Watch Trailer

The Pacific [E06] Sinhala Subtitles – Peleliu Airfield | පෙලෙලූ ගුවන් තොටුපොල. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න ඉතින් කතාවේ හයවෙනි කොටසත් ගෙනාවා. කට්ටියට මතකනේ පස්වන කොටසෙදි සිඩ්ට ආපහු ඇමරිකාවට යන්න උන හැටි. මේ කොටස ආරම්භ වෙන්නේ සිඩ් ගෙනුයි. සිඩ් යනවා ඉයුජින් ගේ දෙමාපියන් හම්බ වෙන්න. එතනදී සිඩ් එයාලට කියනවා ඉයුජින් මෝටාර් බළකායේ වැඩ කරන නිසා එයාලට හැම වෙලේම ඉදිරි පෙරමුණට පසු පසින් ඉදගෙන පහර දෙන්න…

හොඳයි ඔන්න ඉතින් කතාවේ හයවෙනි කොටසත් ගෙනාවා. කට්ටියට මතකනේ පස්වන කොටසෙදි සිඩ්ට ආපහු ඇමරිකාවට යන්න උන හැටි. මේ කොටස ආරම්භ වෙන්නේ සිඩ් ගෙනුයි. සිඩ් යනවා ඉයුජින් ගේ දෙමාපියන් හම්බ වෙන්න. එතනදී සිඩ් එයාලට කියනවා ඉයුජින් මෝටාර් බළකායේ වැඩ කරන නිසා එයාලට හැම වෙලේම ඉදිරි පෙරමුණට පසු පසින් ඉදගෙන පහර දෙන්න වෙනවා. ඒ නිසා ඉයුජින් ගේ ආරක්ෂාව ගැන එතරම් බය වෙන්න දෙයක් නැහැ කියල. මේක අහලා ඉයුජින් ගේ දෙමාපියන් සන්තෝස වෙනවා. ඒත් ඔවුන් දැනගෙන ඉන්නේ නැහැ ඉයුජින් ඒ වන විටත් සහභාගී වෙලා ඉන්න සටන කොතරම් බිහිසුණුද කියලා.

කට්ටියට මතක ඇතිනේ වෙරළට ගොඩ බහින කොටම මැරීන් භටයෝ කී දෙනෙක්ට එයාලගේ ජීවිත අහිමි වුනාද කියලා. ඉතින් මේ වෙනකොට සටන තවත් දරුණු අතට හැරිලයි තියෙන්නේ. මේ වන කොට මැරීන් බළකාය ගුවන් තොටුපොල ගාවටම ඇවිත් නිසා ජපන්නු ඈත තියන කඳු වැටියට පහු බහිනවා. ඔවුන් එතන ඉදන් මැරීන්ලට ප්‍රබල කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා. ඔය අතරෙ මැරීන් බළකායට ජපන්නුන්ට වඩා දරුණු තවත් සතුරෙක් හම්බ වෙනවා. ඒ සතුරා තමා පිපාසය. මේ වන කොටත් මැරීන් භටයන් සතුව ඇති ජලය ඔක්කොම වගේ ඉවර වෙලා. ඔවුන් ලගම දිය කඩිති තිබ්බත් ජපන්නු ඒවට වහ දාලා නිසා ඒවා ප්‍රයෝජනයට ගන්නත් බැහැ. ඔය ඔක්කොම ප්‍රශ්න අස්සේ මැරීන්ලට සිද්ද වෙනවා ජපන් කාලතුවක්කු වලින් බේරෙන්න ගුවන් තොටුපල හරහා යන්න. ඉතින් මෙහෙම විවෘත භූමියක් හරහා යන එක කොච්චර අවධානම් වැඩක්ද කියලා කට්ටිය දන්නවා ඇතිනේ.

ඒ වගේම මේ කොටසෙදි අපේ කතානායකයෝ දෙදෙනාගෙන් එක්කෙනෙකුට යුද්ධය ඉවර වෙනවා. ඔහුට කුමක් වෙයිද? මැරීන් සේනාංකයේ ඉරණම කොහොම විසදේවිද? කියල දැනගන්න මේ කොටස බලන්න.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “

10,079 downloadsDownload The.Pacific-BR-E06.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

10,079 downloadsDownload Subtitles90 KB

35 comments

  1. Fernando

    Thanks ela machan

  2. elakiri

    එල එල මචං පට්ටම කතාව මේක

  3. ccnp

    Thanks

  4. was

    නියමයි මචං අද බලනවා මේක ... ආයේ සුපිරිම සුපිරි කතාව

  5. lasidu

    මේක එනකම් උන්නේ.සිරාම කතාවක්

  6. උදාර

    නියමම වැඩක් මේක එක දිගට දෙන එක .. තුති

  7. quik

    thanks lot

  8. tharanga

    මේ වගේ කතාමාලාවකට සබ් දෙන එක අගය කරනවා..ඇත්ත ඇති හැටියට සුපිරියටම තියෙනවා.. ජය වේවා

  9. wow

    wow.ela

  10. pubudu

    thxz kolla.. :)

  11. dj

    බොහොම තුති සහෝ වැඩේ නියමයි

  12. Fernando

    sub aka gannawa maxxa wadak

  13. “චූටී මල්ලි”

    එල එල මචෝ දිගටම දෙන්න ශක්තිය ලැබේවා

  14. rusuru | රුසිරු

    ජය වේවා තවත් හොද ඒවාට සබ් දෙන්න

  15. akila

    පට්ටම පට්ට :)

  16. vass

    meyka ikmanata dena nisa niyamai

  17. kalinga

    බොහොම පින්...ජයම වේවා සහෝ

  18. h[A]s

    තැන්ක්ස් බ්‍රෝ

  19. yasomal

    jaya pubudu

  20. wall e

    මැක්සා පුබුදු
    තවත් ඒවා ඕනේ,,,,,

  21. Danuka

    එල tv series එක .පට්ට පටපට. තව මේ වගේ කථා සෙට් එකක් දන්න..

  22. විමා

    elama thama dan nam mawa wikinenawa :P

  23. Dina

    thanx machaaaaaaaan......

  24. katha kolla

    tnx machoooooooooo.....

  25. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  26. රාම් රාජ්

    ස්තූතියි.

  27. Uraj Deemantha

    Episode ගණන් බලන්න බැරියෝ...... :( තරහා නෑ නේ....?? මේවා බෑවොත්, මම වෙලාවක් අවේලාවක් නැතුව බලාගෙන බලාගෙන යන්න පුරුදු වෙනවා..... :(

  28. uda

    මේ කතා පෙළත් නොබැලුවොත් සම්පූර්ණ බවක් දැනෙන එකක් නැහැ රොයිලි දීපු එක බැලුවම. ඒ හින්දා මේකත් අනිවාම බලනවා. බලනකම් තුති කියලා වචනෙයෙන් යමක් කියන්නම්!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  30. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  31. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  33. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  34. වරුණ රංගජිත් (වරූ)

    සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
    සබට තුති..
    ජයම වේවා..

  35. gihan

    උපසිරසියට බොහෝම ස්තුති