් මිනීමැරුම් පවා විසඳනවා, ඒ වුනාට රෙඩ් ජෝන් කියන්නේ ශර්ලොක් හෝම්ස් කතාවේ මොරියාටි වගේ කපටියෙක්. එයා තමුන් හිතන විදියේ කෙනෙක් නෙමෙයි කියලා එයාට තේරුම් යන්නේ පස්සේ. ඒවා මීලඟ Season වලදී දකින්නට ලැබේවි. මම ඒවත් දෙන්නම්.

මම කුළුඳුලේ හදපු උපසිරැසිය. හොඳයි ද නරකයිද කියලා, ගල්මුල්, කැලිකසල, චෝදනා සහ පොඩ්ඩක් හරි හොඳක් තියෙනවා නම් ඒ ඔක්කෝම, පල්ලෙහා තියෙන කමෙන්ට් පෙට්ටගමට දමන්න. මම තෝරලා බේරලා ගන්නම්. මේ කතා මාලාවේ උපසිරැසි අදින් පටන් පොද වැටෙනවා වගේ දිගටම වැටෙන්න ගනීවි. ඒක නිසා කවුරුත් වැහි බිංදු අහුලන්න Online ඉන්න…

(ප.ලි)
මේ උපසිරැසි පැහැදිලිව නරඹන්න නම්
Media Player Classic (MPC Player), MKV Player තමයි වඩාත්ම ගැලපෙන්නේ. ඒවා නොම්ලේ දෙන Player නිසා කාටත් ගන්න පුළුවන්. මොකද කිව්වොත් KM Player එකේ අඩුම ගානේ {\an} කෝඩ් එකවත් වැඩ කරන්නේ නෑ.

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,101 downloadsDownload The.Mentalist.S01E01.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                              All Episodes                          Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

4,101 downloadsDownload Subtitles109 KB

78 comments

  1. Sampath

    ස්තුතියි , ඔන්න බලන්න්න පටන් ගන්න හදන්නේ, ඔබට ජය !!!

    1. තිසල් නදීශන (සොනික්)

      පිස්සු හැදෙයි සඳ බැබලෙයි.. මේකෙ සීසන් හයක්ද කොහෙද තියනවනේද?ටීවී එකේ දැන් හයවෙනි එක යන්නෙ..ඔයානම් දෙයියෙක්..
      සුබ පැතුම්.. ☺

  2. #AsanTha AkiLa [අසන්ත]

    thanx machoo :) palaweni sub ekata subapathum

  3. prabath

    හ්ම් අළුත් එකක් බාලම බලමු සුභ පැතුම පළවෙනි සබටග.බොහ‍ොම ස්තූතියි.

  4. bhanusha

    කලින් බලපු සිරිස් එකක් ඒත් සිංහල තිබුනෙ නෑ.නියම කතා

    වක් .shorlok homes බලපු අය බලයි කියල හිතනව.දිගටම සබ් දෙන්න.ජය වෙවා

  5. dilanka

    niyamai saho digatama sub denna. balanna puluwan fatta tv series wage (y)

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. නලින්

    ස්තුතියි ප්‍රවීන් සහෝ එකපාරම ගිගුරුම සහිත වැස්සක් වස්ස වන්නයි හදන්නේ!

    සතුටුයි සහෝ දිගටම අඩවිය එක්ක රැදෙන්න
    පළමු නිර්මාණය සමුහයට සුබ පැතුම්!

  8. Deva

    එක දිගටම දෙන්න පොරොන්දු උන නිසා ඔන්න ඉතින් අපිත් බලන්න පටන් ගන්නවා... ජය වේවා

  9. Hasitha

    ඔයා කතා කරලා තියෙන විදිය නිසාම comment 1ක් නොදා යන්න බැරි ගතියක් දැනුනා..
    දැන් download කරන ගමන්...
    කතාව බලලම හොඳ නොහොඳ කියන්නම්...
    උපසිරැසි දෙන වැඩේ දිගටම කරගෙන යන්න සිත පහවේවා කියල මං ප්‍රාර්ථනා කරනවා..

  10. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  11. Lakshitha

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි.කතාව නියමයි.අනෙක් කොටස්වලත් උපසිරසි ඉක්කමනට දෙනවනම් හොදයි.

  12. Ravindu

    ela bro..digatama ona..

  13. gayan

    pattamachan thnks

  14. theekshanax

    ස්තුතියි ප්‍රවීන් සහෝ :D

  15. Era

    thanx machan...

  16. dev

    mat meka ehen mehen dekala tiyanawa.... .
    sinhala sub tiyana nisama anika saho kiyanawane hodai kiyala e nisa onna mat patan gatta meka balanna.
    bohoma stuti saho... .
    katawa hoda naraka passe kiyannamko... .

  17. jayasekara

    උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  18. jina

    patta saho digatama denna

  19. Saumya H

    Congratz,,,,Keep it up.

  20. Sach

    Thanks !

  21. harsha

    ආයුබෝවන් වාසනාවන්! සතුටින් පිලිගන්නවා. පොද වැස්සට තෙමෙන්න තමයි මගෙත් අදහස. පටාංගම්මු එහෙනම් ජයවේවා සහෝ

  22. SHAN ( CITILIFE )

    THANK'S BRO.

  23. සජීවි

    ස්තූතියි.
    ඉතින් එහෙනම් මේකත් බලමු.

  24. kanushka

    thnx mcn.digatama sub denna.

  25. chandima amarasinghe

    සුභපැතුම් සහෝ ඔන්න මමත් බානවා දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  26. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍අ‍ලුත්‍ ‍කොල්‍‍ලෙක්‍ ‍නි‍සා ‍මො‍කක්‍‍ද ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍කි‍ය‍ලා ‍බ‍ලන්‍‍න ‍හි‍තු‍නා.
    ‍ආ‍රම්‍‍භ‍යේ ‍ප‍ටන්‍ ‍ලි‍පි‍යේ ‍අ‍මු‍තු ‍ග‍ති‍යක්‍ ‍තිබ්‍‍බා.
    ‍ඉ‍තින්‍ ‍අන්‍‍ති‍ම ‍වෙ‍න‍කම්‍ ‍ලි‍පි‍ය ‍කි‍ය‍න‍ගෙ‍න ‍ගි‍යා. ‍වැස්‍‍ස ‍ගැ‍නත්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍ලත්‍ ‍තිබ්‍‍බා. :-D
    ‍ඉ‍තින්‍ ‍මාත්‍ ‍මේ ‍වි‍භා‍ගේ ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා ‍ඉන්‍‍න ‍නි‍වා‍ඩු ‍කා‍ලේ ‍වැස්‍‍ස‍ට ‍තෙ‍මෙන්‍‍න ‍ඕ‍නේ ‍කි‍ය‍ලා ‍හි‍තු‍වා.
    ‍සු‍පි‍රි ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ ‍ස‍හෝ.
    ‍ලි‍පි‍යත්‍ ‍පට්‍‍ට ‍සු‍පි‍රි.
    ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍අ‍ද ‍ඉ‍දන්‍ ‍මාත්‍ ‍මේ‍ක ‍බ‍ලන්‍‍න ‍ගන්‍‍න‍වා.
    ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!

  27. iduwara

    niayamai saho.... patta... meke sub eka denakam balagena hitiye... jaya wewa....
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  28. praveen

    meka sub netuwa hitiye balanna

  29. kasun

    නියමයි මචෝ
    දිගටම සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    ජය වේවා
    සුබ පැතුම්

  30. yasiru

    niyamai machan thanks.goda kaleka idan balagena hitiye denakam.superb..............

  31. yashan

    thanx so much saho..niyama kathwawak wage..ela..

  32. Isu DP

    Niyamai Prenith Sahoo……
    PAtta Kathwakin Wade Patan Aran Thiyenne....
    Lipiynam Ithin Supiri...
    Habai Kollo Wadeta Niyagayak Enna Ba..
    Digatama One...
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. :-) :-P

  33. dilshan

    thank you

  34. “චූටී මල්ලි”

    ඔව් ඔක්කොටම කලින් ලිපිය වර්ණනා කරන්න ඔනි

    "මේ කතාවේ උඩ මළුවටම යනකන් කරුණා කරනවාම තමයි."
    "මේ කතා මාලාවේ උපසිරැසි අදින් පටන් පොද වැටෙනවා වගේ දිගටම වැටෙන්න ගනීවි. ඒක නිසා කවුරුත් වැහි බිංදු අහුලන්න Online ඉන්න…"

    මචන් ඔයාගෙ ඔය කෑලි ටික නිසා
    ලිපියෙ මාර අමුත්තක් ,වෙනසක් දැනෙනවා
    ඒක දැන්නෙන්නෙ
    සුපර්නැචුරල් දෙන කෙනාගෙ පලවෙනි
    ලිපියෙන් පස්සෙ පලමු වතාවටයි
    මේක ගැන මමත් අහලා තියෙ
    මමත් හිතන් උන්නෙ වැඩක් නැතිව ඇති කියලා
    බැලින්නම් හොද එකක් වගෙ
    කොහොමත් ශර්ලොක්ගෙ ගෑවිලා යන ඒවා මටනම් පට්ට
    ඒවගෙම සුභ පතනවා දිගටම දෙන්න ලැබේවා කියලා
    දිගටම web dl කොපියටත් දෙන්න
    සබට තුති
    ඔබට ජය..........

  35. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  36. Eranda

    Season 2kama dekan balan innawa sahooo :) :) maxxxxxaaaaaa

  37. Tharindu Perera

    elazzz ahhh machan...
    palamu vadeta hada piri subapathum....
    patta kathavak vageee...
    thanks machan sub ekatahhh
    danma banava mekaaa....

  38. De Mobile Zone

    ela...suba pathum..obata jaya

  39. Jayasooriya

    මොනවා නැතත් ලිපිය නම් නියමෙට ගලපලා තියනවා. thanks for sub. well done.

  40. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාවකට සිංහලෙන් පණ පොවන්න ගත්තු උත්සාහයට වටිනාකමක් දෙන්න ඉන්නවනම් ඉන්නේ ඔයාලාම විතරයි.
    මෙතරම් කාලයක් උපසිරැසි Download කරලා Comment දාලා ති්බ්බත්,
    තවත් කෙනෙකුගෙන් Comment එකක් ලැබුණාම කර්තෘ කෙනෙකුට දැනෙන සතුට මට දැනුනේ අදමයි.
    ඒ සතුට ඉන්ධනයක් කරගෙන ඔයාලට තවත් උපසිරැසි හදලා දෙන්න මට රුකුලක් වීම නිසාම,
    ඔයාලත් මෙම උපසිරැසියේ හිමිකාරීත්වයක් දරන්න සුදුසුයි.

    මෙතැන තිබෙන ප්‍රතිචාර කවදාහරි වැරදීමකින් මැකුනොත් කියන අවධානම නිසාම.
    මගේ මතකය ගලක් කරගෙන, මේ සියල්ලක්ම මගේ හිතේ දැනටමත් කැටයම් කරගෙන අවසානයි.
    ඉදිරියට ප්‍රතිචාර ලැබුණත් මම ඒකම කරනවා සිකුරුයි.
    ඔයාලගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක් මගේ හිතේ කැටයම් වෙලා
    මගේ හිත ලස්සන කරනවාට,

    හැමෝටම ස්තූතියි !!! __/|\__

    1. maduwa

      macho mn laga season 2 k tiyenawa, mata next season download karaganna oni. etakota ara 2.8 gb kiyana link eka tap karama full season ekama download venawada nattam ee episode eka vitarada down load venne....plz machn im new for this.hope u understood.reply me ..subs are truly original..thankzzz

  41. චතුරබුද්ධි

    බොහොම ස්තුති සහෝ.. ලස්සන ලිපිය. කියවල ඉවරවෙනකොට බලන්නම හිතුන. මමත් බලනවා මේක අද ඉදන්..

  42. ruchcha

    plzzzzzzz 1st season ekama eka para denna plzzzzz. ekko dawasata 3-4k watch denna.jaya wewaaaa

  43. ගයාන් තාරක

    එල මචන්.. ජයවේවා... දිගටම වැඩේ කරගෙන යමු... :D

  44. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  45. ishara

    Supere kathawak nea thanx bro
    ikmanata sub tika dando

  46. Akalanka

    Thnx bro.........

  47. Gayan sampath

    thanks saho.....

  48. තිලංක

    පට්ට කතාව මචං..... එල... ඊළඟ එකත් ඉක්මනටම දෙන්ටෝ..................

  49. udpedro

    මේ කතා මාලාවේ උපසිරැසි අදින් පටන් පොද වැටෙනවා වගේ දිගටම වැටෙන්න ගනීවි. ඒක නිසා කවුරුත් වැහි බිංදු අහුලන්න Online ඉන්න…

  50. Chandima

    නියමයි සහෝ.දිගටම කරගෙන යන්න.සුභ පැතුම්

Load more comments