ඔන්න ඉතිං පුරුදු විදියටම අලුතින් සීසන් 5 බලන අතරේ, සමගාමී විකාශය වශයෙන් මම මේක ගෙනාවා. මේ දවස් වල නම් ගොඩක් කතා නත්තලට නවත්වලා නේද? දෙසැම්බර් වලට කරන්න දෙයක් නැතුව ඉන්නේ. වැඩේ කියන්නේ පිටරට මිනිස්සුන්ට නිවාඩුපාඩුවේ TV බලන්න තියෙන කාලෙටම තමයි බෝරිං නත්තල් වැඩසටහන් වෙනුවෙන් කතා මාලාවන් නවත්වන්නෙත්. ක…

ඔන්න ඉතිං පුරුදු විදියටම අලුතින් සීසන් 5 බලන අතරේ, සමගාමී විකාශය වශයෙන් මම මේක ගෙනාවා. මේ දවස් වල නම් ගොඩක් කතා නත්තලට නවත්වලා නේද? දෙසැම්බර් වලට කරන්න දෙයක් නැතුව ඉන්නේ. වැඩේ කියන්නේ පිටරට මිනිස්සුන්ට නිවාඩුපාඩුවේ TV බලන්න තියෙන කාලෙටම තමයි බෝරිං නත්තල් වැඩසටහන් වෙනුවෙන් කතා මාලාවන් නවත්වන්නෙත්. කොහොම වුණත් මේ කතාව නම් නවත්වන පාටක් නම් නැති ගානයි. ඒක නිසා බලන්න මේකවත් ඉතුරු වෙනවා. කොහොමහරි අද කථාවත් නත්තල වගේම නැගලා යන කතාවක් තමයි. වෙනදට වඩා පොඩ්ඩක් ෆන් කතාවක්.
අද සිදුවීම යන්නේ දියමන්ති හොරකමක් ගැන. කතාව පටන්ගත්තු ගමන්ම වෙච්ච දේ එක්ක මම බැලුවේ “අඩේ මේ මොකද වෙන්නේ” කියලා. කතාව බලද්දී ඔයාලට මම කියපු එක තේරේවි. කොහොමහරි මෙදාපාර FBI එක වැඩ කරන දියමන්ති කොල්ලය ගැන හොයන්න පටන් ගත්තු විමර්ශනයක් අතරමැද කොටසෙදී තමයි මේ කතාව පටන් ගන්නේ. ඒ කියන්නේ වෙනදා වගේ අපරාධයක් වෙච්ච තැනින් නෙමෙයි. කොහොමහරි ආභරණ කඩ වලට ගිහිල්ලා බලනවා රෝස දියමන්ති හොරකම් කරපුවාද කියලා. ඊට පස්සේ එයාලා ඒ දියමන්ති මිලදී ගත්තු තැන් ආපස්සට හොයාගෙන යනවා. මේ විදියට මෙයාලා යොමු වෙන්නේ මැණික් ප්‍රදර්ශනයක් වෙත. මේ මැණික් ප්‍රදර්ශනයේ කෙනෙක් මේ මැණික් විකුණුවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ අතරේ ජේන්ට උණ හෙම්බිරිස්සාව හැදිලා ඔන්න ඔහේ කවිච්චිය උඩට වැටිලා ඉන්නවා. ඒක නිසා ජේන්ට මේ කේස් එකේදී වැඩිය කරන්න කියලා දෙයක් ලැබෙන්නේ නෑ. පහුගිය කථාවේ සිදුවීමක් නිසා චෝ වේගා එක්ක තරමක් හිත් අමනාපයෙන් ඉන්නේ කියලා ඔයාලා දන්නවා ඇති. අදත් එහෙම තමයි. ඒ වුණත් වේගා කොහොමහරි චෝගේ හිත දිනාගන්නයි හදන්නේ. ඔයාලා දන්නවානේ චෝගේ හැටි. මිනිහා කවදාවත් මූණට පේන්න හිනා වෙන ජාතියෙක් කෙනෙක් නෙමෙයි. කොහොමහරි චෝට තමයි ඒ මැණික් ප්‍රදර්ශනය තියෙන තැනට යන්න වෙන්නේ. චෝ ලිස්බන් එක්ක යන්න හැදුවත්, ඇබට් බල කරනවා වේගාව එක්කගෙන යන්න කියලා. චෝ අකමැත්තෙන් වුණත් වේගා එක්ක තමයි යන්නේ. ඔන්න ඉතිං අද එළියේ වැඩකිඩ බලාගන්න වෙන්නේ වේගාට සහ චෝට. චෝ සහ වේගා මේ ප්‍රදර්ශනයට ගියපු අතරේ එතැනදී හමුවෙන කෙනෙක්ව ටික වෙලාවකදී මරලා දාලා තියෙද්දී හමුවෙනවා. මේක ගැනත් චෝ සහ වේගාට බලන්න වෙනවා. ඒ වගේම තමයි අවසානයේදී හැමදාමත් වගේ හැමෝටම ජේන්ගේ පිහිට පතන්න වෙනවා. ඒත් ජේන්ට මේකට උදව් කරන්න විදියක් නෑ. එයා ලෙඩ වෙලා ඔළුවේ ඉඳන්ම බෙඩ් ශීට් එකකින් වහගෙන තමයි ඉන්නේ. අන්තිමේදී ලිස්බන්ට ජේන්ගේ වැඩේ කරන්න වෙනවා. මම හිතන්නේ ඔයාලා ඒ කොටස ගොඩක් හොඳට රසවිඳීවි කියලා.
කතාව ගැන පොඩ්ඩක් විතර ලිව්වා. දැන් තියෙන්නේ උපසිරැසි බාගෙන බැලිල්ලක්. කතාව බලලා රසවිඳින්න. මිළඟට 28 වෙනිදාට 7 වෙනි සමයේ මිළඟ උපසිරැසියෙන් හමුවෙමු කියලා කියන ගමන්, අදට සමුගන්නම්. පුළුවන් නම් කතාව අවසාන වෙන්න කලින් මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න බලන්න. මම නම් පොඩ්ඩක් විතර ළඟින් ගියා. ඒත් හරියටම අනුමාන කරන්න බැරි වුණා.
ආයු -බෝ -වේවා !!!
0ea5f496889d02bf1b80fd5c9b427a24ec800fae 190b1f77cd3c485a7c4c660cd46ebaaef8a29355 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,823 downloadsDownload The.Mentalist.S07..E04.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
Kulanjana Maduranga
ගයාන් රූකාන්ත
මම නම් අර දෙන්නාව චෝ හම්බ උණු වෙලේම දැනගත්තා
මුන් දෙන්නගෙන් එකෙක් තමා කියලා.සබට තුති ප්‍රණීත් සහෝ ජය!! :P :Pතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sisira Hegoda
Thanks. Pillars of the earth part 8 Dennako
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මම මේක ගැන ඇහුවේ නම් අද.
ඒත් මම පොඩ්ඩක් බලන්නම්.
මේක හදන්න නම් පුළුවන් වේවි. එපිසෝඩ් 8ක එකක් නිසා.ඊට කලින් මේක මම බලලා ඉන්නත් එපැයි.
කතාව කම්මැලි වුනොත් මට සබ් එක ගහන්නත් කම්මැලි හිතෙනවා. :)
Sach
සබට තුති !!
sajeevi
thanks
“චූටී මල්ලි”
එල ප්‍රනි
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියටම යමු...
ජයෙන් ජයම වේවා…!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
dila
ela ela
thnx machnkavindu malinga
supiri sub eka lokka .JAYEN JAYA««╬«♫☻««╬«♫☻
prabhath
thanks
Dushantha
Forbidden
You don't have permission to access /wp-content/uploads/downloads/2014/12/The.Mentalist.S07..E04.baiscopelk.zip on this server.
Error එකක් එනවනේ සබ් එක ඩ්වුන් කරන්න බෑ :/ :/ :/
Gossip12
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……