හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා !!! හැබැයි අළුත් අවුරුද්දේ දෙන්න කියලා නම් අළුත් කතාවක් මං ළඟ නෑ. කරගෙන එන කතාවම තමයි. දෙසැමිබර් 28 වෙනිදා නිකුත් කරපු කතාව තමයි මම මේ අද පොඩ්ඩක් පරක්කු වෙලා ජනවාරි පළවෙනිදා දෙන්නේ. වෙනදා කතා හතරම දුන්නේ නම් නිකුත් කරන දවසට කලින් දවසේ. ඒත් මේ කථාවේ ටොරන්ට් එක නිකුත්…

හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!
හැබැයි අළුත් අවුරුද්දේ දෙන්න කියලා නම් අළුත් කතාවක් මං ළඟ නෑ. කරගෙන එන කතාවම තමයි. දෙසැමිබර් 28 වෙනිදා නිකුත් කරපු කතාව තමයි මම මේ අද පොඩ්ඩක් පරක්කු වෙලා ජනවාරි පළවෙනිදා දෙන්නේ. වෙනදා කතා හතරම දුන්නේ නම් නිකුත් කරන දවසට කලින් දවසේ. ඒත් මේ කථාවේ ටොරන්ට් එක නිකුත් කළේ නම් හරියටම විකාශය වෙන දවසේ රාත්‍රියේ. කලින්ම බාගෙන උපසිරැසිය ගහන්න කියලා හිතාගෙන පැකේජ් එක ඇක්ටිව් කළත් දාලා නොතිබුණු නිසා ආයෙමත් ඔන්න කීයක් හරි හොයාගෙන ඇක්ටිව් කරලා තමයි මේක දාන්නේ. (පුංචි අපිට කොයින්ද අප්පා සල්ලි. මේ දවස් වල ආර්ථිකේ අවුල් 🙂 ) පොඩ්ඩක් වැඩියෙන් වැඩිවෙලා තිබුණු වැඩත් එක්ක මේක කරන්න පරක්කු වුණා. ඒත් මෙන්න මම ගෙනාවා. (අවුලක් නෑ බනින්න. මම තරහා නෑ.)
අද කතාව ආරම්භ වෙන්නේ FBI වල තියෙන පහරදීමේ සහ වැටලීමේ පුහුණුවක් එක්ක. පුහුණුව අවසානයේදී ලිස්බන්ව හමුවෙලා කතාබහ කරලා යන්න කර්නල් රේමන්ඩ් කියලා කෙනෙක් එනවා. මෙයා තමයි මේ පුහුණුව මෙහෙයවන කෙනා. මෙයා එක්ක කතාබහ කරද්දී ජේන්ට මෙයා ගැන අමුත්තක් දැනෙනවා. ජේන් ලිස්බන්ගෙන් අහනවා මෙයාගේ අමුත්තක් පේන්නේ නැද්ද කියලා. පස්සේ ලිස්බන් ජේන්ට කියනවා මාස 8කට කලින් කර්නල් රේමන්ඩ්ගේ බිරිඳව මරලා දාලා කියලා. කර්නර් රේමන්ඩ්ගේ බිරිඳගේ නම තමයි නිකෝල් රේමන්ඩ්. ඒ වගේම පොලිසිය විසින් ඒකට සම්බන්ධ කෙනාව අත්අඩංගුවට අරගෙනත් තියෙනවා. මෙතැනින් තමයි මේ කථාවේ කේස් එක පටන් ගන්නේ.
කොටින්ම කිව්වොත් මේ කථාවත් අහක යන කේස් එකක්. මීට කලින් 4 වෙනි සමයේ 14 වෙනි කතාංගයෙදීත් මේ විදියේම තමුන්ගේ නැටුම් ගුරුවරයා මැරුවා කියලා ඊව් මුල්බෙරි කියලා ගැහැණු කෙනෙක් නිකරුණේ හිරේ යන්න හදපු එකකින් බේර ගන්න හදනවා. ඒ වගේම වුණත් මේ කතාවේදී නම් මිනීමරුවා අල්ලලා හිරේ දාලා මාස 8ක් ගිහිල්ලත් ඉවරයි. ජේන්ට දැනෙනවා කර්නල් රේමන්ඩ් වෙන්න ඇති තමුන්ගේ බිරිඳව මරන්න ඇත්තේ කියලා. මේක නිසා ජේන් ඇබට්ගෙන් ඉල්ලනවා මේ කේස් එක නැවත ආරම්භ කරන්න කියලා. ඒත් ඇබට් කියන විදියට, කර්නල් රේමන්ඩ් කියන්නේ සම්මාන ලබපු යුද විරුවෙක්. මෙයාට විරුද්ධව නැවතත් කේස් එක ආරම්භ කරන්න උසාවියෙන් ඉඩ දෙන්නේ නෑ කියලා මේක කරන්න විදියක් නෑ කියනවා. ඒත් ජේන්ගේ බල කිරීම නිසාම, ඇබට් ජේන්ට අවසර දෙනවා කාටවත් නොදැනෙන්න කර්නල් රේමන්ඩ්ට විරුද්ධව සාක්ෂි හොයා ගන්න කියලා. එහෙම සාක්ෂි හොයා ගත්තොත් ආයෙමත් නඩුවක් දාන්න පුළුවන් කියලා. මේ අවසරයෙන් ජේන් ලිස්බන් දෙන්නා අනිත් අයත් එක්ක එකතු වෙලා නිකෝල් රේමන්ඩ් කර්නල් රේමන්ඩ් විසින් මැරුව බවට සාක්ෂි එකතු කරනවා.
මාස 8ක් පරණ මිනීමැරුමක්. මේකට සාක්ෂි ජේන් අනිත් අයත් එක්ක එකතු වෙලා හොයා ගන්නේ කොහොමද? කර්නල් රේමන්ඩ් කොහොමද තමුන්ගේ බිරිඳව මැරුවේ? මෙයාලට ඔහුට විරුද්ධව සාක්ෂි හමුවේවිද? ඒ හැරත් මෙයාලට මේ විමර්ශනය කර්නල් රේමන්ඩ්ට නොදැනෙන්න රහසිගතව කරගන්න පුළුවන් වේවිද? අවසානයේදී හරියටම මිනීමරුවා කවුද කියලා දැනගන්න පුළුවන් වේවිද ??? ප්‍රශ්න ගොඩායි. මේ කථාවේ අනිත් කතා වගේ අමුත්තක් දැනේවි.
ප. ලි.
ඒ වගේම තමයි ජේන් ලිස්බන් එක්ක FBI ඉවත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරමුද කියලත් සාකච්ඡා කරනවා. මේක නම් මේ සමය අවසන් වුණාට පස්සේ තවත් සමයක් නොතියන්න කරපු මුලපිරීමක් වගේ. Bruno Heller එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවකදී කියලා තියෙනවා, කථාවේ ඉදිරි ගමන පවතින්නේ Simon Baker තීරණය මත කියලා.
“සයිමන් කැමති වුණොත් 8 වෙනි කතාමාලාවකට යන්න තීරණය කරනවා. මෙච්චර කලින් ප්‍රකාශයක් සිදු කරන්න අපහසුයි.”
සිනමා රසිකයින්ගේ විචාරය අනුව නම්
“Gotham කතා මාලාව Bruno Heller විසින්ම නිෂ්පාදනය කරන නිසාත්, Gotham කතා මාලාව ඉදිරියේදී චරිතමය වශයෙන් කාර්යබහුල සහ සංකීර්ණ කතා මාලාවක් වියහැකි නිසා, මේ කතා මාලාව මෙම සමයෙන් අවසාන කරන වගකුයි දැනගන්න ලැබෙන්නේ.”
දැන්ම ඉතිං මේ දේවල් ගැන කියන්න අමාරුයි. මොනවායින් මොනවා වෙයිද කියලා අධ්‍යක්ෂක සහ නිෂ්පාදක මහත්තුරුම තමයි දන්නේ. එයාලා මොනවා කළත්, කතාව දෙනකං මමත් උපසිරැසි දෙන්නං. මීළඟ උසිරැසියෙන් හමුවෙමු.
සුබම සුබ- නව -වසරක් -වේවා !!!
ආවඩා -ආයු -බෝ -වේවා !!!
80e720ed997b4fd1035f9ddf060a7b8ba9291366 7b00bcb9387928adeba4d29d312af229f5c04f98 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,791 downloadsDownload The.Mentalist.S07E05.baiscopelk.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
Rasidu
sajeevi
thanks
චතුර බුද්ධික
Exam අස්සේ අවා පොඩ්ඩක් මේ පැත්ත බලලා යන්න... අම්මෝ බලන්න එව්වා ගොඩයි නෙහ්...
ස්තුති සහෝ... කොල්ල 100 ත් ගහලනේ... :)Sach
සබට තුති සහෝ !!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රණීත් සහෝ. ඔන්න මේකෙන් තමා මම වැඩ ඇල්ලුවේ. දැන් දෙවෙනි කතා මාලව බලන ගමන් ඉන්නෙ. අවුලක් නෑ ඉක්මනටම එන්නම්කෝ හත්වෙනි එකට. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේක නවත්තයිද???????????? :-(
ජය වේවා. !rejith
thanks
“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kasun
E06 eke sub naddooi
Kasun
E06 eke sub naddoo
dila
ela ela
thnx machnkavindu malinga
supiri sub eka lokka .JAYEN JAYA««╬«♫☻««╬«♫☻
R.D
Season 6 deela iwara nisa dan digatama season 7 ta sub danda puluwan wei ne?Katha 5 ma eka husmata balanawa.......eelanga epiya denakal balan innawa....Thanks Bro
prabhath
thanks
Gossip12
සබ් එකට බොහොම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for sub