ඉතින් මේ කොටස තමා මේ කතාවේ අවසාන කොටස. මේක බලපු නැති අය එහෙම ඉන්නව නම් මුල ඉදලම බලන්න පටන් ගන්න. මේ කොටස ගැන නම් ගොඩක් ලියන්න දෙයක් නැහැ. හැබැයි බලන අයට නම් බලන්න ගොඩක් දේවල් තියෙයි. මේ කොටසෙන් විස්තර වෙන්නේ දීර්ඝ කාලයක් සටන් බිමේ ගත කරපු සොල්දාදුවො යුද්ධෙන් පස්සේ සාමාන්‍ය සමාජයත් එක්ක මුහු වෙන හැට…

ඉතින් මේ කොටස තමා මේ කතාවේ අවසාන කොටස. මේක බලපු නැති අය එහෙම ඉන්නව නම් මුල ඉදලම බලන්න පටන් ගන්න. මේ කොටස ගැන නම් ගොඩක් ලියන්න දෙයක් නැහැ. හැබැයි බලන අයට නම් බලන්න ගොඩක් දේවල් තියෙයි. මේ කොටසෙන් විස්තර වෙන්නේ දීර්ඝ කාලයක් සටන් බිමේ ගත කරපු සොල්දාදුවො යුද්ධෙන් පස්සේ සාමාන්‍ය සමාජයත් එක්ක මුහු වෙන හැටි සහ ඔවුන් යුධ බිමේ ලබපු අමිහිරි අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයට බලපාන ආකාරය ගැනයි. ඒ වගේම මේ කොටස අවසානයේදී කතාවේ එන චරිත වල ඇත්ත ජායාරූප සහ ඔවුන්ගේ විස්තර එලි කරනවා. ඒ නිසා ඒ ටිකත් අනිවාර්යෙන්ම බලන්න. ඉතින් මම මේ කොටස ගැන නම් මීට වඩා ලියන්න යන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට පැසිෆික් කතාවේ අතීතය සහ මේක ලබල තියන සාර්ථකත්වය ගැන ටිකක් කියන්නම්.
පැසිෆික් කතාව නිර්මාණය වෙන්නේ ගොඩක් නාළිකා වල එකතුවෙනුයි. HBO, Seven Network Australia, Sky Movies, Playtone සහ DreamWorks ආයතන මේකට දායක වෙලා තියනවා. මේක පටන් අරගෙන තියෙන්නේ 2010 වසරේදියි. ඒ වගේම මේක රොයිලි අයියා සබ් කරපු Band of Brothers කතා මාලාවෙ ඊලඟ කොටසයි. ඒ වගේම මේ කතා මාලාව සත්‍ය කතාවක්. මේකට පාදක වෙන්නේ ඉයුජින් ස්ලෙජ් ලියපු With the Old Breed: At Peleliu and Okinawa සහ රොබට් ලෙකී ලියපු Helmet for My Pillow යන පොත් දෙකයි. The Herald පුවත්පතට අනුව මේ කතාව ලෝකයේ වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කතාවක්. ඒකට වැය කරල තියනවා ඇමරිකන් ඩොලර් මිලියන 200ක් . ඒ වගේම ඒ පුවත්පත සදහන් කරන විදිහට ඒකට වැය කරපු මුදලටත් වඩා මේ කතාව වටිනාවලු. ඒ වගේම මේ කතාව රටවල් 30 කට අධික සංඛාවක් පුරා විකාශය කරලා තියනවා. හොඳම miniseries එක, හොඳම තේමාව, හොඳම අoග රචනය, හොඳම තිර රචනය, හොඳම ශබ්ද සංකලනය, හොඳම දෘෂ්ටි ප්‍රයෝග වැනි සම්මානත් 8ක්ම මේකට ලැබිලා තියනවා.
ඉතින් මෙහෙම කතාවකට සිංහල උපසිරස දාන්න පුලුවන් වෙච්ච එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම මේ කතාවට උපසිරස දාන එක පොඩ්ඩක්වත් ලේසි උනේ නැහැ. මොකද මැරීන් හමුදාව භාවිතා කරන්නේ එයාලටම අනන්‍ය වෙච්ච භාෂාවක්. උදාහරණයක් කිව්වොත් සාමාන්‍ය කට්ටිය pill•box කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රථමාධාර පෙට්ටියක්. ඒත් මැරීන්ලා ඒකෙන් අදහස් කරන්නේ ගුවන් යානා නාශක තුවක්කුවක් හරි මැෂින් තුවක්කුවක් හරි තියලා තියන තැනක්. ඉතින් මම මැරීන් කෙනෙක් නොවන නිසා මම මේ වචන ඇහුවෙත් පළවෙනි පාරට. ඉතින් මේ කතාවට උපසිරස යොදන කොට මම අතින් වැරදීම් වෙලා තියනව නම් ඒකට මට සමාවෙන්න. 😀 😀
ඒ වගේම විශේෂ පිරිසකට විශේෂ ස්තුතියක් දෙන්න තියනවා. ඒ තමා හැමදාම මේ කතාව බාගෙන පොඩි කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කල කට්ටිය. ඇත්තටම කිව්වොත් ඒ කමෙන්ට් කියවලා මම ලොකු සතුටක් ලැබුවා. 😀 😀 මේ කතාව එක දිගට දෙන්න වුන නිසා ගොඩක් සහෝලට තමන්ගේ නිර්මාණ සෑහෙන කාලයක් waiting list එකේ තියන්න වෙන්න ඇති. ඉතින් මේක දෙන්න තමන්ගේ නිර්මාණ ටිකක් පරක්කු වුන එක ඉවසපු සහෝලා හැමෝටමත් ගොඩක් ස්තුතියි.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “
10,694 downloadsDownload The.Pacific-BR-E10.zip123 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
86 comments
ositha
lasidu
ජය වේවා පට්ටම පට්ට :)
kalinga
ජය වේවා එහෙනම් මේකත් ඉවර වෙනකම් දුන්නා නේ..මං හිතන්නේ ඉක්මනින්ම ඉවර වෙන්න දුන්න කතාව මේක..මෙහෙම දුන්න නිසා නියමෙට කතා ටිකම බැලුවා..
තවත් හොද කතා මාලාවකට සබ් දාලා දෙන්න මේ වගේ ඉක්මනටම බලන්න..
quik
thanks
wow
wow.txz
Dina
තැන්ක්ස් මචන් උබ කරපු මේ වැඩේට.. මම මුල ඉදන්ම උපසිරැසි ටික ගත්තා.. මේ වගේ යුද්ධ කතාවකට සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නෙවේ..ඔයාගේ වැඩේ අති සාර්තකයි.. සුබ පතන්වා අනාගතයට,,..!!
ganidu
ලොවෙත් නෑ මචං සුපිරි
tharanga
නියමෙටම සබ් දාලා තිබුනා මං කිසිම අවුලක් දැක්කේ නෑ..ඒ වගේම නියම අර්ථයෙන් දාලා..
උදාර
නියමයි... ජයම වේවා
ccnp
Thanks lot
Isuru
jaya wewa math gannawa.elama thama
was
මේක පට්ටම කතාව ආයේ සුපිරිම සුපිරි
කැළුම්
නියමෙටම සබ් දාලා තිබුනා.ඇත්තටම මේක හැමෝම බලන්න.තමන්ටත් යමක ඉගෙන ගන්න පුළුවන් .මිනිසත්කම.උදාර ගති ගුණ ගැන.හැමදාම බලන විද්‍යා ප්‍රබන්ධ කතාවට වඩා 1000 ගුණයක් මේක පට්ට ..
ජයම වේවා
vee
සුපිරි :) තුති
Dilan-
maxxa machan
mudiya / මුදියා
පට්ටම වැඩක් පුබුදු මේක නම්.ඔන්න අද තමයි මං කොටස් ඔක්කොම බාගත්තෙ.එක පාර ඔක්කොම බෑව.දැන් ඉතිං ඔයාගෙ සබ් ටිකත් බාගෙන ඔයාටත් පිං දෙන ගමන් එක දිගට බලනව.මේ වගේ ගොඩක් වටින කතාවකට එක දිගට සබ් දුන්න එක ගැන ඔයාට ස්තූති කරන්න වචන නෑ.දිගටම අපිට සබ් දෙන්න ඕනි හොඳේ.අපි ඉන්නව දිරිමත් කරන්න.ජයවේවා.බොහෝ...................ම ස්තූතියි...!
shani
thanks
kdn
JAYA WEWA
රාම් රාජ්
එහෙනම් ලොකු දෙයක් සාර්ථකව අවසන් කලා නේද.කොහොමද දැනෙන සතුට.අපි හැමදාම ඉන්නවා කමෙන්ට් කරන්න.ඒක නිසා හිතට වෙර අරන් ටිකක් විවේක අරන් නැවත හොද දෙයක් අරන් අපිත් එක්ක එකතු වෙන්න.ස්තූතියි මේ වගේ හොද විශිෂ්ඨ නිර්මාණයක් අප වෙත ලබා දීම ගැන.
wappula
thank you malli...
dedunu- yatalamatta,
ජයවේවා.බොහෝම ස්තූතියි…!
තවත් හොද කතා මාලාවකට සබ් දාලා දෙන්න මේ වගේ ඉක්මනටම බලන්න....කේ.යු.ජී.උදාර
රොයිලි බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් දෙන දවස්වල දි ම මේකත් දෙන්න කියල ඉල්ලන්න උවමනාවක් තිබුණත් මොකක් හරි හේතුවක් හින්ද ඒ කාරණාව යට ගියා. ඒත් හිටි ගමන් පුබුදු මේ සීරීස් එක දෙනවයි කියල දැක්කහ ම ඇති වුණේ අප්‍රමාණ සතුටක්. ඒ වගේ ම පුබුදු මේක දුන්න විදිහත් හුඟක් වටිනවා. ඒ කියන්නෙ කතා සෙට් එකට ම එක සැරේ සබ් දාල ඉවර කරල මේක දුන්න එක.
ඔන්න එහෙනම් ඉස්සරහටත් මේ වගේ වටින නිර්මාණයක් අපිත් එක්ක බෙදා ගනියි කියල බලාපොරොත්තු වෙනවා......
බොහොම ස්තූතියි පුබුදු.
ජයෙන් ජය........katha kolla
පුබුදු මචන් උබ නම් දෙයියෙක්......... එල හොදෙ මෙ වගෙ ඇත්තම කතා ටිකක් අයෙම තොරගෙන අයෙම සබ් දාපන් කොල්ලො...... එල උබ කරපු දෙට නම්....... :D:D :D
මලයා
තවත් මෙවැනි සුපිරි ෆට්ට TV serise එකක් සමග අප හමුවෙන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සහෝ....අසාවෙන් බලපු TV serise එකක්..නැවත් මුන ගැසෙමු :)
mahima
supiri ban.digatama mewage ewa denna.
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍Chandima
මම සිංහල සබ් එක්ක අයෙමත් බැලුවා... නියමයි.. ගොඩාක් ස්තූතියි..
විශ්ව
සුපිරියටම රසවිඳපු නිර්මාණයක්,ඉක්මනට සබ් දුන්න නිසා උණු උන්නුවේම බලල ඉවර කරන්න පුළුවන් උනා,සහෝට ගොඩක් ස්තුති ,මේවගේ නිර්මාණ ඉදිරියටත් අපිට දෙඉ කියල බලාපොරොත්තු වෙනව,ඔබට ජය.. ( විශ්ව )
“චූටී මල්ලි”
එල එල දිගටම සබ් දෙන්න
eD
THANKS MACHAN
thushana
bohoma isthuthi machan.neyama film thamai mewa.bandofbrothers wagema me katha tikath uparimai.neyama awasanayk theyanwa kathawe moko ethen jewetha kathane mewa saha aththata unudewal ne.ok thxxxxxxxx.
jagath
eka digata okkoma baluwa. supiri. lankawe hamudawe ape kollanwa mathak wenawa. ape eunuth mehema loku kapa keerimak karala thamai me vidihata ada api jeewath wenne. ape unta uaharayak weva. ewagema me sahodarayatath bohoma sthuthi...
Jagathuda
නියමයි මේකත්, රොයිලි දීපු එක වගේම නියමම කතාවක් පාටයි. මම දැන් තමා කලින් එකත් බලන්ඩ හදන්නේ. ඒක බලලම මේක බලනවා. බොහොම තුති. කොහොමහරි එක දිගට දීපු එකනම් ලොකුම ලොකු දෙයක්. ජය!
Didula Kd Silva
බොහොම ස්තූතියි සහෝ. කොහොමහරි ඔක්කොම දුන්නනෙ.. ජය වේවා෴
sanju lakshan
thanks
Uraj Deemantha
ලස්සන උනත්, බාන්න පින නෑ.... :(
nuwan
jab tak hai jaan movie walata sinhala sub title walata sub dannako.\
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
sachith lakshan
niyama watinakamak tiyena kathawak mehema daaapu ekata bohomoma isthuthiy...thawathsarthaka nirmaana karanna shakthiya lebewaa machan ela kri
Isuru
මේකනම් පට්ටම කතාව. බයිස්කෝප් එකෙන් දකිනකන් මම මේ ටී.වී සීරිස් එක ගැන අහලවත් තිබුනෙ නෑ. සේරමටික ඩවුන්ලෝඩ් කරන් දවස් දෙකෙන් බැලුවා. ඒ තරම් මැක්සා කතාව. උපසිරසි දාන්න මහන්සි උන සහෝදරයට පින් මේ වගේ මැක්ස කතා අපිට ගේනවට.
poorna
perfect....
Ishan
Thanx macho sub walata,,
sanju
මම අසාවෙන් බලපු ලස්සන කතාවක් මචං.. නියමයි
rihas
නියමයි… ජයම වේවා
shalitha
මම බලපු tv serious වලින් පට්ට serious එකක් මේක.හොදට මතක හිටින අත්දකීම් රෑසක් මතකයේ සෑහෙන කාලයක් තියෙවි.thax a lot bro.thawa 1k ikmntama ona.wish u all the best.
Thisara NEO
thanks saho
Ashain
aththatama saho mn balapu hodama tv series ekak.....sub ekata nm romba thanx........
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
sunil
great.thanks
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks