Watch Trailer

The Originals [S05 : E07] with Sinhala Subtitles | සැවොම හඩවමින් ඇය අවසන් ගමන් යයි! [සිංහල උපසිරැසි සමඟ]

රෝමන්ට එයාගේ අම්මා ග්‍රැටා පවරපු රාජාකරියේ හැටියටම එයා හෝප්ව ගෙදරකට එක්කන් ගියා මායකාරියකගේ උදව් ඇතිව හෝප්ට එයාගේ බන්ධනය කඩලා දාන්න උදව් කරනවා යැයි කියලා බොරු කියපු. හෝප් ඉතින් තියෙන මෝඩ කමට ඔහේ යන්නං වාලේ එයා එක්ක ගියා. ඒ ගියාම තමයි එයාට එයාගේ අම්මා, හෙයිලිව දකින්න ලැබුණේ.එතනදී තමයි දැනගන්න ලැබුණේ…

රෝමන්ට එයාගේ අම්මා ග්‍රැටා පවරපු රාජාකරියේ හැටියටම එයා හෝප්ව ගෙදරකට එක්කන් ගියා මායකාරියකගේ උදව් ඇතිව හෝප්ට එයාගේ බන්ධනය කඩලා දාන්න උදව් කරනවා යැයි කියලා බොරු කියපු. හෝප් ඉතින් තියෙන මෝඩ කමට ඔහේ යන්නං වාලේ එයා එක්ක ගියා. ඒ ගියාම තමයි එයාට එයාගේ අම්මා, හෙයිලිව දකින්න ලැබුණේ.එතනදී තමයි දැනගන්න ලැබුණේ හෙයිලිගේ පැහැරගැනීමට වගකිවයුත්තන් අතරේ රෝමන් ඉන්නවා කියලා. එහෙමයි කියලා හෝප්ටත් ඉතින් කරකියාගන්න දෙයක් නැතුවයි හිටියේ. මොකද ඒ වෙද්දී එයාගේ අත් දෙකට රෝමන් මාංචු දෙකක් දැම්මා කිසිම මන්තරයක් මතුරගන්න බැරිවෙන්නම. රෝමන් එතනදී හැම ඇත්තක්ම කිව්වා. ඒ තමයි එයාලට ඕන හෝප්, හෙයිලි වගේ හයිබ්‍රිඩ්ලා තවත් හයිබ්‍රිඩ් අයව නිර්මාණය කරන එක නවත්තන්න ඕන නිසයි ඒ අයගේ එක් පැතිකඩක් බන්ධනයට ලක් කරන්න උත්සහ කරන්නේ කියලා. ඒවගේම මේ එක් පැතිකඩක් බන්ධනයට ලක් කලාම රෝමන්ගේ අම්මා, ග්‍රැටා එයාලට යන්න දෙනවා කියලා කිව්වලු. ග්‍රැටා කියන්නේ මොන වගේ කෙනෙක්ද, එයා තමන්ගේ ලමයව මෙහෙයවලා කරන්න හදන නපුරු වැඩ ගැන හෙයිලි වගේම, හෝප් කොච්චරවත් ඒත්තු ගන්වන්න හැදුවත් රෝමන් පිළිගත්තෙම නැහැ.

හෝප් හෙයිලිගෙන් සමාවගත්තා මේ වෙච්ච හැමදේකටම වගකිවයුත්තා එයා නිසා. (ඔව් ඒක නම් හරි. මොකද පවුලේ අයට වෙන් වෙන්න වුණෙත්, අම්මව හංගලා අන්තිමට එයාව පැහැරගෙන යන තැනටම වැඩ සලස්වලා අන්තිමට ඈතින් හිටිය ක්ලවුස්ව ගෙන්නන් එයාටත් තව තවත් ප්‍රශ්ණ වැඩි උනෙත් ඔන්න ඕකි නිසා කියන එකමයි මගේ අදහසත්. 😡) අන්තිමට හෝප් ටිකක් භයානක විදිහේ සැලසුමකට එනවා. ඒ තමයි රෝමන් අදුරන මායාකාරීව ගෙන්නන් හෙයිලිගේ එක් පැතිකඩක්, ඒ කිව්වේ වෘක පැතිකඩ අයින් කරන එකයි.එතකොට ෆ්‍රේයාට වගේම එයාගේ කට්ටියට හොයාගන්න ලැබෙයි කියලයි මේ අයගේ අදහස වුණේ. හෙයිලිගේ පැතිකඩ අයින් කිරිල්ලත් එක්කම හෙයිලිගේ එක් පැතිකඩක් නැතිවෙලා ගියා. එතන හිටිය රෝමන්ගේ මායාකාරියව හපලා දාලා පැනලා යන්න හැදුවත් දොර ඇරියම තමයි හෝප්ට තේරුණේ හිරු එලිය නිසාවෙන් හෙයිලිට පිටවෙන්න බැරි බව. එතකොට හෙයිලිහෝප්ව ලගට අරන් කියා දෙනවා ග්‍රැටා මෙච්චර කාලයක් පුරාවටම බයවුණේ ඔරිජිනල් පවුලේ වෙන කාටවත් නෙවෙයි හෝප්ට කියලා. එහෙම කියලා හෙයිලි හෝප්ට බල කරලම වගේ කිව්වා එතනින් යන්න කියල. එත් ඒ වෙද්දී ග්‍රැටා ඇවිල්ලා හෝප්ට සිහිය නැතිවෙන්න කුඩු වගයකින් පිම්බා. එතකොට රෝමන් එයාගේ අම්මට කිව්වා හෙයිලි තමන්ගේ බන්ධනය කරගෙන ඉවරයි. හෝප්ගේ බන්ධනයත් ඉවර උනාම යන්න දෙමු කියලා. ඒත් එතැනදී තමයි ග්‍රැටා කියන්නේ එහෙම යන්න දෙන්න බැහැ. දෙන්නවම මරන්නයි ඕන කියලා. එහෙම කියලා ග්‍රැටා රෝමන්ට කිනිස්සක් දෙනවා හෝප්ට ඇනලා මරන්නයි කියලා. අම්මා කියපු දේ විශ්වාස කරගෙනහමදේම කලත් පොඩි හරි ලෙන්ගතු කමක් නිසා රෝමන් ඒ වැඩේ ප්‍රතික්ෂේප කළා.

මේ අතරවාරයේ තමයි ක්ලවුස් එතනට ඇවිල්ලා ගෙදර ඇතුලට ඇතුලත් වෙන්න යද්දී එයාගේ අයියා එලයිජා ඇවිත් ක්ලවුස්ව නවත්තන්න හදන්නේ. ක්ලවුස් කොච්චර මතක් කරලා දුන්නත් කිසිම දේකින් වැඩක් වුනේ නැහැ. එලයිජා දැන් ආදරේ ඇන්ටෝනෙට්ට. ඒ නිසාම එයා ඇවිත් තියෙන්නේ ග්‍රැටාව වගේම ඇන්ටෝනෙට්ගේ සහෝදරයා රෝමන්ට ක්ලවුස්ගෙන් කරදරයක් නොවෙන්න වග බලාගන්න කියලත් කිව්වා. එලයිජා කියන්නේ මොන වගේ මනුස්සයෙක් ද කියලා අපි හිතාගෙන හිටිය විදිහත් එපාම වෙලා තියෙන්නේ දැන් මේ වෙලා තියෙන සිදුවීම් එක්කම. රෝමන් හෝප්ට කිනිස්සෙන් අනින්නේ නැති නිසාම ග්‍රැටා වැඩේ කරන්න තීරණය කරනවා. හෙයිලි කියන්නේ එදා ඉදන්ම මොන හොද දෙයක් වෙනුවෙන් වුනත් සටන් කරන කෙනෙක්. විශේෂයෙන්ම අම්මා කෙනෙක් වෙච්ච දා ඉදලම ඒක තව ටිකෙන් ටික වැඩි වුනා මිසක් එක දශමයකින්වත් ඒක අඩු වුණේ නැහැ. ඒ නිසාම බැරි ගාතේ වුනත් හෙයිලි හෝප් වෙනුවෙන් එතනදිත් ග්‍රැටා එක්ක සටන් කළා. ඒ දෙන්නගේ සටන අන්තිමට නතර වුණේ ග්‍රැටා හෙයිලිගේ උගුර තද කරන් ඉන්න ගමන් හෙයිලිගේ හදවත චප්ප කරලා මරලා දාන්නයි. ඒ වෙලාවෙ බොරු හිනාවක් පෙන්නලා හෙයිලි ටික වෙලවක් අරන් එයාගෙ අන්තිම වගෙම උපරිම ශක්තිය දාලා ග්‍රැටාගෙ ඩෙලයිට් මුදුව තියෙන ඇගිල්ල කඩලා දාලා ග්‍රැටාවත් ඇදගෙන එලියට ගිහින් දෙන්නම අව්වට අහුවෙලා පිච්චිලා මැරිලා ගියා. ක්ලවුස්ට ඒ වෙලාවේ ඇතිවෙච්ච දුක නම් අපිට හොදටම තේරුණා. ඒත් ඒ වෙලාවේ මේ සිදුවීම දකින්න වුනු එලයිජා? එයාට නම් පොඩ්ඩක්වත් හෙයිලි ගැන දුක හිතෙන්නේ නැතුව ඇති. මොකද එයා එහෙට ආවේ ග්‍රැටා වගේම රෝමන් වෙනුවෙන්, තාමත් මෙලෝ මතකයක් නැති එලයිජාට මතකේ ආපහු ලැබුණු දාට තමන් මේ මේ කරපු දේවල් වලටම තමන්ටම සමාව දෙන්න පුලුවන් වෙයිද කියන එක නම් සෑහෙන ලොකු ප්‍රශ්ණයක්. හැබැයි හෙයිලි මේ කතාවෙන් නැතිවුණා කියන එක තහවුරුයි.

අද කොටස පුරාවටම දකින්න ලැබෙන්නේ හෙයිලිගේ මරණය නිසාවෙන් එයා ගැන දුක්වෙන හැම කෙනෙක් ගැනයි. ඒ විතරක් නෙවෙයි ග්‍රැටාගේ වැම්පයර්ලා ටික අලුත් වැඩ වගයක් කරන් යනවා. මේ අතරේ හොලොව්ව වෙන් කරලා ඔරිජිනල්ස්ලා දරාගෙන යන්න දුන්නට පස්සේ මේ අය එකිනෙකාව මුණගැහෙන්න ගත්තට පස්සෙ සර්පයෝ මතුවෙන සිද්දි, පිලාවෝ මතුවෙන සිද්දි, අගසින් ලේ වරුසා ඇද හැලෙන එක, අයිස් වරුසා පතිත වෙන එක ඔය වගෙ නොයෙකුත් සිදුවීම් වලට පස්සේ වෙන්න තියෙන දේ ගැන අනාවැකි පල කරන අයිවී කියන මායාකාරීය හොයාගන්නවා. මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකො.

ගිහින් එන්නම්. ලීජන් අවසන් කොටසින් මුණගැහෙමු. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV 264/265 HEVC පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,609 downloadsDownload The-Originals-S05E07.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,609 downloadsDownload Subtitles28 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    sense8 s02e12 සබ් එක පුලුවන්නම් කරමු සහෝ...

  2. Dilshan94

    thank you sahoo..enakm baln idiye jayawewa

  3. Hiran Eranda

    නියමයි චාමර අයියේ. බොහොම ස්තුතියි උපසිරසියට. ජය වේවා.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Ishan

    ඔව් තනිකරම වගකියන්න ඕනේ හෝප් තමා උන දේට.
    අන්තිමේ හෙයිලි නැති උන එකනේ උනේ. ඒකනන් පට්ටම අව්ල්

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Ostin_Gunathilaka

    thnx mchoo. supiri

  8. Recon

    ස්තූතියි සහෝ

  9. Stranger

    thanks

  10. dil_shan

    tnz sub ekata saho... ewara wenakal ma me wage ikmanta denda. api innawa balan

  11. gayan1g

    tnx bro

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  13. MC

    ස්තූතියි සහෝ

  14. DilanDilshan

    thankz sahoo..digatama sub denna.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Milinda Sadaruwan

    Thank you bro