Watch Trailer

The Pacific [E09] Sinhala Subtitles – Okinawa | ඔකිනාවා සටන [සිංහල උපසිරැසි සමඟ]

පැසිෆික් සයුර කතා මාලාවේ නවවන කොටස වන මෙයට පාදක වෙන්නේ ඔකිනාවා සටන ගැනයි. ඔකිනාවා කියන්නේ ජපානයට කිලෝමීටර් 550 ක් ඈතින් තියන කුඩා දූපතකටයි. ඉතින් මිත්‍ර හමුදා ජපානය ආක්‍රමණය කිරීමේ සැලැස්මේ ගුවන් හමුදාවේ මූලස්ථානය වශයෙන් ඔකිනාවා දිවයින යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් 1945 අප්‍රේල් මාසේ පටන් ගන…

පැසිෆික් සයුර කතා මාලාවේ නවවන කොටස වන මෙයට පාදක වෙන්නේ ඔකිනාවා සටන ගැනයි. ඔකිනාවා කියන්නේ ජපානයට කිලෝමීටර් 550 ක් ඈතින් තියන කුඩා දූපතකටයි. ඉතින් මිත්‍ර හමුදා ජපානය ආක්‍රමණය කිරීමේ සැලැස්මේ ගුවන් හමුදාවේ මූලස්ථානය වශයෙන් ඔකිනාවා දිවයින යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් 1945 අප්‍රේල් මාසේ පටන් ගන්න මේ සටන දින 82 කට තිස්සේ පැවත්වුනා කියලයි සදහන් වෙන්නේ. ඒ වගේම පැසිෆික් සාගරයේ සිදු වූ සියලුම සටන් වලින් වැඩිපුරම ජීවිත හානි වාර්තා වෙලා තියෙන්නෙත් මේ සටනෙදියි. ජපානයට මේ සටන නිසා සොල්දාදුවන් 100,000 අහිමි වෙලා තියන අතර ඇමරිකාවට 65,000 සොල්දාදුවන් අහිමි වෙලා තියනවා. ඊට අමතරම ඔකිනාවා වල ජීවත් වූ අහිංසක සිවිල් වැසියන් 10,000 පමණ වෙඩි හුවමාරු වලට මැදිව මිය ගිහින් තියනවා.

දැන් මේ කතාව පැත්තට හැරුනොත්, කලින් කොටසෙදි ඉයුජින් ඇතුලු මැරීන් භටයන් පෙලෙලූ වල ජයග්‍රහණයෙන් පස්සේ ආපහු පුවූවූ දිවයිනට ගියා කට්ටියට මතකනේ. ඉතින් එහෙ පොඩි විවේකයක් ලැබුනට පස්සේ ඔවුන්ට ඔකිනාවා සටනට සම්බන්ධ වෙන්න සිද්ද වෙනවා. ඉතින් මේ වෙන කොට ඉයුජින් ප්‍රවීණ සටන්කරුවෙක් බවට පත් වෙලා ඉවරයි. ඒ විතරක් නෙමේ මැරීන් බළකායෙත් වෙනස් කම් කිහිපයක්ම සිදු වෙලා තිබෙනවා. ඇක් ඇක් ගේ මරණය නිසා මෙයාලට අණ දෙන්න අලුත් ලුතිනන් කෙනෙක් සහ බළකායට අලුතින් බැඳුන සෙබලු ටිකකුත් ඉන්නවා. ඔකිනාවා සටනෙදි මැරීන් භටයන්ට මුහුණ දීමට සිදු වන්නේ ග්ලොස්ටර් තුඩුවේ තිබ්බා වගේ කාළගුණයකටයි. ඉතින් වර්ෂාව නිසා ඔකිනාවා කොච්චර මඩ වෙලාද කියනව නම් තමන්ගේම සෙබලුන්ගේ මිනී ඉවත් කරගන්න වාහන වලට යන්න බැරි තරමට මඩ වෙලා නිසා ගොඩක් මිනී තැන තැන වැටිලා කුණු වෙලා යනවා. ඉතින් මේ දුෂ්කරතා ඔක්කොම ඉවසා දරාගෙන සටන් කරන මැරීන් භටයන්ට අලුතින් හමුදාවට බැඳුන පෙක් නම් භටයා නිසා තවත් කරදර ගොඩක පැටලෙන්න වෙනවා.

කට්ටියට මතකද දෙවෙනි කොටසෙදි ඉයුජින්ගේ තාත්තා ඉයුජින් හමුදාවට බැඳෙනකොට කියපු දේ. “සටන් වදින සෙබලුන්ට ශරීරයට වඩා මනසට වන තුවාල දරුණුයි, දවසක මම ඔයාගේ ඇස් දෙක දිහා බලන කොට එය කිසිම දීප්තියක් නැති, ජීවයක් හෝ ආදරයක් නැති දෙයක් බවට පත් වෙලා තිබ්බොත් එය මගේ හදවතට විශාල වේදනාවක් වේවි” ඉතින් එදා ඉයුජින්ගේ තාත්තා කියපු දේ මේ වෙනකොටත් වෙලා ඉවරයි.ඉතින් එහෙනම් මේ කොටසත් බලලම ඉන්නකෝ 😀

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV සහ BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

“උපසිරසි BR පිටපත වෙනුවෙන් යාවත්කාලින කර අප වෙත එවීම සම්බන්ධව විශේෂ ස්තුතිය
” Akila Jayathunga ” සොයුරා වෙත හිමිවිය යුතුය. “

9,790 downloadsDownload The.Pacific-BR-E09.zip96 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1All BT1Next BT1

Subtitles

9,790 downloadsDownload Subtitles96 KB

35 comments

  1. eranga

    Thanks bro

  2. tharanga

    නියමයි ජය වේවා.

  3. chamara

    Taz lot macho

  4. damith

    Jayama wewa...ikmanata dena nisa balanawa.

  5. වරුන

    එල එල මචන්. සුපිරි.

  6. charidu

    Thnxxxxxx pupudu

  7. රොශාන්

    එනකම් උන්නෙ බොහොම පින්

  8. darshana

    සුපිරි

  9. hhk

    Maxxxxxxxaa

  10. sumudu.

    Maru macho

  11. කැලුම් ගුණසේකර

    නවවෙනි කොටසත් ආවා නේ? ස්තුතියි සහෝ උපසිරැසියට

  12. charith

    Thanks

  13. “චූටී මල්ලි”

    මේ වගෙ එකකට දිගටම සබ් දෙන එකනම් මචන් ලොකු දෙයක්

  14. mudiya / මුදියා

    මරු මරු.ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ.................ම ස්තූතියි...!

  15. h[A]s

    සුපිරි සහෝ බොහොම තුති

  16. ccnp

    Thanks

  17. Isurus

    thnxxxxxxxxx

  18. kalinga

    බොහොම තුති

  19. katha kolla

    එල එල one more මචො...........
    tnkx ........ :D

  20. Dina

    thanx

  21. Danuka

    ස්තුතියි සහෝ උපසිරැසියට

  22. kdn

    ela ela tks

  23. රාම් රාජ්

    ස්තූතියි.

  24. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  25. uda

    උපරිමයි. ජයෙන් ජය වේවා මෙහෙම ඒවා දෙනවට! හරිම වටිනවා...
    හදවතින්ම සුබපතනවා.

  26. Uraj Deemantha

    Series එකක් නිසා, සිංහල සබ් තිබිලත් බාන්න හිතෙන්නේ නෑ.... :( මේක බෑවොත්, වෙලාවක් අවේලාවක් නැතුව මේක බලයි මම..... :(

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  28. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  29. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....

  30. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  31. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  32. වරුණ රංගජිත් (වරූ)

    සුපිරිම කතාවක් අනික් අයත් බලන්න..
    සබට තුති..
    ජයම වේවා..

  33. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  34. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  35. Roshan

    Thnx bro.Great job.Good luck.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.