මේ හැමදේම පටන්ගත්තේ මෙතනින් 10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන් බාලයා තමයි හෙන්රික් කියන්නේ. නමුත් අවාසනාවට දවසක් හෙන්රික්ට වෙයවුල්ෆ්(මිනිස් වෘක) රංචුවක් පහර දෙනවා. මේ…

මේ හැමදේම පටන්ගත්තේ මෙතනින්
10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ මායාකාරියක් (ඔරිජිනල් මායාකාරියක්.) මේ අයට හිටිය ළමයින්ගෙන් බාලයා තමයි හෙන්රික් කියන්නේ. නමුත් අවාසනාවට දවසක් හෙන්රික්ට වෙයවුල්ෆ්(මිනිස් වෘක) රංචුවක් පහර දෙනවා. මේ පහර දීමෙන් ඔහු මිය යාමත් එක්ක.මේ සිදුවීමෙන් පස්සේ එස්තර් එයාගේ මායාව පාවිච්චි කරලා මයිකල් ඇතුළු එයාගේ පවුලේ හැම කෙනෙක්වම වැම්පයර්ලා බවට පත් කරනවා. නිකන්ම නිකන් වැම්පයර්ලා නෙවෙයි මේ අය තමයි මුල්ම, බලගතු වැම්පයර් වර්ගයා වුණේ. මේ නිසාමයි මේ මයිකල්සන් පවුලේ ඕනෙම කෙනෙක්ට ඔරිජිනල් කෙනෙක් කියලා කියන්නේ. පවුලේ වැඩිමලා ෆ්‍රේයා මයිකල්සන්, ඊලගට තමයි එලයිජා මයිකල්සන්, රෙබෙකා බයිකල්සන්, ක්ලවුස් මයිකල්සන්, ෆින් මයිකල්සන්, කෝල් මයික්ල්සන් ඔය විදිහට තමයි මයිකල්සන් පවුලේ පුරුක ගාලා යන්නේ. නමුත් ක්ලවුස් විශේෂිත කෙනෙක් වුණා. මොකද ක්ලවුස්ගේ අම්මා එස්තර් වුණා එයාගේ තාත්තා වුණේ ඇන්සෙල් කියන වෙයවුල්ෆ් කෙනෙක්. මේ නිසා මයිකල් ක්ලවුස්ට හුගක් අඩම්තේට්ටම් කලා ඔහු අවජාතකයෙක් කියලා.ක්ලවුස් විශේෂයි කිව්වනේ. එයා විශේෂ වෙන්නේ මොකද එයා හයිබ්‍රිඩ් කෙනෙක්. ඒ කිව්වේ වෙයවුල්ෆ් + වැම්පයර් = හයිබ්‍රිඩ්. මේ පවුලේ අනික් අයට මායා බලය පිහිටුවත් කිසිම කෙනෙක් හයිබ්‍රිඩ් කෙනෙක් නම් වුණේ නැහැ. තමන්ගේ දරුවන් වැම්පයර්ලා වෙලා ලේ බිබී මිනිස්සු මරන්න ගත්තම මයිකල්ට ඒ අයව දැක්කේ මෘගයෝ හැටියට. මේ අතරවාරේ එස්තර් මිය යනවා. මේකට වරද පටවන්නේ මයිකල්ට. නමුත් ඇත්තටම එස්තර්ව මරලා දැම්මේ ක්ලවුස්. මේ ගැන හුග කාලයක් යනකන් කිසිම කෙනෙක් දැනගන්නේ නැහැ. රෙබෙකා, ක්ලවුස් හා එලයිජා එස්තර්ගේ මිනීවල උඩ ඉදගෙන එකිනෙකාට පොරොන්දු වෙනවා “සැමවිටම හා සදහටම” කියලා. පස්සේ කාලෙක මයිකල් මේ අයව දඩයම් කරලා මරලා දාන්න පස්සෙන් පන්නන නිසා මේ අය හැමදමාත් පැනලා ගියපු තමයි කලේ. මොකද වෙන කිසිම විකල්පයක් මේ අයට ඉතිරි නොවුන හන්දා. පළමු නගරය වෙච්චි නිව් ඔර්ලින් තමන් කැමති විදිහට නිර්මාණය වෙන්න හැරලා පාලනය තමන් අතට අරන් නිව් ඔර්ලින් තමාගේ අතවැසියා වෙච්චි මාසෙල් නොහොත් මාසෙලස්ට බාර දීලා ක්ලවුස් මිස්ටික් ෆෝල්ස් වලට යනවා.සහෝදර සහෝදරියෝ අතරේ එකමුතුව නැති වෙලා එකිනෙකා විරසක වීමත් එක්ක ක්ලවුස් හැම කෙනෙක්ගේම පපුව කිනිස්සක් බස්සලා මිනි පෙට්ටියක තැම්පත් කරලා දානවා. එලයිජාව හැර. ක්ලවුස් මිස්ටික් ෆෝල්ස් යන්නේ ලොකු අරමුණක් ඉෂ්ට කරගන්න. එයාට දැනගන්න ලැබෙනවා එයා අවුරුදු ගානාකට කලින් දැනන් හිටිය කැතරින් පියර්ස් වගේ තවත් කෙනෙක් වර්තමානේ ජීවත් වෙනවා කියලා. ඒ කිව්වේ ද්ව්ත්වකායක්. එයාගේ නම එලේනා ගිල්බර්ට්. ඔන්න ඔතන ඉදන් තමයි අපිට වැම්පයර් ඩයරිස් හා ඔරිජිනල්ස් සම්බන්ධ වෙන මුල් තැන. ඒ කිව්වේ වැම්පයර් ඩයිරිස් දෙවන කතාමාලාව. ක්ලවුස්ට ඕනේ කරන්නේ මේ එලේනා (මනුස්සයකේ නමුත් ද්ව්ත්වකායක්.), තවත් ගැහැණු වැම්පයර් කෙනෙක් හා තවත් සාමාන්‍ය ගැහැණු කෙනෙක්ව අරන් ඇවිල්ලා මයාකාරියක් ලවා අවශ්‍ය මායාකර්ම කරලා මේ තුන්දෙනා මැරෙනකන්ම ඒ අයගේ ලේ බොන්න. එහෙම කරන්නේ එයාට ඕනේ කරනවා එයාගේ ලේ වලින් වෙයවුල්ෆ්ලට එයාගේ ලේ දීලා තවත් හයිබ්‍රිඩ්ලා හදන්න. නමුත් සැලසුම් අසාර්ථක වීමත් එක්ක එයා ආපහු නිව් ඔර්ලින් එනවා. නමුත් මිස්ටික් ෆෝල්ස්වල ඉන්න අතරවාරේ එයා එක්ක හිටිය හෙයිලි මාෂල් කියන වෙයවුල්ෆ් ගැබ් ගන්නවා. ක්ලවුස්ට මේ දේවල් දැනගන්න ලැබෙන්නේ ආයෙමත් නිව් ඔර්ලින් ආවහම. එයා හෙයිලිව ප්‍රතික්ෂේප කරනවා.
මයිකල්සන් පවුලෙහි වෘක්ෂය විහිදුනු අයුරු

පළමු කතාමාලාව
ක්ලවුස්ගේ තියෙන මාන්නය නිසා හෙයිලිව බාරගන්න මුලදී ප්‍රතික්ෂේප කලානේ. නමුත් ආයෙමත් පස්සේ එයා හෙයිලිව වගේම එයා දරාගෙන ඉන්න දරුවව බාරගන්න කැමති වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ක්ලවුස් නිව් ඔර්ලින් අතහැරලා ගියාට පස්සේ මාසෙල් ටවුම එයාගේ විදිහට හදාගෙන, එයාගේ විදිහට නීති වලින් කරගෙන යනවා. නගරේ ඇතුලේ මායාකාරියන්ට අනවසරෙන් කිසිම මායාවක් කරන්න බැහැ. එහෙම කරලා අහු වුනොත් ඒකට දඩුවම වෙන්නේ මරණය. පස්සේ ක්ලවුස් එයාලා ඉදලා මාසෙල් අල්ලගෙන හිටිය තැන ආයෙමත් අරගන්නවා. දන්නවනේ නිකන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ලොකු සටන් ගොඩක් සිද්ද වෙනවා. ක්ලවුස්ගේ පරම්පරාව ඉස්සරහට ගෙනයන්න ඕනේ නිසා එයා හෙයිලිවත් බාරගන්නවා. මාසෙල් මායාකාරියන්ට නගරේ ඇතුලේ ඉඩ නොදුන්නත් එයා හොර රහසේ දෙව්මැදුරක ලස්සනම ලස්සන මායාකාරියක්ට කන්න බොන්න දීලා බලාගන්නවා. ඇය නමින් ඩවීනා ක්ලෙයාර්.මේ අතරවාරේ හෙයිලි වෙයවුල්ෆ් කෙනෙක් වෙලා ඉද්දි එයාව ඇත්තටම බදින්න හිටිය වෙයවුල්ෆ් කොල්ලා ජැක්සන්වත් හමුවෙනවා. හෙයිලි දරාගෙන ඉන්න දැරුවා තර්ජනයක් හැටියට දකින මායකාරියෝ වගයක් එයාව දරුවව බිල්ලකට තියන්න හදනවා දැරුවා ඉපදුනත් එක්කම. මෙතනදී හෙයිලි මිය ගියත් නැවත ඉපදීමක් සිද්ද වුණා.හෙය්ලිගේ දරුවව බේරගන්න ක්ලවුස්, එලයිජා, ඩවීනා, රෙබෙකා මේ හැමදෙනාම ලොකු සටනක් කරනවා.
දෙවන කතාමාලාව.හෙයිලිගේ හා ක්ලවුස්ගෙයි දැරුවා එසේ මෙසේ කෙනෙක් වුණේ නැහැ. ඇය ඊට වඩා හුගක් බල සම්පන්න කෙනෙක් හැටියට අපිට දැකගන්න ලැබුණා. නම වුණේ “හෝප් (බලාපොරොත්තුව)” මුල් සීසන් එකේ අවසාන හරියේ එස්තර්ගේ මුවාවෙන් කෝල් හා ෆින් මයිකල්සන් සහෝදර ඩබල කතාවට අවතීර්ණ වීමක් වුණා. ඒ විතරක් නෙවෙයි මයිකල් හා එස්තර් පවා කතාවට අවතීර්ණ වුණා. මයිකල්ව නම් බල්ලෙක් ගානට අරන් ඩවීනා වැඩ ගත්තා මායාබලය පාවිච්චි කරලා. එස්තර් කෝල් හා ෆින් දෙන්නව එයාගේ පැත්තට නම්මගෙන එලයිජාට හා ක්ලවුස්ට විරුද්ධව හුගක් නපුරු වැඩ කලා. මයිකල් ලග තමයි ඔරිජනල් කෙනෙක්ව මරන්න පුළුවන් “ඕක්” ගහේ අත්තක් උලක් විදිහට හදාගත්ත එකම ආයුධය තිබුණේ. මට මුලදී කියන්න බැරි වුණා. මයිකල්ගෙන් බේරිලා පැනයන්න කලින් ක්ලවුස් ඕක් ගහ ගිනි තියලා විනාශ කලා. මේ කොටසේදී තමයි එස්තර්ව මැරුවේ ක්ලවුස් කියලා දැනගන්න ලැබුනෙත්. ඒ විතරක් ඈ හෙයිලි හා ජැක්සන් දෙන්නා ඇත්තටම විවාහ වුණා වෙය්වුල්ෆ්ලා හා වැම්පයර්ලා අතර ඇති කරගන්න ගණුදෙනුවක් හැටියට. ප්‍රධාන හතුරා බවට අවසානයේදී පත්වුණේ එස්තර්ගේ සොයුරිය වන ඩාලීයා.
තෙවන කතාමාලාව
පෙර කතාසමයේදී ක්ලවුස්ගේ සැලසුම් නිසා හුගක් ප්‍රතිවිපාක ඇතිවුණානෙ. මේ නිසා හෙයිලි ඇතුළු එයාගේ වෘක රංචුව නැවතත් වෘකයෝ බවට පත්වුනා. එයාට මාසේ පුරහද පායනකන් ඉන්න වුණා හෝප්ව බලන්න. ක්ලවුස්ට වචනයකින් හරි උදව් කරන්න හිටිය හැම කෙනෙක්ම එයා එක්ක අමනාප වුණා මේ ඇති කරපු ශාපය නිසා. මේ අතරේ වෘක දඩයම වෙන්න අරන් තිබුණා. මේකට වගකිව යුත්තා වුණේ ලූෂියන් නම් ක්ලවුස් විසින් මිට අවුරුදු ගනණාවකට පෙර වැම්පයර් කෙනෙක් බවට පත් කරපු කෙනෙක්. කතාමාලාව තුල වැඩි හරියක්ම මේකේ තුරන්ගේ චරිතේ මුල් තැන හිටිය එක් අයෙක් හැටියට එයාව නම් කරන්න පුළුවන්. අනික් කෙනා තමයි ඔරෝරා. මේ දෙන්නා එකතු වෙලා මයිකල්සන් පවුලේ හුග දෙනෙක්ව මරලා දැම්මා. ක්ලවුස්ගේ අවසන් ආදරය වෙච්චි කැමිල්වත් මැරිලා ගියා. ක්ලවුස්ගේ ගැති රේඛාව ඩවීනා කඩලා දැම්මා. ඒ නිසාවෙන් තවදුරටත් කිසිම කෙනෙක් ක්ලවුස්ට ගැති වුණේ නැහැ. ෆින් වගේම කෝල් දෙන්නම නැති වුණා. සිරම් එකකින් ලූෂියන් මාරකයක් බවට පත්වුණා. එයාව මරලා දැම්මත් මේ සිරම් එක හදපු වෙලාවේ වින්සන්ට් තවත් එකක් ලග තියාගෙන ඉදලා ඒක මාසෙල්ට දුන්නා ලොකු තර්ජනයක් වෙලා තිබුණු මයිකල්සන්ලගෙන් මිදෙන්න කියලා. මාසෙල්ට ලැබුණු බලය නිසාවෙන් හුගක් ලොකු මාරයක් වුණා. එයා කිසිම කෙනෙක්ට පොඩි හරි අනුකම්පාවක් දැක්වුවේ නැහැ. ක්ලවුස් එයාගේ ජිවිතේ කැප කරලා ෆ්‍රේයා, එලයිජා වගේම රෙබෙකාව ෆ්‍රේයාගේ මායවනේ බේරාගත්තා. හෙයිලි හෝප්වත් අරගෙන ෆ්‍රේයා, එලයිජා වගේම රෙබෙකාව මිනි පෙට්ටි තුනක දාලා කන්ටේනර් එකකින් යන්න ගියා. මාසෙල් ක්ලවුස් එයාගෙම පහල කොටසේ ගල් තියලා බැන්දා. වින්සන්ට්පස්සේ තේරුම් ගත්තා දැන් පත්වෙලා ඉන්න මේ මාසෙල් නම් ලොකු මාරකයක් විතරයි කියලා.
මෙවර හතරවැනි කතාමාලාවෙන්
අද කොටස ගලා යන්නේ මයිකල්සන්ලගේ බිද වැටීම සිද්ද වෙලා හරියටම අවුරුදු පහකට පස්සෙයි. හැමදේකම පාලනය මාසෙල්ගේ අතට පත් වෙලා තියෙන්නේ. නගරේ එයාගේ. නීති එයාගේ. ඔක්කොම එයාගේ. ක්ලවුස්ව අන්තිම කැත විදිහට හිර කරගෙන ඉන්නවා කිසිම පෝෂණයක් නොකර. එතකොට අර මිනිපෙට්ටි අතරට ගියපු ක්ලවුස්ගේ අනික් සහෝදර සහෝදරයෝ. ඒ අයව බේරගන්න පුළුවන් වේවිද? හම්මේ ෂෝ එකේ පුංචි හෝප් හැමෝගෙම හදවත් දිනාගෙන ඉවරයි. අද එපියටම IMDb දර්ශකයේ 9.4/10 අගයක් ලැබිලා තියෙනවා.
ඔන්න එහෙනම් අද එපිය ආපු දවසෙම හරියටම හවස 06.00 වෙද්දී ඉවරයක් කලා. කලින් කතාමාලාවේදී කිව්වා වගේම මං මේක කරන්න නෙවෙයි හිටියේ. ඒ නිසාවෙන් මං මේක බාර දෙන්න කෙනෙක්වත් හෙව්වා. නමුත් මගේ අවාසනාවට හම්බුණේ නැහැ. අපේ උපසිරැසිකරුවන් එක්කෝ කතාමාලා දෙකක් කරනවා. නැත්තම් ඒ අයට වෙලාවක් නැහැ. මම වුනත් මේක කරන්නේ පැය 24 ම ආතල් එකේ ගෙදරට වෙලා ඉදන් නෙවෙයි. අධ්‍යාපන කටයුතු හා අනික් වැඩ එක්ක හිර වෙලා ඉන්න අතරේ වෙලාවක් වෙන් කරගෙන තමයි හතරවැනි කතාමාලාව වුනත් පටන් ගත්තේ. මේක එන දිනය මට කලින් වගේම උපසිරැසි කරන්න අපහසු දිනයක්. මොකද සිකුරාදා කතාව විකාශය වෙලා සෙනසුරාදා පිටපත නිකුත් වුනාට උපසිරැසිය එන්නේ හුගක් ප්‍රමාද වෙලා. ඒ කිව්වේ සෙනසුරාදා හවස් වෙද්දී වගේ. ඒත් අද පලවෙනි එපිය නිසා උදේම ඇවිත් තිබුණා. ඉතින් මේ වතාවෙත් පුළුවන් විදිහට කරගෙන යන්නම්. ප්‍රමාදවීම් ගැන නම් මට කරන්න දෙයක් නැහැ. සුපර්නැචුරල් වගේ නෙවෙයි මේක කරන්න ගියාම කල් යනවා ලැබෙන වෙලාවත් එක්ක.
මුල ඉදන් වෙච්ච හැමදේම කිව්වේ වැම්පයර් ඩයිරිස් බලපු නැති යාලුවෝ ඇතියි කියලා. තාමත් වැම්පයර් ඩයිරිස් බලලා නැද්ද? කමක් නැහැ පුංචි බලාපොරොත්තුවක් තියාගන්නකෝ එහෙනම්. මං ගිහින් එන්නම්. මිලග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E01.HDTV.x264-FLEET
The.Originals.S04E01.720p.HDTV.x264-FLEET
The.Originals.S04E01.XviD-AFG
The.Originals.S04E01.720p.HEVC.x265-MeGusta
The Originals S04E01 720p HDTV HEVC x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,146 downloadsDownload The.Originals.S04E01Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
චාමර සම්පත්
Subtitles
44 comments
LAKSHAN
Thushara sampath
Thanks bro
Mahesh
Sub ekata thanx
අසංක ප්‍රදීප් රණතුංග
ස්තුතියි
Pradeep M Gamlath
thank bro..**
Sandaruwan
thnk you very much bro...
kasun
Thanks Bro..
chamod98
thanks bro sub ekata.. meka enakanmai balan hitiye.. ubala karana mehemara kiyala nima karanna ba.. fantastic... MAMA VAMPIRE DIREAS EKATH BALANNA ASAI. ETH SINHALA SUB NATHI NISA WADE ATHARIYA.. ETH KAURUHARI EKATATH SUB DEWI KIYALA LOKU BALAPOROTHTHUWAKIN THAMAI HUGAK AYA INNE.. adarei mcn ubala hamotama.. budu saranai. devi pihitai... jayen jayama wewa..
chamod98
thanks lot bro...
api balaporoththuwen inne kauruhari THE VAMPIRE DIREAIS ekath sub dewi kiyla..
jayen jayama wewa...RMC
ස්තුතියි Digatama dennaa sahooo........
Hashan
Vampair dirs sub denna broo.. balaporoththu wenawa api.
Mekata sub dunnata thanks broooo
රයන් ද සිල්වා
තෑන්ක්ස් චාමර සහෝ සබට....
මේක දෙනකල් තමයි බලන් හිටියේ....
#ජය වේවා....කවීන් ලහිරු
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
මේ තරම් ඉක්මනට නොවුනත් මග නවත්තන්නේ නැතුව අනෙක් කොටස් වලත් සබ් දාන්න සහෝ
එලමඋදාර දිල්ශාන්
නියමයි සහෝ vampire diaries ඉවර නිසා මේකේ පිහිට තමයි කොටස් 13 කට සීසන් එක කෙටි කරපු එකනම් කැත වැඩේ.... මේක තමයි මගේ ආසම සීරීස් එක....
ලිපියේ පුංචි නිවැරදි කිරීමක් වෙන්න ඕනා මට මතක හැටියට ක්ල්වුස් මිස්ටික් ෆෝල්ස් එන්නේ එයාගේ දෙමුහුන් පැත්ත නැවත ලබා ගන්න මොකද කලවුස් වැම්පයර් කෙනෙක් බවට පරිවර්තනය වීමෙන් ඔහුගේ අතින් පලමු වරට මනුස්සයෙක් මැරෙනවා ඒකෙන් ඔහුගේ වෘක ශාපය ක්‍රියාත්මක වෙනවා... මේක නිසා මයිකල් ඒස්තර්ට බල කරනවා කලු මායාවන් පාවිච්චි කරලා ක්ල්වුසගේ මෘග පැත්ත නැති කරලා දාන්න....
අවුරුදු 1000 කට පස්සේ කලවුස් දැනගන්නවා ඒකට එලීනාගේ ලේ පාවිච්චි කරන්න පුලුවන් කියලා.... මොකද කැතරින් ඒ වෙනකොටත් වැම්පයර් කෙනෙක් නිසා ඒකට මනුස්ස ද්විත්වකායක ලේ ඕන නිසායි....kanindu
thva deyak finn thami freyata passe vadimal
Gayan
Tnq bro..fttai
Nadun
kohomada kiyanne..
macho pattama tankuuuu honde....
api wenuwen karana me kepavimata,
onna api prarthanakala hitana patana hemadema sarthaka wenna kiyala...
ehema hondai neh..jayawewaaa ....!!!!
Ishara
thank u.nice work
Gathsara Umesh
Bohoom sthuthiy chamara sahoo..Oya kathawk meda natharakaranne nethi nisaa bayanethuwa Mek I've wenkamm blnn puluwan..Bohoom sthuthiy sabata..Ilg eoiyen hmuwemmoo....
Roshan
thnx mcn subata....vampire daires eketh sub denn plzzz sahoooo
kavindu
oya itin denna kyalath dunne......hikzz tnx tnx vary very tnx bro...
nuwan
නියම විස්තරයක් මචන් ..මාරම ලස්සනයි ...බොහොම ස්තුතියි ..
Sajeevi
Thanks
praneeth madu
එල සාමරයෝ
tharindu gunarathna
thanks චාමර සම්පත්
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sudeera
ELA MACHN... MATH ADA GANNE PATTA WISTHARETH NIYEMATA TIYENWA
rrandika
Thanks.මේක එනකන් බලන් හිටියෙ
geeth dilshan
දිගටම සබ් එක දියන් මචන්... අපි අාසාවෙන් මුල ඉදලම බලන සීරීස් එකක් මේ. වැම්පයර් ඩයරීස් මුල ඉදලම බැලුවා. එ්ත් සිංහල සබ් නැතුව. එ්ත් පට්ට නිසාම අතෑරියේ නෑ. දිගටම සබ් ඔනේ.... එල
Reshan
ela
Rasindu V. Perera
සුපිරි කතවක්....නියමයි..සබ් එකට තැන්ක්ස්...දිගටම දෙමු....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ආසිරි ප්‍රියන්ත
මේ තියෙන්නේ හෑල්ලම දිග ඇරලා.
එහනම් ඔන්න ආයේ මමත් පටන් ගන්නවා කතාව බලන්න. මගදී නවත්තන්න වුනා නේ.
ලබන කොටහේ ඉදන් සමගාමිව එනවා ආ.
සබට ඉස්තුතියි චම්මෝ.
ජය!!!akalanka
ammta siri okkoma kiyewwa bokka sthuthi godak hamadama oniyooo shuuuiiiiii
Destiny
hambe balan hitya kal season 4 enakan. thanks broh. hey klaus plzz kill marcell :D
šĥášĥîŷâ
e2 එකේ සබ් එක දෙනවදෝ...
ටෘ තමන්න
2 සබ
charli
ela
roshan
ane bro thama vampire daires ekat sub dunnene
plzzzzzzzzzzzzzz dennko.Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you
Mathew sheron
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela bro oya karana sewaya hadawathinma agayanawa.....maga balan hitiye me kotasata sub eka denakan thankz bro ...jayen jaya oya karana hamadeyakkma sarthaka wewa...............