Watch Trailer

The Outpost (2018-) [S02 : E02] Sinhala Subtitles | මේ අමුතු නගරයකි [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ටැලොන්. මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්, එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා. මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න. මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්. ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා. ඒ වගේ…

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයෙක් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ දේ සනාථ කර ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
‘ඈත මුරපොල’ නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 02 වැනි කොටස ග්වේන්, එහෙම නැත්නම් රෝස්මන්ඩ් රැජිණ විධායකයො එක්ක සටනට තමන්ට උදව් කරන්න කියල ඉල්ලලා හිතවත් වංශාධිපතියන්ට, සිටුවරුන්ට, පණිවුඩ යවනවා. ඒත් කවුරුවත් එන්නෙ නෑ. අන්තිමට එකම එක්කෙනෙක් එනවා. ඒ තමයි බාරොන්. එක ප්‍රදේශයක හිටපු පාලකයෙක්ගෙ පුතෙක්. හැබැයි මිනිහා ටිකක් අමුතු ජාතියක කෙනෙක්. උදව් කරන්න නම් බාරොන් ග්වේන්ට කොන්දේසියක් දානවා. ඒ මොකක්ද? මාර්ෂල් වයිදර්ස්, තමන්ගෙ පුතා ගැරට් ස්පියර්ස්ව හොයාගෙන ගියා මතකයිනෙ? මේකෙදි මාර්ෂල්ට පුතා ගැන හෝඩුවාවක් ලැබෙනවා. ගැරට් ජීවතුන් අතර ද? නැද්ද? එහෙනම් මේ දේවල් වලට උත්තර මේ කොටසෙන් හොයන්නකො.

ඊළඟ කොටසත් අරගෙන ඉක්මනට එනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

3,546 downloadsDownload The-Outpost-S02-E02.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

3,546 downloadsDownload Subtitles30 KB

9 comments

  1. LA

    thnx saho sub ekata

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ayesh Prashan

    Thank You

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. Hashan M. Priyadarshana

    ස්තූතියි සබ් එකට :) :)

  8. Rumesh Asanka

    thank you

  9. Lahiru Lakshan

    thanks....