Watch Trailer

The Passing Bells [E05] | මරණයේ සීනු හඬ.. පොපි මලින් කියවුනිද… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ The Passing Bells කෙටි කතා මලාවේ පස්වන වගේම අවසාන කොටසයි. ගියවර කොටස මතක් කරගෙන ඉමු. බ්‍රිතාන්‍යයන් සමඟ ඇමරිකානුවන් එක් වීමත් එක්ක අගල් තුළ කෙරෙන සටන තවදුරටත් ජයග්‍රහණ ලබා ගන්නට ජර්මානුවන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යය කාලතුවක්කු ප්‍රහාර හමුවේ විනාශ වන ජර්මානු අගල් වල සිටි දිව…

The-Passing-Bells
මේ අරගෙන එන්නේ The Passing Bells කෙටි කතා මලාවේ පස්වන වගේම අවසාන කොටසයි. ගියවර කොටස මතක් කරගෙන ඉමු. බ්‍රිතාන්‍යයන් සමඟ ඇමරිකානුවන් එක් වීමත් එක්ක අගල් තුළ කෙරෙන සටන තවදුරටත් ජයග්‍රහණ ලබා ගන්නට ජර්මානුවන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යය කාලතුවක්කු ප්‍රහාර හමුවේ විනාශ වන ජර්මානු අගල් වල සිටි දිවි බේරාගත් කීප දෙනාව බ්‍රිතාන්‍යයන් විසින් සිරකරුවන් බවට පත් කරගන්නවා. ඒ අතර අපේ එක් කතා නායකයෙකු වන මයිකල් ද සිටිනවා.

ටොමී යුද්ධය හේතුවෙන් කලකිරීමට පත් වෙලා. මෙය තමන් පාසලේදී අසා තිබුනු ආකාරයේ යුද්ධයක් නොවන වග ඔහු හොඳින් තේරුම් අරගෙන. මේ කුරිරු යුද්ධයට මුහුණ දෙනවා හැරෙන්නට වෙනත් යමක් ඔහුට කරන්නට හැකියාවක් නැහැ. හමුදාව හැර ගියොත් යුධ සේවයෙන් පළා ගිය අයෙකු සේ සලකා වෙඩි කා මැරෙන්නට සිදු වෙනවා. ජර්මානුවන් හා සටන් කළොත් යුධ පෙරමුණේ වෙඩි කා මියැදෙන්නට සිදු වෙනවා. කළ හැකි කිසිම දෙයක් නැහැ. බ්‍රිතාන්‍යයන් භාරයට ගත් සිරකරුවන් වෙනත් කඳවුරක් වෙත හුවමාරු කරන්නට යන අවස්ථාවේදී ටොමීත් ඒ ගමනට එකතු වන්නේ තම පෙම්වතිය දැකගැනීමේ අදිටනින්. ඇයව හමුවන ඔහුට දැනගන්නට ලැබෙනවා, තමන් පියෙක් වන්නට යන බව. ජොඇනාට යා හැකි නිවසක් තව දුරටත් නොමැති බැවින් ඇය ටොමීගේ නිවස වෙත යනවා. ඒ ටොමීගේ ඉල්ලීම පරිදි.

යුධ සිරකරුවන් අතර සිටින මයිකී බ්‍රිතාන්‍ය භාරයෙන් පැන යනවා. ඔහු ටොමීගේ වෙඩි ප්‍රහාරයකට ලක් වන්නට ඉඩ තිබුනත් ටොමී ඔහුට වෙඩි තියන්නේ නැහැ. ඒ ඇයිද යන්න දන්නේ ඔහුම පමණයි. නැවතත් තමන්ගේ සීමාව වෙත යන මයිකී, එහි රැකවලේ සිටිද්දී ටොමී සහ ඩෙරෙක් වෙත එල්ල කෙරෙන වෙඩි ප්‍රහාරයක් වලක්වනවා. ඒ ඇයිද කියා දන්නෙත් ඔහු පමණයි.

අද මේ අරගෙන එන්නේ අවසාන කොටස බැවින් අද කොටස ගැනත් සුළුවෙන් හෝ යමක් කිව යුතුයි කියලා හිතුනා. මේ වනවිට පළමු ලෝක යුද්ධය ආරම්භ වී වසර 5 ක් ගත වෙලා. 1918 වසර. බ්‍රිතාන්‍යයන් යුධ ජයග්‍රහණ ලබමින් ඉදිරියටම යනවා. ජර්මානුවන් දිගින් දිගටම පරාජයන් අත් කරගනිමින් පසු පසට ගමන් කරනවා. ජර්මානු ගම්වැසියන් සාගින්නෙන් පෙළෙන්නේ තම දේශපාලකයින්ට සාප කරමින්. අවසානයේ ජර්මානු එම්ප්‍රදෝරු රජු පරාජය භාරගනිමින් තම තනතුරින් ඉවත් වෙනවා. ඒ කොන්දේසි රාශියකට එකඟ වෙමින්. දේශපාලන කරලියේ යුද්ධය ඒ ආකාරයෙන් නිමා වෙද්දී, යුධ පෙරමුණේ සිටින සාමාන්‍ය සෙබළුන් ඔවුන් කුමක් කරාවිද..? ඔවුනට මේ නත්තලටවත් තම නිවෙස් වෙත යාමට හැකි වේද..? ටොමී සහ මයිකී දෙපසට වෙලා තම සිහින ඉටු වේදැයි කල්පනා කරමින් රාජකාරියේ නිරත වෙනවා. ෂෙල් ප්‍රහාර නිසාවෙන් විනාශ වී ගිය කම්බි වැටේ කොටසක් පිළිසකර කරන්නට මොවුන් දෙදෙනා දෙපසින් යුද රහිත භූමිය වෙත පිවිසෙනවා. එකිනෙකා දකින මොවුන් කුමක් කරාවිද..? වසර පහක් දෙපසට වෙලා එකිනෙකා හා සටන් කළ මොවුන් යුද නිමාවත් සමඟ එකිනෙකා හමු වෙනවා. ඒ අවස්ථාව මොන වගේ වේවිද…? නරඹන්න ඔබට භාරයි. වසර 100 ට කලින් සිදු වූ මේ ඓතිහාසික යුද්ධයේ රුධිරය සෙලවූ දස දහස් ගණනක් වූ සෙබළුන් අතර තවත් සෙබළුන් දෙදෙනෙක්ගේ ජීවිත කතාවයි මේ. ලේ තැවරුණු යුධ බිමේ කටු කම්බි වැට මත සාමයේ පණිවිඩය රැගෙන කුරුල්ලන් සැරි සරයි. එය අවධානයට ලක් වන්නේ.. කීයෙන් කී දෙනාටද..? 1918 නොවැම්බර් 11 වෙනිදා පළමු ලෝක යුද්ධය නිමා වූ ඒ ලේ තැවරුණු බිමේ ලේ පැහැති පොපි මල් පිපෙන්නේ, යුද්ධයේ කුරිරු බව හමුවේ මහ පොළව කම්පා වූ බව ලොවට ප්‍රකාශ කරමින්. මේ දිවි පිදූ විරුවන් වෙනුවෙන් මරණයේ සීනු හැඬවුනාද…?

අපට යමක් ඉගෙන ගන්න, යුද්ධයේ කුරිරු බව වටහාගන්නට, යුද්ධය දෙස වෙනස් කෝණ වලින් බලන්නට ඉඩ සැලසූ තවත් අපූරු කතා මාලාවක් තමයි මේ නිමාවට පත් වන්නේ. මේ කතා මාලාවට උපසිරැසි ගෙන ඒමට මට අවස්ථාව සැලසූ විකියා සහෝදරයාට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. අපි මවාගත් ලෝක වල සිටින වීරයන්ට කැමති තරම් නම් මෙවැනි යුධ විරුවන්ට කැමති නොවනවා ඇති. බොහෝ විට ඒ අපේ නොදැනුවත්කම හෝ දැනුවත් වීමට ඇති අකමැත්ත නිසා වෙන්න ඇති. පොළවේ පය ගහලා ජීවත් වෙන බයිස්කෝප් රසිකයින් වගේම සිහින ලෝක වලට ප්‍රිය කරන බයිස්කෝප් රසිකයින්, මේ සියලු දෙනාම මේ කතා මාලාව නැරඹිය යුතුයි කියලා මං විශ්වාස කරනවා. සියලු දෙනාටම ජයම වේවා…!

“What passing-bells for these who die as cattle..?”

 

The Passing Bells (2014) on IMDb

 

 

114 MB කොපිය මෙතනින් බාගන්න

4F24F18FFB3465FF91E66162CEADAC9AC30EC2A5

182 MB කොපිය මෙතනින් බාගන්න

6FB087D3CF6CBA5697532A9BFD311017E68EEAB8

237 MB කොපිය මෙතනින් බාගන්න

ABD05782EE19C94E52E31D77A428BE8E7B37693C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

594 downloadsDownload The-Passing-Bells-E05.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                      

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

594 downloadsDownload Subtitles32 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  2. නලින්

    ස්තුතියි යශෝද.. බැලුවේ නැති උනත් හැමදාම ලිපි ටික නම් කියෙව්වා... වෙලාවක් ලැබුණ ගමන් සේරම බලන්න ඕනේ.

    ජය වේවා!

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. I.W.M.S Ilangakoon

    SUPIRI SRORY EKA,, APARADE IWARA UNE,,,
    ME WAGE GODAK WATINA STORY EKAK GENAWATA GODAK THANKS,,,
    EHENAM JAYA WEWA,,,
    DIGATAMA MEWAGE KATA DENNA BALANNA,,,
    BS,,,,,,,,,,

  5. Sisira Hegoda

    Thanks.

  6. sajeevi

    thanks.
    dan eka Sarema balanawa.

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  8. සිනෙත් ගමාච්චිගේ

    බිබිසී කරන ඕනම කතාවක් අති විශිෂ්ඨයි.අද තමා දැක්කේ.කොටස් පහම එක පාර බාගෙන බැලුවා.හරිම ලස්සන කතාවක් සහෝ හිතටම වදිනවා.සබට ස්තූතියි!!!

  9. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  10. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Kumara

    Excellent work.
    Thank you bro...

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය