සතියක විරාමයකින් අනතුරුවයි ආයෙමත් ඔරිජිනල්ස් කතාමාලාව අරන් මේ මුණගැහෙන්න ලැබෙන්නේ. ගිය සතියෙ විකාශයක් වුණේ නැහැ. මට දැනගන්න ලැබුනෙත් ගිය බ්‍රහස්පතින්දා උදේ. ඒ ගැන දැනුම් දෙන්න බැරි වුන එක ගැන කණගාටුයි. ඒත් ඉතින් මමනම් හිතන්නේ නැහැ ඒ දේවල් දැනුම් දෙන්න ඕන කියලා මොකද අන්තර්ජාලය භාවිතා කරන ඔයාලට පුලුව…

සතියක විරාමයකින් අනතුරුවයි ආයෙමත් ඔරිජිනල්ස් කතාමාලාව අරන් මේ මුණගැහෙන්න ලැබෙන්නේ. ගිය සතියෙ විකාශයක් වුණේ නැහැ. මට දැනගන්න ලැබුනෙත් ගිය බ්‍රහස්පතින්දා උදේ. ඒ ගැන දැනුම් දෙන්න බැරි වුන එක ගැන කණගාටුයි. ඒත් ඉතින් මමනම් හිතන්නේ නැහැ ඒ දේවල් දැනුම් දෙන්න ඕන කියලා මොකද අන්තර්ජාලය භාවිතා කරන ඔයාලට පුලුවන් ගූගල් සෙවුමක් විදිහට “The Originals Episode Guide” යන්නෙන් සෙවුමක් කරලා විස්තර බලාගන්න. කොහොමත් ඉතින් මෙදාපාර අරගත්තෙත් හැම අවුරුද්දකම අරගන්න පස්වැනි කොටසින් පසුව ලබාගන්න විරාමයයි.
ඔයාලට කලින් කොටසට කලින් කොටස මතක ඇති කියලා හිතනවා. අර කාසියේ පණිවිඩය? පෙනුන විදිහට නම් ඒ කාසිය වෙයවුල්ෆ්ලට සම්බන්ධ බවක් තමයි පෙනුනේ. ඒ නිසාම ක්ලවුස් වෘකයින්ව දඩයම් කරන්න අරන් එකින් එකා මරන්න ගත්තා. එතකොට තමයි ග්‍රීටා ඇවිල්ලා කිව්වේ ඒ කාසිය එයාගේ වගේම එයාලා පොඩ්ඩක් කතා කලා නම් හොදයි කියලා. ක්ලවුස්ට ඕන වුණේ ග්‍රිටාගේ ලේ ඔක්කොම හින්දලා එලියට අරගන්න. එතකොටවත් එයා හෙයිලිව හංගලා තියෙන තැන කියයි කියලා. ඒත් එයා කිසිම දෙයක් එයා කිව්වේ නැහැ. ඒ වෙනුවට ග්‍රිටා වෙනින් කෙනෙක් ගැන කියලා ක්ලවුස්ගේ මතකය අලුත් කරනවා.
ඕගස්ට් මුලර්. ක්ලවුස්ගේ තවත් පරණම හතුරෙක්. හැබැයි මේ අවසාන කතාසමයට අලුත්. 1933 කාලයේ ක්ලවුස් ජර්මනියේ තැබෑරුමක පියානෝ සංගීතයට සවන් දෙමින් ඉද්දි අවුරුදු ගාණකට පස්සේ එලයිජා ආවා ක්ලවුස්ව මුණගැහෙන්න. අනේ ඉතින් අපි දන්නා සූට් එක ගහගත්තා සුපුරුදු එලයිජාව දකින්න ලැබීමත් සතුටක් නෙවැ. එයා ඇවිල්ලා ක්ලවුස්ට අනතුරු ඇගවීමක් කලා මයිකල් ක්ලවුස් ඉන්න දිහාව ගැන දැනගෙන සැහෙන දුර ඇවිත් ඉන්නේ කියලා. ඒවගේම තමයි මේ අයට දැනගන්න ලැබෙනවා වෙයවුල්ෆ්ලා දඩයමක් ගැන. ඒ දේවල් කරලා තියෙන්නේ ඕගස්ට් කියලා දැනගත්තම ක්ලවුස්ට හුගක් කේන්ති ගියා. නමුත් පස්සේ එයාට බල කරලා කිව්වා මයිකල්සන්ලා එක්ක හැප්පෙන්න එන්න එපා කියලා. මේ වෙද්දී වර්තමානේ ඉන්න එලයිජා වගේම ඇන්ටොනෙට් දෙන්නා පටුපාරක් ලග සිපගනිමින් ඉද්දි කවුදෝ මිනිහෙක් හොරෙන් මේ දෙන්නගේ පින්තූර අරගන්න ගමන් හිටියෙ. ඒ හිටිය මිනිහව ඇන්ටොනෙට් අදුරගන එයා කිව්වා ඒ මිනිහා වෙනුවට තවත් කෙනෙක් එවයි කියලා. මේ නිසාම ඇන්ටොනෙට් කලබලෙන් යන්න තදියම් වෙද්දී තමයි එලයිජාගේ කීමට බලෙන්ම වගේ ඇත්ත කියන්න පටන් ගත්තෙ. එතනදී තේරුම් යන්න ඕන ඇන්ටොනෙට්ගේ පස්සෙන් එවලා තියෙන්නේ එයාගේ තාත්තගේ අය ඒ කිව්වේ ඕගස්ට්ගේ අය කියලා.
හෙයිලිව නිදහස් කරන්න නම් ග්‍රිටා වෙනින් යෝජනාවක් කරනවා. හෝප්ට හයිබ්‍රිඩ්ලව නිර්මාණය කරන්න පුලුවන් නිසා එයාගේ එක පැත්තක් විනාශ කරලා දාන්න කියලා. හෝප් හැදිලා තියෙන්නේ තුන් කොටසකින් කියලා මතක් කරගන්න. ක්ලවුස්ට හොරා මාසෙල් මේ ගැන ෆ්‍රේයාට කියලා ඒ වැඩේ කරන් යද්දී ක්ලවුස් එතනට ගිහින් ඒක නැවැත්තුවා. දල වශයෙන් කියනවනම් මයිකල්සන්ලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඕගස්ට් (තාත්තා), ග්‍රිටා (අම්මා), ඇන්ටොනෙට් (දුව), රෝමන් (පුතා) මේ ආගෙන් සමන්විත පවුලේ අය තමයි පලිගන්න ලැස්ති වෙලා තියෙන්නේ කියලා. ඇන්ටොනෙට් ඉන්නේ එලයිජා ලග. ඇන්ටොනෙට්ගේ විකාර දේවල් නිසා එලයිජා දැන් එයා එයාගෙම පවුල අතහැරලා දාලා ඉවරයි. හෝප්ගේ නොදැනුවත්කම නිසා එයා රෝමන්ට අහුවෙලා. ඒ විතරක් ඈ, මේ දෙන්නා ඉස්කෝලෙන් පැනලා යනවත් අපිට දකින්න ලැබුණානෙ.
මේ සතියෙ කොටසෙ දකින්න ලැබෙයි සැල්වටෝර් ඉස්කෝලෙන් පැනලා ගිය හෝප් වගේම රෝමන් යන්නේ කොහෙටද, එතකොට රෝමන්ට හෝප්ගෙන් මොනාද ඕන කරලා තියෙන්නේ, වගේම රෝමන්ගේ අම්මා, ග්‍රැටාට මොනාද කරන්න ඕන කියලත්. හෝප් වගේම රෝමන් ඉස්කෝලෙන් පැනලා ගිය නිසා ඉස්කෝලේ ඉන්න බලධාරීන්ට දැනගන්න ලැබෙන්නේ හෝප්ගේ පැනයාම විතරයි. මේ බව ක්ලවුස්ට දැනුම් දෙන්නේ කැරොලයින්. ඔව් ඒ කියන්නේ අද කොටසට කැරොලයින් එකතු වෙනවා. මොකද වෙන්නේ කියලා එහෙනම් බලන්නකො.
ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය! සුභ සතිඅන්තයක් වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV 264/265 HEVC පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,274 downloadsDownload The-Originals-S05E06.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
16 comments
Kulanjana Maduranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය....
පට්ට දුකයි අද, කතාසමයන් 5ක් පුරාවට හිටිය මගේ ආසම චරිතයක් මැරුනනේ....raviz
Thank you..........!
Ostin_Gunathilaka
thnx mcho. ela bn
Nilush Angana
Sub ekata thanx
Stranger
thanks
Dilshan94
thank you bro
Hiran Eranda
බොහොම ස්තුතියි චාමර අයියේ...
ජය වේවා...Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
WDL සඳරුවන් ....
බොහොම ස්තුතියි සහොදරයා .sub එකට......
Recon
බොහොම ස්තුතියි චාමර අයියේ…
ජය වේවා…sachintha
Thanks For Sub....
MC
බොහොම ස්තුතියි
නියමයි…Ishan
සබ් එකට ස්තූතී මචන්.
පට්ටම දුකයි මොනා උනත් ද. ග්‍රේටා හු**රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……