The Monster of Florence Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි, මේ වතාවේ මං අරගෙන ආවේ සත්‍ය කතාවක් පදනම් කරගත්ත දාම ඝාතකයෙක් සම්බන්ධව නිර්මාණය කෙරුණු ඉතාලි ටෙලිවෘතාන්තයක්. ඒ තමයි Stefano Sollima විසින් අධ්‍යක්ෂණය කළ Monster of Florence නම් ඉතාලි ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවුණේ මෙ…

The Monster of Florence Sinhala Subtitles
සුබ දවසක් මිත්‍රවරුනි, මේ වතාවේ මං අරගෙන ආවේ සත්‍ය කතාවක් පදනම් කරගත්ත දාම ඝාතකයෙක් සම්බන්ධව නිර්මාණය කෙරුණු ඉතාලි ටෙලිවෘතාන්තයක්. ඒ තමයි Stefano Sollima විසින් අධ්‍යක්ෂණය කළ Monster of Florence නම් ඉතාලි ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවුණේ මෙහි සත්‍ය සිදුවීමට පසුබිම් වුණු ෆ්ලොරන්ස් සහ ඒ ආසන්න ප්‍රදේශ වලයි. මෙහි මෙහි සිනමාරූපණ අධ්‍යක්ෂක Paolo Carnera උත්සාහ කළේ මේ මිනීමැරුම් සිදුවුණු කාල වකවානුවට ගැළපෙන පරිදි පසුතල සහ සිදුවීම් ගොඩනඟමින් වාර්තා වැඩසටහනක් මෙන් හැකිතාක් නිවැරදිව මේ ටෙලිනාට්‍යය නිර්මාණය කිරීමටයි. කොටස් හතරක් ඔස්සේ දිවෙන මේ ටෙලි නාට්‍යයෙන් මේ වනතෙක් අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වුණු, 17 වසරක් මුළුල්ලේ ඉතාලියම භීතියෙන් කම්පනයට පත් කළ දාම ඝාතකයාගේ කතාව විවිධ දෘෂ්ඨි කෝණ ඔස්සේ විස්තර කෙරෙනවා. පසුගිය ඔක්තෝබර් 22 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය කෙරුණු මේ ටෙලිනාට්‍යය IMDb දර්ශකයේ 6.4/10ක අගයක් ලබාගන්නට සමත් වුණා. ඒ වගේම Rottentomatoes වෙබ් අඩවියේ 62%ක Tomatometer අගයක් ලබාගන්නට සමත් වුණා.

මොකක්ද මේ ෆ්ලොරන්ස්හි රාක්ෂයා නම් දාම ඝාතකයාගේ කතාව? Monster of Florence කියලා හඳුන්වන්නේ 1968 සිට 1985 දක්වා ෆ්ලොරන්ස් (හෙවත් ෆිරෙන්සි) ආසන්නයේ කඳුකරයේ මිනිසුන් 16 දෙනෙක් ඝාතනය කළ ඉතාලි දාම ඝාතකයෙක්. (හෝ දාම ඝාතක කණ්ඩායමක්) හුදෙකලා ස්ථාන වල වාහනය නවත්වා ප්‍රේමාලිංගනයේ යෙදුනු තරුණ ජෝඩු අටක්, 0.22 කැලිබර් බෙරෙට්ටා පිස්තෝලයක් යොදාගනිමින් වෙඩි තබා අනතුරුව පිහියෙන් ඇන ඝාතන සිදු කර තිබුණා. ඇතැම් අවස්ථා වල ස්ත්‍රී වින්දිතයන්ගේ මළ සිරුරු වල කොටස් කපාගෙන ගොස් තිබුණා. මේ ද්විත්ව ඝාතන අට ඉතාලියේ වඩාත්ම සංකීර්ණ සහ දීර්ඝ කාලයක් ඔස්සේ දිවුණු අපරාධ විමර්ෂණයකට තුඩු දුන් නමුත්, සැකපිට විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගත් නමුත් ඒ හැම අවස්ථාවකම සැකකරු අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම තවත් ඝාතන සිදු වුණා. මේ හැම ඝාතනයක්ම ගිම්හාන කාලයේ සති අන්තයේ (1981 ඔක්තෝබර් හැර) සහ නව සඳ දිනවල හෝ ඕනෑම අවස්ථාවක වැඩ නොකරන දිනයකට පෙර අඳුරු රාත්‍රීවලදී සිදු කෙරුණා. බලධාරීන් ප්‍රාදේශීය ජනතාවගෙන් ප්‍රවේශම් වන ලෙසත් පෙම්වතුන්ගේ මංතීරුවලට යාමෙන් වළකින ලෙස දැනුම්වත් කළ අතර, මෝටර් රථවල ලිංගිකව හැසිරීමෙන් වළකින්නැයි තරුණ යුවළ වලට පවසන පත්‍රිකා ද බෙදා හරිනු ලැබුවා. කෙසේ වෙතත් 1985 සිදුවුණු ඝාතනයෙන් පසුව ඔහුගේ ඝාතන දාමය නිමාවට පත්වුණු බවක් පෙනුණා.

ෆ්ලොරන්ස් රාක්ෂයාගේ වින්දිතයන් සහ ඔවුන් ඝාතනය වුණු ස්ථාන (වමේ) ෆ්ලොරන්ස් රාක්ෂයාගේ අතින් ඇඳි සිතුවමක්
පහත නම් සඳහන් වන පුද්ගලයන්ව ෆ්ලොරන්ස් ඝාතකයා විසින් මරා දමා තිබුණා. මේ ඝාතන සියල්ලටම භාවිතා කරන ලද ආයුධය සෑම විටම එකම වර්ගයේ උණ්ඩ සහිත .22 කැලිබර් බෙරෙටා අත් තුවක්කුවක් වුණා. ඒ උණ්ඩ කාට්රිජ් කොපුවේ පතුලේ H අකුරින් සලකුණු කර ඇති වින්චෙස්ටර් පතොරම් වුණා. විශේෂත්වය මේ සියලු දෙනාම හුදෙකලා ස්ථාන වල පෞද්ගලිකව කාලය ගත කළ තරුණ තරුණියන්.
- 1968 අගෝස්තු 21 වැනිදා රාත්‍රියේ – බාබරා ලොචී (32) සහ ඇන්ටෝනියෝ ලෝ බියන්කෝ (29)
- 1974 සැප්තැම්බර් 14 වැනිදා රාත්‍රියේ – ස්ටෙෆානියා පෙත්තීනි (18) සහ පැස්කුවෙල් ජෙන්තිල්කෝර් (19)
- 1981 ජූනි 6 වැනිදා රාත්‍රියේ – කර්මෙලා දි නොච්චෝ (21) සහ ජියෝවන්නි ෆොජ් (30)
- 1981 ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රියේ – සුසානා කැම්බි (24) සහ ස්ටෙෆානෝ බාල්ඩි (26)
- 1982 ජූනි 19 වැනිදා රාත්‍රියේ – ඇන්ටොනෙල්ලා මිග්ලොරිනි (20) සහ පාවොලෝ මයිනාර්දී (22)
- 1983 සැප්තැම්බර් 9 වැනිදා රාත්‍රියේ – විලෙහෙම් ෆෙඩ්රික් හෝස්ට් මේයර් (24) සහ ජෙන්ස් උවේ රශ් (24)
- 1984 ජූලි 29 වැනිදා රාත්‍රියේ – පියා රොන්ටිනි (18) සහ ක්ලෝඩියෝ ස්ටෙෆානාචි (21)
- 1985 සැප්තැම්බර් 7 හෝ 8 – ජෝන්-මයිකල් ක්‍රැවේච්විලි (25) සහ නඩීන් මෝරියට් (36)

1990 දශකයේ මුල් භාගයේදී ෆ්ලෝරන්ස් අභිචෝදක කාර්යාලය විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසුව, ඉතා දීර්ඝව සහ සංකීර්ණව මේ මිනීමැරුම් ගැන පරීක්ෂණ දියත් වුණත්, මේ වනතෙක් නිසි ලෙස ෆ්ලොරන්ස්හි මිනීමරුවා කවුද යන වග හඳුනාගෙන නැහැ. පෙම්වතුන්ගේ මංතීරු ඝාතනවලට සම්බන්ධ බවට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු වරදකරුවන් කෙරුණු නමුත් සිදුවීම්වල නිශ්චිත අනුපිළිවෙල, ප්‍රධාන අපරාධකරුගේ අනන්‍යතාවය සහ චේතනාවන් තවමත් පැහැදිලි නැත. මාධ්‍යවේදීන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු බොහෝ අය දඬුවම් සමඟ එකඟ නොවන්නේ, සැබෑ අපරාධකරු සොයාගෙන නොමැති බවත් නඩුව තවමත් විසඳී නොමැති බවත් සලකමින්. මෙහි වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් නඩුව නිල වශයෙන් වසා දමා නැති බවයි සඳහන් වෙන්නේ.
අද පළ වන කතාංගය ගැන:
- පළමුවැනි කොටස – “Episode 1” – “ෆ්ලොරන්ස් නගරයේ දාම ඝාතකයා”
- අධ්‍යක්ෂක – Stefano Sollima
- තිරරචනය – Stefano Sollima, Leonardo Fasoli
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 ඔක්තෝබර් 22
- IMDb Ratings – 6.9/10
අද කොටසේ කතාවට යොමුවෙමු එහෙනම්. කතාව ආරම්භ වෙන්නේ 1982 ජුනි 19 වැනිදා පවොලෝ මයිනාර්දී නම් 22 හැවිරිදි යාන්ත්‍රික කාර්මිකයා සහ ඇන්ටොනෙල්ලා මිග්ලොරිනි නම් 20 හැවිරිදි ඇඟලුම් නිර්මාණ ශිල්පිනියක් තමන්ගේ මෝටර් රථය ඇතුළතදී වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවෙන්. පොලිසිය එතැනට එද්දී පවොලෝ ඒ තවමත් ජීවතුන් අතර බව දැනගෙන ඔහුව රෝහලට රැගෙන යනවා. මේ ගැන විමර්ෂණ ආරම්භ වෙද්දී, ඒ හා සමාන වෙන 1968 දී සිදුවුණු යුවළකගේ ඝාතනයක් ගැනත් පොලිසිය අවධානය යොමු කරන්නේ මේ දෙකම එකම ඝාතකයා විසින් සිදු කරන්නට ඉඩ ඇති බව සැක කරමින්. ඉක්මනින් අත්අඩංගුවට ගැනීමේ අපේක්ෂාවෙන්, දිස්ත්‍රික් නීතිඥ සිල්වියා ඩෙලා මොනිකා මාධ්‍යයට නිවේදනය කරන්නේ 1982 අපරාධයේ වින්දිතයා ප්‍රහාරකයා පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබා දුන් බවයි. මෙම ප්‍රචාරක උපක්‍රමය 1968 නඩුව නැවත පරීක්ෂා කිරීමට විමර්ශකයින් පොළඹවනවා. මේ විමර්ෂණය ඉදිරියට යනවිට හෙළිවන කරුණු අද කොටසින් බලමු…

කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
The Monster of Florence Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
1,002 downloadsDownload The-Monster-of-Florence-S01E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Monster of Florence Sinhala Subtitles
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
3 comments
Buddhika laKMal
kavinda gamage
බොහොම ස්තුතියි අනේ මේ වගේම witcher season 4 sinhala sub දෙන්නකෝ
indika 75
thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Monster of Florence [S01 : E01] Sinhala Subtitles | ෆ්ලොරන්ස් නගරයේ දාම ඝාතකයා [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/The-Monster-of-Florence-S01.jpg)



ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ මේ සීරිස්එකටත් සබ් දෙන්න පටං ගත්තට........