Watch Trailer

The Sandman [S01 : E02] Sinhala Subtitles | මෝෆියස්ගේ නැතිවුණ උපකරණ තුන සොයා! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සෑන්ඩ්මෑන් කතා මාලාවේ දෙවෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. මේ කතාමාලාව නිකුත් වෙන්නේ අගෝස්තු පස් වෙනිදා Netflix වෙතින්. මේ වෙනකොට මේ කතා මාලාවට IMDb 7.9 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා 40,500 අධික මනාප සංඛ්‍යාවකින් සහ කුණු තක්කාලි 87% ගන්න හැකි වෙලා තියෙනවා. ඔයාල කලින් කොටස නැරඹුවා නම් යම්තාක්…

ඔන්න එහෙනම් සෑන්ඩ්මෑන් කතා මාලාවේ දෙවෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. මේ කතාමාලාව නිකුත් වෙන්නේ අගෝස්තු පස් වෙනිදා Netflix වෙතින්. මේ වෙනකොට මේ කතා මාලාවට IMDb 7.9 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා 40,500 අධික මනාප සංඛ්‍යාවකින් සහ කුණු තක්කාලි 87% ගන්න හැකි වෙලා තියෙනවා.

ඔයාල කලින් කොටස නැරඹුවා නම් යම්තාක් දුරකට මේ කතා මාලාව ගැන අදහසක් ගන්න හැකිවෙන්න ඇතිනේ. පලමු කොටසෙදී වුණ දේ කෙටියෙන් මතක් කළොත්, සිහින වලට අධිපතියා වුණ ඩ්‍රීම් නැතිනම් මෝෆියස්ව රොඩ්‍රික් බර්ජස් කියලා මායාව පාවිච්චි කරන්නෙක් විසින් මායා බන්දනේකින් හිර කරගන්නවා. එතෙන්දි රොඩ්‍රික් විසින් ඩ්‍රීම්ගේ උපකර තුනක් ගන්නවා. ඒවා තමයි සෑන්ඩ් නැතිනම් වැලි මල්ලික්, රූබි කැටයක්, හෙල්ම් එකක්. ඒවා නැතුව ඩ්‍රීම්ගෙ බලය තවත් දුර්වල වෙනවා. රොඩ්‍රික් ලඟ හිටපු කාන්තාවක් වන එතල් ක්‍රිප්ස් විසින් රොඩ්‍රික්ගෙන් ඒ උපකරණ තුන හොරකම් කරලා පැනල යනවා. කෙසේ හෝ අවසානෙදි සියවස් ගනනාවක් විතර ඩ්‍රීම් එහෙම හිරවෙලා ඉදලා අවසානෙදි පැනගන්නවා.

මේ කොටසෙදි ඔයාටල බලාගන්න පුළුවන් වෙනවා, ඩ්‍රීම් බේරිලා ආපහු ඔහුගේ රාජ්‍ය වන ඩ්‍රීමින් වලට ආවත් හොඳ ආරංචියක් නම් අහන්න ලැබෙන්නෑ. මොකද ඔහු නැතිව හිටි කාලෙට එහෙ හිටපු අය රාජ්‍ය දාල ගිහින් ලූසියන් විතරයි ඉතිරිව හිටියේ. රාජධානියත් හොදටම විනාශ වෙලා. ඩ්‍රීම්ට නොහැකි වෙනවා රාජධානිය නැවත හදන්න ඔහුගෙ උපකරණ තුන නැතුව. ඔහුට ඒව හොයාගන්න සිද්ධ වෙනවා. ඒකට ඔහු ෆේට්ස්ලගෙන් උදව් ඉල්ලනවා. ෆේට්ස්ල කියන්නේ අතීතය, අනාගතය, වර්තමානය දකින කාන්තාවන් තුන් දෙනෙක්. ඒවගේම එයාලගෙන් දේකට උදව් ගන්න හරි අමාරුයි මොකද එයාල කෙලින් උත්තර දෙන්නැති නිසා. ඒ වගේම ෆේට්ස්ලා ලාබ දායකත් නෑ. එයාලගෙන් උදව් ඕන්නම් ගෙවන්න සිද්ද වෙනවා. ඒ අනුව ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන් ඩ්‍රීම් ෆේට්ස්ලාගෙන් උදව් ගන්න ගෙවීමක් විදිහට දීමනා සොයන් යන ඒවයි, තවද එතල් ක්‍රිප්ස් ඩ්‍රීම්ගේ උපකරණ වලට කරපු දේවලුයි.

එහෙනම් ඔයාල බලලාම දැනගන්නකෝ මේ දේවල් කොහොම වෙයිද කියලා. ඒවගේම මේ කොටසට IMDb 7.9 අගයක් ගන්නත් හැකි වෙලා තියෙනවා. එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු, ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

5,018 downloadsDownload The-Sandman-S01-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

5,018 downloadsDownload Subtitles18 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
    ජය වේවා !

  3. Chamikara Vidanage

    එල එල සහෝ. ජය වේවා!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      අය්යේ house of the dragon සීරිස් එකට සබ් දෙනවා නේද

  5. Anonymous

    බොහොම ස්තුතිය උපසිරසියට. ආසාවෙන් බලනවා. ජය වේවා

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. සංජන චමෝද්

    සුපිරියක්. 🤪

  8. sahangayantha

    thanks a lot saho sub ekata

  9. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  10. Anonymous

    sub ekata thanks

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Dewadithya

    Thanks for Sub!

  13. Mithila

    Season 2 එකට sub දෙන්නේ නැද්ද