One Punch Man [ S03: E04] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 4 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. රාක්ෂයින්ගේ සංගමයට ගරෝ සුදුසුද කියල තීරණය කරන්න ආපු කින්ග් ද රිපර් සහ ඉන්සෙ…

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 4 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.
රාක්ෂයින්ගේ සංගමයට ගරෝ සුදුසුද කියල තීරණය කරන්න ආපු කින්ග් ද රිපර් සහ ඉන්සෙක්ට් ගොඩ් කියන රාක්ෂයින් දෙන්නා ගරෝ එක්ක සටනක් පටන් ගන්නවා. ගරෝ එක්ක මුල ඉඳන්ම මුණ ගැහුනු පොඩි කොල්ලෙකුත් මේ රාක්ෂයො දෙන්නා මේකට මැදිහත් කරගන්නවා. ඒ නිසා ගරෝ සටනින් දරුණු තුවාල ලබල පරාද වෙනවා වගේම ගරෝ මැරුනා කියල මේ රාක්ෂයො දෙන්නා හිතනවා. පොඩි කොල්ලව තමන්ගෙ තිප්පොළට රාක්ෂයො දෙන්නා අරගෙන යනවා.
ඒ අතරේ වීරයන්ගෙ සංගමයේ ඉහළ නිළධාරියෙක්ගෙ පුතෙක්ව රාක්ෂයො පැහැරගත්තු නිසා දැන් රාක්ෂයින්ගෙ තිප්පොළ තියෙන තැන S ශ්‍රේණියෙ වීරයො හොයනවා. විවේකීව ඉන්න සයිතමාව මුණගැහෙන්න ආපු, ජෙනොස්ගේ ඩොක්ටර් සයිතමා එක්ක සංග්‍රහයක් භුක්ති විඳින්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තාමත් සයිතමා ඇතුළු සයිතමා එක්ක ඉන්න බලවත් වීරයො කිහිප දෙනෙක් මේ කිසි දෙයක් නොදැන හරිම විවේකීව ඉන්න බවක් තමයි පේන්නෙ.
වීරයන්ගෙ රාක්ෂ තිප්පොළ හොයාගන්න පුලුවන් වේවිද? මුදවා ගැනීමේ මෙහෙයුම සිද්ධ වෙන්නෙ කොහොමද? සටනින් පැරදුනු ගරෝ ඇත්තටම මැරුනද? මීළගට මොකක් වේවිද? කතාව ටිකෙන් ටික දරුණු වෙන පැත්තට හැරෙමින් තියෙන බවක් තමයි පේන්නෙ. මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. සුපුරුදු විදිහටම මේක අතට අත මුහුණට මුහුණ ගැටෙන, ලේ නෑවෙන සටන් සමගින් ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි.
සුපුරුදු විදිහට අඩු සයිස් එකකින් හොඳම කොලිටිය අරන් එන PSA වීඩියෝ පිටපතට ගැලපෙන විදිහටයි මේ උපසිරැසිය නිර්මාණය වෙන්නෙ. කොටින්ම ඕනෑම වෙබ් පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. ඒ වගේම උපසිරැසිය එක්ක ජපන් බසින් කතාව නරඹන්න අමතක කරන්න එපා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Counterattack Signal
Released Date : 2025.11.02
IMDB Rating : 5.8

One Punch Man,One Punch Man [ S 03: E 04] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,389 downloadsDownload One-Punch-Man-S03-E04-sinhala-subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


