ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනටම හැමෝම ආසාවෙන් බලන් ඉන්න සෑන්ඩ්මෑන් සීරිස් එකේ 08 වෙනි කොටස අරන් ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව පැත්තට යමු නේද. පෙර කතාංගයෙන් . . . . කතාමාලාවේ තවත් වැදගත් චරිතයක් වෙන රෝස් වෝ…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනටම හැමෝම ආසාවෙන් බලන් ඉන්න සෑන්ඩ්මෑන් සීරිස් එකේ 08 වෙනි කොටස අරන් ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව පැත්තට යමු නේද.
පෙර කතාංගයෙන් . . . .
කතාමාලාවේ තවත් වැදගත් චරිතයක් වෙන රෝස් වෝකර් එහෙමත් නැත්තම් ඩ්‍රීම් වෝටෙක්ස් ගැන තමයි මේ කතාංගය වෙන් වෙලා තිබුනේ. වසර කිහිපයකට කලින් රෝස්ගේ දෙමව්පියන් දික්කසාද වෙන වෙලාවේ රෝස් සහ එයාගේ මල්ලි ජෙඩ් එකිනෙකාගෙන් වෙන්වෙනවා. මේ කාලේ වෙද්දි රෝස්ගේ දෙමව්පියෝ දෙන්නම මියගිහින් නිසා තමන්ගේ මල්ලිව හොයගෙන එයාගේ නීත්‍යානුකූල භාරකාරත්වය ලබාගන්න රෝස්ට ඕන වෙනවා. මේ අස්සේ රෝස් කියන්නේ වෝටෙක්ස් කෙනෙක් කියලා දැනගන්න ඩිසයර් සහ එයාගේ නිවුන් සොහොයුරිය ඩිස්පෙයා මෝෆියස්ට එරෙහිව රෝස් භාවිතා කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. ඒ වගේම රෝස්, එයාගේ යෙහෙළිය වෙන ලයිටා හෝල් එක්ක එංගලන්තයට ඇවිත් අමුත්තියක්ව මුණගැහෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔයාලට මතක ඇති පළවෙනි කතාංගයේ මෝෆියස්ව සිරකරාම ඒ වෙලාවේ ලෝකේ පුරාම නිදාගෙන හිටපු හැමෝම දීර්ඝ නින්දකට වැටුනා කියලා. ඒ වගේම මෝෆියස් ආපහු නිදහස් උනාම ඒ නින්දට වැටිලා හිටපු අය ආපහු අවදි උනා. ඒත් අවාසනාවට එහෙම අවදි වෙන්න ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ එකම කෙනයි. ඒ තමයි රෝස් හම්බවෙන්න ආපු අමුත්තිය වෙන යුනිටි කින්කේඩ්. ඒ වගේම ඇය රෝස්ගේ මිත්තණිය කියලත් අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම තමන්ගේ මල්ලිව හොයාගන්න ආපහු කේප් කෙනඩි නගරයට යන රොස්ට අළුත් යාළුවෝ කට්ටියකුත් මුණගැහෙනවා. අන්තිමට අපි දැක්කේ ජෙඩ්ව හදාගන්න ගත්ත අයගෙන් බේරිලා එයා පැනලා යන්න හදන උත්සහය වරදිනවා වගේම සිහිනෙන් ඩ්‍රීම් ලෝඩ්ගේ මාලිගාව ඇතුලටම ගිහින් මෝෆියස් එක්ක කතාකරන්නත් රෝස්ට පුළුවන් වෙනවා.
අද කතාව වෙන් වෙන්නේ රෝස් තමන්ගේ මල්ලිව හොයන්න දරන උත්සහය වටා. ඒකට රෝස්ගේ මිත්තණිය, එයාගේ යාළුවෝ වගේම මෝෆියස්ගෙන් පවා උදව් ලැබෙනවා. ඒ වගේම රෝස්ව තමන්ගේ පැත්තට නම්මගන්න කොරින්තියන් ලොකු උත්සහයක් යොදන බවත් පේනවා. එහෙනම් තවත් පරක්කු නොවි ඔයාලා මේ කොටස බලලා ඉන්නකෝ. ඊලඟ කොටස අපේ සචින්ත සහෝ අරන් එයි. මාව මේකට සමබන්ධ කරගත්තට චාමිකර සහෝට නැවතත් ස්තූති කරන ගමන් මම යනවා. තවත් උපසිරසියකින් ඔයාලව ආපහු හම්බෙන්නම්. ජය වේවා !
අද කතාංගයේ නම – Playing House
කතා රචනය – Alexander Newman-Wise
අධ්‍යක්ෂනය – Andrés Baiz
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 05
IMDb අගය – 7.2
මීළඟ කතාංගය – Collectors
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,541 downloadsDownload The-Sandman-S01-E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2022
- #Boyd Holbrook
- #DC
- #DC Comics
- #Editor's Pick
- #Mason Alexander Park
- #MaxxA
- #Offbeat
- #Patton Oswalt
- #Razane Jammal
- #Sandman
- #Sandra James-Young
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tom Sturridge
- #Vanesu Samunyai
- #Vivienne Acheampong
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
11 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
සංජන චමෝද්
සුපිරියක් 🤪
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Dewadithya
Thanks for Sub!
Lahiru Lakshan
thanks machn...
viraj
thanks..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ