Watch Trailer

The Outpost (2018-) [S01 : E04] Sinhala Subtitles | අමුතු සගයා [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේ…

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට කරලා තියෙන පොඩි ගමක්. ඒ ගමට පිටින් ඉන්න Plaguelings කියන අමුතු සත්ව කොට්ඨාසය නිසා තමයි මේ තාප්පයකින් වට කරලා තියෙන්නෙ. එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේ මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව. මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද?

The Outpost 01 වැනි කතා මාලාව – 04 වැනි කොටස

තමන්ගෙ ගම සමූල ඝාතනය කරපු එවුන්ව හොයාගන්න ටැලොන් මුරපොල ඇතුළෙ ඉන්න පිරිමින්ගෙ අතේ තියෙන පච්චයක් (Tatoo) හොයනවා. ඒ අතරෙ තැබෑරුම් හිමිකාර ස්වාමි දුවට colipsum කියන මත්ද්‍රව්‍ය අරගෙන එන වර්ම් (පණුවා) කියන මිනිහගෙන් පළිගන්න අවස්ථාව හම්බවෙනවා. එයා ඒකට පොඩි අනියම් සම්බන්ධතාවයකුත් පාවිච්චි කරනවා. කළු ලේ ඇත්තන්ගෙ (Blackbloods) පුරාවෘත අධ්‍යයනය කරල තියෙන ස්මිත් කියන කෙනා ඒ පුරාවෘත/අනාවැකි ගැන තව තොරතුරු ටැලොන්ට දෙනවා. ඊට පස්සෙ ටැලොන් Lu-Qiri ව හොයාගෙන යනවා.

දැන් එහෙනම් කතාව බලල ඉන්නකො. ඊළඟ කොටසත් ඉක්මනට දෙන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

4,174 downloadsDownload The-Outpost-S01-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

4,174 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. suranuwan

    thanks bro...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Lahiru Kekulandara

    sub ekata thanks a

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rumesh Asanka

    thank you

  9. Lahiru Lakshan

    thanks...

  10. Dilshan

    Meka psarips eke webrip eketh sub eka dennako