2017 ඔක්තෝම්බර් මාසෙ baiscope.lk එකට උපසිරැසිකරුවෙක් විදිහට එකතු වුණු මම, ඔන්න අද මගේ 25වෙනි උපසිරැසියත් දෙනවා. උපසිරැසි 25 ක් දෙන්න අවුරුදු 2ක් ගියා? මම උපසිරැසි හදන්න කළින් “ඕවත් වැඩද?” කියල හිතාගෙන හිටියට වැඩේට බැස්සම තමයි රඟේ තේරුණේ. තියෙන පෞද්ගලික වැඩ, රැකියාවෙ වැඩ එක්ක මේක කොච්චර අමාරු වැඩක්…

2017 ඔක්තෝම්බර් මාසෙ baiscope.lk එකට උපසිරැසිකරුවෙක් විදිහට එකතු වුණු මම, ඔන්න අද මගේ 25වෙනි උපසිරැසියත් දෙනවා. උපසිරැසි 25 ක් දෙන්න අවුරුදු 2ක් ගියා? මම උපසිරැසි හදන්න කළින් “ඕවත් වැඩද?” කියල හිතාගෙන හිටියට වැඩේට බැස්සම තමයි රඟේ තේරුණේ. තියෙන පෞද්ගලික වැඩ, රැකියාවෙ වැඩ එක්ක මේක කොච්චර අමාරු වැඩක් ද කියලා මට නම් දැන් තේරෙනවා. මගේ උපසිරැසි ඇතුළුව අපේ උපසිරැසිකරුවන්ට සමහරු දාල තියෙන comments බැලුවම මුලින් තරහක් හිතුණත්, දැන්නම් ඒවා දාපු අය ගැන දුකත් හිතෙනවා. තමන් වැඩේ කරන්නෙත් නෑ, කරන එකෙකුට හිත සතුටින් කරන්න දෙන්නෙත් නෑ. සමහරවිට එයාලත් මේකට බැස්සොත් තේරේවි. මම නම් එයාලට කියන්නෙ එක උපසිරැසියක්වත් කරන්න කියලා.
ඉස්සර ඒවා ගැන දුකක් හිතුණත් දැන් නම් ඒවා ගාණක් නෑ. මම වගේම අනිත් උපසිරැසිකරුවන්ටත් එහෙම ඇති. නැත්නම් කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ආත්ම තෘප්තියට විතරක් මේ වගේ කොටි වලිග අල්ල ගන්නෙ නැහැ නේ? මගේ උපසිරැසි වලට හොඳ කියපු, අඩුපාඩු පෙන්නලා comment කරපු හැමෝටමත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. එක එක්කෙනාට වෙන වෙනම ස්තූති කරලා නැත්නම් සමාවෙන්න. (මම පුළුවන් විදිහට එහෙම කරනවා.) එහෙනම් තෑන්ක් යූ හොඳේ.
අද දෙන්නෙ “ඈත මුරපොල” 2වැනි කතාමාලාවෙ 03වැනි කොටස.
මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.
තානාපති ඩ්‍රෙඩ් අල්ලගෙන ගියපු ගැරට්ව, විධායකයින්ගෙ රෝහලට දාලා බෙහෙත් කරනවා. විධායකයෙ ප්‍රාධානියො තුන් දෙනෙක් ඉන්නවා. “ත්‍රිත්වය” කියල සඳහන් කරල තියෙන්නෙ ඒ තුන් දෙනා තමයි. “The Three” කියන එකට ඊට වඩා කියන්න පහසු නමක් මට හිතාගන්න බැරි වුණු නිසා තමයි එහෙම සඳහන් කළේ. ඒ අතරෙ මුරපොළට ආපු අළුත් බ්ලැක්බ්ලඩ් “රෙබ්”, ටැලොන්ගෙ ඔළුවෙ තියෙන Asterkinj ගන්න එක එක ගේම් ගහනවා. ඒවා සාර්ථක වෙයිද? ඩ්‍රැග්මන්ට මොකක්ද වෙන්නෙ? ගැරට් ට මොනව වෙයි ද? ටැලොන්ට ට්‍රයි කරන ජැන්සෝට මොනව වෙයිද? එහෙනම් බාගෙන බලන්නකො.
ඊළඟ කොටසත් එක්ක ආපහු එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,607 downloadsDownload The-Outpost-S02-E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
16 comments
sachintha
praveensandanuwan
Thanks
Anonymous
tnq...............
Hashan M. Priyadarshana
බෙහෙවින්ම ස්තූතියි සබ් එකට ඒ වගේම සුබ පතනවා 25වෙනි සබ් එකට.. දිගටම උපසිරසි දෙන්න වෙලාව කලාව තියන හැටියට :) :) ...
ජය වෙවා.!
chathura
tnq............
මිලින්ද ප්‍රියලාල්
Thanks
Ayesh Prashan
Thank You
මිලින්ද ප්‍රියලාල්
ඉතුරු episode ටිකටත් ඉක්මනින් sub අරන් එමු
#රංජිව k ලියනගේ සහෝ.........
➡️➡️➡️⚛️⏩♻️⭕✅✔️adeesha
thanx mchan
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Hashan M. Priyadarshana
බෙහෙවින්ම ස්තූතියි සබ් එකට ඒ වගේම සුබ පතනවා 25වෙනි සබ් එකට.. දිගටම උපසිරසි දෙන්න වෙලාව කලාව තියන හැටියට :) :) ...
ජය වෙවා.!shinejay
thank you broo
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ