Watch Trailer

The Outpost (2018-) [S01 : E06] Sinhala Subtitles | නම් පොත [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේ…

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට කරලා තියෙන පොඩි ගමක්. ඒ ගමට පිටින් ඉන්න Plaguelings කියන අමුතු සත්ව කොට්ඨාසය නිසා තමයි මේ තාප්පයකින් වට කරලා තියෙන්නෙ.

එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේ මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව. මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද?

The Outpost – 01 වැනි කතා මාලාව – 06 වැනි කොටස

ටැලොන්ට එයාගෙ ජාතියෙ මිනිස්සු (බ්ලැක්බ්ලඩ්) ගැන, පිසාචයො ගැන, ටැලොන්ට තියෙන බලය ගැන, අනාවැකි/පුරාවෘත ගැන තොරතුරු කියල දීපු ”ස්මිත්” මැරෙනවා. ඒ මැරෙන්නෙ ”නම් පොත” ගැන කියලා. ඊට පස්සෙ ටැලොන් ජැන්සෝගෙ උදව් අරගෙන නම් පොත හොයන්න පටන් ගන්නවා. විධායකයින්ගෙ ආක්‍රමණය නිසා රජකම අහිමි වුණු රෝස්මන්ඩ් කුමරිය, විධායකයට එරෙහිව සේනාව රැස්කරන්න හිතනවා. විධායකයෙ සෙබළු එක්ක සටනකුත් ඇති වෙනවා. රෝස්මන්ඩ් කුමරිය තමන්ගෙ නියම රැජිණ විදිහට මිනිස්සු පිළිගනියිද? මොකක්ද මේ ”නම් පොත” කියන්නෙ? ටැලොන්ටයි ජැන්සෝටයි නම් පොත හොයාගන්න පුළුවන් වෙයිද?

ඊළඟ කොටසත් අරගෙන ඉක්මනට එනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

4,592 downloadsDownload The-Outpost-S01-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

4,592 downloadsDownload Subtitles27 KB

13 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. suranuwan

    thanks...

  5. gds gamage

    thanks

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. Anonymous

    5kma akadigata balala 6weni ekedhi comment ekk nodha yanna beri una.. me karana wedeta godak thanks.. good luck for your everything.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  10. Pasinduchamod

    thx bro

  11. Rumesh Asanka

    thank you

  12. Lahiru Lakshan

    thanks...

  13. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි