කලින් එකේ වෙච්ච දේවල් හැමෝටම මතක ඇති කියලා හිතන නිසා මම කෙලින්ම මේ කොටසේ කතාවට බහින්නම්. මේ කොටස යුධ බිමේදී සොල්දාදුවන් මුහුණ දෙන මානසික පීඩනය හා ඔවුන්ට එය බලපාන ආකාරයය ගැන හදපු කොටසක්. මේකේ දෙවෙනි කොටස බලපු කට්ටියට මතක ඇති මේ කතාවේ කථානායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වන ඉයුජින් ස්ලෙජ් හමුදාවට බැඳෙන්න තී…

කලින් එකේ වෙච්ච දේවල් හැමෝටම මතක ඇති කියලා හිතන නිසා මම කෙලින්ම මේ කොටසේ කතාවට බහින්නම්. මේ කොටස යුධ බිමේදී සොල්දාදුවන් මුහුණ දෙන මානසික පීඩනය හා ඔවුන්ට එය බලපාන ආකාරයය ගැන හදපු කොටසක්.
මේකේ දෙවෙනි කොටස බලපු කට්ටියට මතක ඇති මේ කතාවේ කථානායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වන ඉයුජින් ස්ලෙජ් හමුදාවට බැඳෙන්න තීරණය කරපු හැටි. ඉතින් කතාව ආරම්භයේදී පෙන්වන්නේ ඉයුජින් හමුදා පුහුණුව ලබන හැටියි. මේ අතරතුර කාලයේ ලෙකී ඇතුලු අනිත් භට පිරිස නව බ්‍රිතාන්‍ය දූපත් අසල පිහිටි ග්ලොස්ටර් තුඩුව නම් ප්‍රදේශයට ගොඩ බහිනවා. මැරීන් භටයන්ට එදා මෙදා තුර හමුවුන දුෂ්කරම පරිසරය හම්බ වෙන්නේ මේ ප්‍රදේශයේදියි. ඒ වගේම මේ ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන වැසි වලින් නම් කිසිම අඩුවක් නැහැ. ඉතින් මැරීන් භටයන්ට ජපන්නුන්ට අමතරව වැස්ස, මඩ සහ කැලෑව එක්කත් සටන් කරන්න සිදු වෙනවා. එකම ඇඳුම මාස ගණන් ඇඳගෙන මඩ පිරුණු බූට් දාගෙන වැස්සේ සටන් කරන්න වෙන නිසා ගොඩක් භටයෝ මානසිකව දුර්වල වෙනවා. ඉතින් ඔය අස්සේ ජපන්නුගේ රාත්‍රී ආක්‍රමණයකුත් කඳවුරට එල්ල වෙනවා.
කලින් කොටසේදි ලුතිනන් කොරිගන් ලෙකීව බුද්ධි තොරතුරු ඒකකයට මාරු කරා කට්ටියට මතකයි නේ. ඉතින් මේ කොටසෙදි ලෙකීට වැඩ කරන්න වෙන්නෙ ලුතිනන් ලාර්කින් කියල නිළධාරිය යටතේයි. ඉතින් ලෙකීගේ අනිත් යහලුවො ජපන්නු එක්ක සටන් කරද්දි ලෙකීට කුඩාරමක් මුර කරන්න වෙනවා. කොහොම හරි අන්තිමට ලෙකී ලුතිනන් ලාර්කින් එක්කත් අවුලක් දාගන්නවා. මේ නිසා ලාර්කින් ලෙකීව පිරිසිදු කිරිමේ අංශයට මාරු කරනවා. අන්තිමට මැරීන් භටයො දැනගන්නවා ජපන්නු පහුබහින බව. ඉතින් මේ මැරින් භටයෝ ටික ග්ලෝස්ටර් තුඩුවෙන් ඉවත් වෙලා පුවූවු කියන දූපතේ තියන එයාලගේ කඳවුරට යනවා. පුවූවු වල ඉන්න කොට ලෙකීට අසනීප වෙන නිසා එයාට රෝහලකට යන්න වෙනවා. ඉතින් මේ රෝහලේදී ලෙකීට දැන ගන්න ලැබෙනවා යුද්ධය විවිධාකාර සොල්දාදුවන්ට බලපාල තියන ආකාරය ගැන. තව මේ රෝහලේ ඉන්න ලෙකීගේ යාලුවෙකුත් ලෙකීට හම්බ වෙනවා.
ඒ වගේම මේ කිව්ව ටිකට අමතරව තව ගොඩක් දේවල් වෙනවා. ඉතින් මේක බලලම තමයි ඒ ටික නම් දැනගන්න වෙන්නේ. 🙂

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “
10,699 downloadsDownload The.Pacific-BR-E04.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
39 comments
srimal
elakiri
එල එල මචං එනකම් උන්නේ ජය වේවා
lasidu
සුපිරි කතාව මැක්සා
was
ඉක්මනට දෙන එක පට්ට හොදේ ජයම වේවා!!!!!!
rusuru | රුසිරු
සුපිරිම සුපිරි කතාව කියලා වැඩක් නෑ බොහොම පින් මේ වගේ එකකට සබ් දුන්න එක ගැන...
ccnp
Thanks :D
Isuru
supiri kollo maxxa hodey
අසංක
නියමයි සහෝ අනිවා බලනවා
එරංග
මෙහෙම සබ් දෙන එක නම් ලොකු දෙයක්... ජය
thisaru
ela bos
quik
thanks lot
pubudu
download Thanks
vee
ජය වේවා සහෝ
wall e
මේක අදම බලනවා බොහොම පින්
jeewantha
thnxxxxx
“චූටී මල්ලි”
පට්ට මචං දිගටම කරමු
tharanga
සුපිරි කතා සෙට් එක සහෝ නියමයි
wow
wow ela
සිංහලයා
ඇත්තම මේක නම් සුපිරියටම හදලා තියෙනවා..ජය වේවා!!!!!
kalinga
දිගටම සබ් දෙන්න සහෝ බොහොම පින් මේ වැඩේට
Nivandaka
එල මරු.අනිවා බලනවා.
දිගටම සබ් දාන්න ලැබෙන්න ඕන.
ඒත් The Pacific එකේ සබ් 1ක් වත් ඕපන් අනේම නැනෙ මට.
කරැමෙ තමා.
කොහොම උනත් පින් මචෝ!katha kolla
එල කොල්ලෙක් නෙ ඔයා... පට්ටයි ආආ.. හොදට වැඩෙ කරනවා........ thanks කොල්ලො...... (y)
Dina
ටැන්කූ පුබුදු......... :D ගොඩක් පිo..
mudiya / මුදියා
එලකිරි පුබුදු.දිගටම දෙන එකනම් මරු.ජයවේවා.බොහෝ..............ම ස්තූතියි...!
Bindi
මන් පුදුම ආසාවකින් බලපු සිරිස් එකක් . කොහොමද පටන් ගනිද්දී යන මියුසික් එක . හදවත කඩාගෙන යන තාලේ එකක් . සුපිරියි
මලයා
සුපිරි කතා සෙට් එක සහෝ නියමයි...බොහොම පින් මේ වගේ එකකට සබ් දුන්න එක ගැන…
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍Uraj Deemantha
බැරියෝ බැරියෝ..... මේවා බෑවොත්, නිදාගන්නෙත් නැතුව එක දිගට බැලෙනවා....... :(
uda
බොහොම සතුටුයි සහෝ.
මේකත් කලින් එක වගෙම අගේට තියෙයි.
දිගටම ඉවරෙටම දීපු එක තමා නියමම!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
Erängä
Sub open wenne nane,,,,
සාරංග ලියනගම
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…වරුණ රංගජිත් (වරූ)
සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
සබට තුති..
ජයම වේවා..Hashan M. Priyadarshana
Thanks
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks