Watch Trailer

The Outpost (2018-) [S01 : E01] Sinhala Subtitles | එක යනු හුදෙකලා අංකයකි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ඉඳලා මම රූපවාහිනී කතාමාලාවකට උපසිරැසි දෙන්න තමයි හදන්නෙ. 2018 ජූලි 10 වෙනිදා විකාශනය ආරම්භ කරපු The Outpost (ඈත මුරපොල) කතාමලාව තමයි මේ. පළවෙනි කතාමාලාව කොටස් 10කින් සමන්විත වෙලා තිබුණා. මේකෙ දෙවැනි කතාමාලාව තවමත් විකාශනය අවසන් වෙලා නෑ. දෙවැනි කතා මාලාව කොටස් 13කින් සමන්විත බව තමයි මේකෙ නිර…

ඔන්න අද ඉඳලා මම රූපවාහිනී කතාමාලාවකට උපසිරැසි දෙන්න තමයි හදන්නෙ. 2018 ජූලි 10 වෙනිදා විකාශනය ආරම්භ කරපු The Outpost (ඈත මුරපොල) කතාමලාව තමයි මේ. පළවෙනි කතාමාලාව කොටස් 10කින් සමන්විත වෙලා තිබුණා. මේකෙ දෙවැනි කතාමාලාව තවමත් විකාශනය අවසන් වෙලා නෑ. දෙවැනි කතා මාලාව කොටස් 13කින් සමන්විත බව තමයි මේකෙ නිර්මාණකරුවන් කියන්නෙ. ඒකෙන් කොටස් 09ක් විතරයි තවම විකාශනය වුණේ. CW Network සහ NBCU SYFY නාලිකාවල තමයි මේ කතාමාලාව විකාශනය වෙන්නෙ. මේකෙ රඟපාන ප්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙක් සහ ඔවුන්ගෙ චරිත තමයි මේ.

  • Jessica Green – ටැලොන්
  • Jake Stormoen – ගැරට් ස්පියර්ස් (කැප්ටන්)
  • Imogen Waterhouse – ග්වේන් කැල්කසාර් /රෝස්මන්ඩ් කුමරිය
  • Anand Desai-Barochia – ජැන්සෝ
  • Andrew Howard – සෙඩ්‍රික් වයිදර්ස් (මාර්ෂල්)
  • Robyn Malcolm – තැබෑරුම් හිමිකාරිය (ස්වාමි දුව)

ප්‍රධාන චරිතය වන “ටැලොන්” චරිතය කරන, අඩි 5 අඟල් 9ක් උස, අවුරුදු 26ක් වයසැති, ලස්සන නිල්පාට ඇස් දෙකක් තියෙන Jessica Green කියන්නෙ දක්ෂ අසරුවෙක් වගේම රළ මත ලිස්සායාමේ (Surfing) නිපුණයෙක්. එයා මීට කළින් Lightning Point (2012), Roman Empire (2018) රූපවාහිනී කතාමාලාවල රඟපාලා තියෙනවා.

කැප්ටන් ගැරට් ස්පියර්ස් විදිහට රඟපාන Jake Stormoenව නම් Extinct (2017) කතා මාලාව නරඹපු හැමෝම දැකල ඇති. Extinct කතා මාලාවෙ ඩන්කන් විදිහට රඟපෑවෙ මෙයා තමයි.

ටැලොන් කියන්නෙ Blackbloods කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. (මේ ජන කොට්ඨාසය හැඳින්වෙන නමේ විදිහටම එයාලගෙ ඇඟේ දුවන්නෙ කළු පාට ලේ) එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම එක්ක, එයාලගෙ මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේම මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව.

මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද? මේ වගේ ප්‍රශ්නවලට උත්තර ඔයාලට මේ කතා මාලාව බලාගෙන යද්දි හොයාගන්න පුළුවන් වෙයි.

ඉතින් අද ඉඳන් දිගටම මේ කතා මාලාවට උපසිරැසි කරන්න මම හිතාගෙන ඉන්නවා. අද තමයි 01වෙනි කතා මාලාවෙ 01 වැනි කොටස තමන්ගෙ නෑදෑයින් සමූළ ඝාතනය වෙලා අවුරුදු 13කට පස්ස, ඒ වැඩේ කරපු එවුන්ව හොයාගෙන ගෝල්වුඩ් කියන මුරපොලට ටැලොන් යන ගමන තමයි මේ කොටසෙදි පෙන්නන්නෙ. ඒ අතරෙදි ඒ සමූළ ඝාතනය සිදු වුණු විදිහ ගැනත් අපට පෙන්නනවා. ඒ වැඩේ කරපු එක හතුරෙක්ව ටැලොන්ට එහෙදි මුණගැහෙනවා. එහෙමනම් මේ කොටස බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් මම නවතිනවා.

දෙවැනි කොටසින් ඉක්මනටම හම්බවෙමු..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

6,115 downloadsDownload The-Outpost-S01-E01.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

6,115 downloadsDownload Subtitles19 KB

22 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  3. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  4. Lahiru Kekulandara

    උපැසිරසට බොහෝම ස්තූති.
    ගොඩක් කාලයක් බලන් හිටපු උපැසිරසක්
    මුළු කතාවම ඉවර වෙනකම් උපැසිරස දෙයි කියල බලාපොරොත්තු වෙනවා
    ජය වේවා!

  5. sanka1234567890

    fringe tv series eke ithuru season walata sub diyanko bn

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ඉතුරු කොටස්වලටත් ඉක්මනින් සබ් දෙමු..
    ජය වේවා.!

  7. LB Roshan

    Thanks for sub.

  8. suranuwan

    thanks bro....

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dushmantha Ranasinghe

    සබ් කට ස්තුතියි

  12. gds gamage

    thank u

  13. Anonymous

    Thanks bro

  14. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #@1️⃣0️⃣0️⃣$

  15. සචින්ත කල්හාර බෙනට්

    සයිට් එකේ මේක දෙන්න පටන් ගත්තු එක නම් ලොකු දෙයක්. මොකද මේක දැක්ක ගමන් කියන්න පුලුවන් පට්ට කතාවක් කියලා. ජෙසිකා අක්ක ඉන්න නිසා කාලයක් තිස්සෙ බලන්න හිතන් හිටියේ. බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට, සහෝ.

  16. Dilshan

    Psa webrip එකට සබ් එක දෙන්න පුලුවන්ද?

  17. Rumesh Asanka

    thank you

  18. Lahiru Lakshan

    thanks...

  19. lakshan

    thanks ....................

  20. Anonymous

    sub ekath thnks mchn

  21. chinthaka.max4

    thanks machan

  22. JonDoe297

    අලුතින් බලන්න ගත්තේ. ස්තූතියි සබ් එකට සහ සීරිස් එකම ඉවර වෙනකල් දීලා තියන එකට.