මේ අවුරුද්දේ ආපු හොඳම කොමික් වෙබ් කතා මාලාවක් වුණු The Sandman සීරීස් එකේ නවවෙනි කොටස භාර වුනේ මට. සාමාන්‍යයෙන් බලන්න ලැබෙන ඇක්ශන් පිරුණු සුපුරුදු සුපර්හීරෝ කතාවලින් මිදිලා අඳුරු ෆැන්ටැසියක් විදිහටයි The Sandman අපි අතරට ආවේ. චිත්‍ර කතාවෙත් ෆෑන් කෙනෙක් විදිහට මට නම් නෙට්ෆ්ලික්ස්ලා කරපු මේ වැඩේ ගැන…

මේ අවුරුද්දේ ආපු හොඳම කොමික් වෙබ් කතා මාලාවක් වුණු The Sandman සීරීස් එකේ නවවෙනි කොටස භාර වුනේ මට. සාමාන්‍යයෙන් බලන්න ලැබෙන ඇක්ශන් පිරුණු සුපුරුදු සුපර්හීරෝ කතාවලින් මිදිලා අඳුරු ෆැන්ටැසියක් විදිහටයි The Sandman අපි අතරට ආවේ. චිත්‍ර කතාවෙත් ෆෑන් කෙනෙක් විදිහට මට නම් නෙට්ෆ්ලික්ස්ලා කරපු මේ වැඩේ ගැන ගොඩක් සෑහීමකට පත් වෙන්න පුලුවන්.
කොහොම හරි පළවෙනි සීසන් එක අවසන් වෙන්න මේ කොටසත් එක්ක තව තියෙන්නේ කොටස් දෙකක් විතරයි. ඉතිං මේ කොටසට කෙලින්ම යනවට වඩා කලින් කොටසේ වුනේ මොනවද කියලා මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින්
මේ කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වුණා අපේ සිහින රජු, මෝෆියස් රෝස්ට තමන්ගේ මල්ලිව හොයාගන්න උදවු කරපු විදිහ. මෝෆියස්ගේ උපකාර ඇතුව සිහින තුළින් ගමන් කරලා අවසානයේදි රෝස් ජෙඩ් ඉන්න තැන හොයාගන්නවා. ඒත් මෝෆියස්ගෙන් පැනල යන සිහිනයක් වුණු ගෝල්ට් ජෙඩ්ට ඒත්තු ගන්වනවා මෝෆියස් කියන්නේ නපුරු කෙනෙක් කියලත්, එයා එක්ක තමන්ට සටන් කරන්න වෙනවත් කියලා.
ගෝල්ට් මෝෆියස්ගෙන් බේරෙන්න උත්සහ කළත් අවසානයේදී මොෆියස්ට පරාද වෙන ගෝල්ට්ව ඩ්‍රීම් රියලම් එකට අරන් ගිහින් ඇයව සිහිනවලින් පලවා හරිනවා. ගෝල්ට්ගෙ සිහිනය අවසන් කරන්න කලින් රෝස්ට ජෙඩ්ගේ ගෙදර තියෙන්නෙ කොහෙද කියලා දැනගන්න පුලුවන් වෙනවා. ඉතිං අවදි වුනු ගමන්ම රෝස් ජෙඩ්ගේ නිවසට යනවා.
ඒත් අවාසනාවන්ත විදිහට මේ වෙද්දී වෝටෙක්ස් එක පස්සෙන් පන්වන කොරින්තියන් රෝස්ට කලින් ජෙඩ් ඉන්න තැනට ගිහින්, ජෙඩ්ගේ භාරකාර දෙමවුපියන්ව මරලා ජෙඩ්වත් අරන් යනවා.
මේ අතරතුර රෝස්ගේ බලයන් ලීටාට සෑහෙන දුරට බලපානවා. වෝටෙක්ස් එක නිසා ලීටාට වෙන්නේ හරිම අසාමාන්‍යය දෙයක්. සිහින ලෝකයේදී ලීටාව ප්‍රෙග්නන්ට් වෙනවා වගේම ඇය අවදි වුනාමත් දරුවා අතුරුදහන් වෙලා නැහැ. මේකෙන් පෙන්නුවේ ඩ්‍රීමින්වල සීමා බාදක බිඳගෙන ගිහින් වෝටෙක්ස් එකෙන් හානියක් සිහිනවලට කරනව කියන එකයි.
Doll’s House
මේ සීසන් එකේ ප්ලොට් එකට නීල් ගේමන් ලියපු කොමික් එකේ පළවෙනි Volume දෙකම පාදක වෙලා තියෙනවා.
පළවෙනි කොටස් පහ සහ හයවෙනි කොටසේ මුල් භාගය නිර්මාණය කරල තිබුණේ පළවෙනි වෙළුම වුනු “Preludes And Nocturnes” පාදක කරගෙනයි. මේකෙදි අපිට බලාගන්න පුලුවන් වුණා මිනිස්සු නිසා සිරවුනු ඩ්‍රීම් හෙවත් මෝෆියස් තමන් නිදහස් වුණාට පස්සේ තමන්ගෙ උපකරණ සොයාගෙන යන ගමන.
හයවෙනි කොටසේ අග භාගයේ ඉඳන් සීසන් එකේ අවසානය වෙනකන්ම බලාගන්න ලැබෙන්නේ නීල් ලියපු දෙවෙනි වොලියුම් එකේ කතාව. මේක තමා “Doll’s House.” මේකෙදි කතාව ගිඩ නැගිල තියෙන්නේ රෝස්ගේ වෝටෙක්ස් බලයන් සහ කොරින්තියන්ගේ පැනයාම පාදක කරගෙනයි.
Cereal Convention
අද කොටස තේරුම් ගන්න නම් මේ ගැනත් දැනගෙන ඉන්නම වෙනවා. ඔයාලාට දකින්න ලැබෙන්න ඇතිනේ කොරින්තියන් කියන්නේ සෑහෙන දරුණු ඝාතන කරන “නයිට්මෙයා” එකක් (නරක සිහිනයක්) කියලා. කොරින්තියන් කරන ඝාතනවලින් ඒ වගේම විකෘති මනසක් තියෙන තවත් ගොඩක් දෙනෙක් ආදර්ශයක් අරගත්තා. ඔවුනුත් කොරින්තියන් වගේම විවිද ක්‍රම යොදාගෙන මිනිස්සු මරන්න පටන් ගත්තා.
මේ වගේ දහස් ගණනක් ම්ලේච්ඡ විදිහට මිනී මරන්න ගත්ත එකේ ප්‍රතිපලය වුනේ අමුතුම විදිහේ “කල්ට්” එකක් නිර්මාණය වුනු එකයි. ඉතිං මේ විදිහේ අය එකතු වෙලා අවුරුද්දකට වතාවක් රැස්වෙලා පවත්වන සමුලුවකට සමාන දෙයක් තමයි “Cereal Convention” කියන්නේ.
මේකෙදි ඝාතකයින් ගොඩක් දෙනෙක් රැස්වෙලා තමන්ගේ දැනුම සහ අදහස් බෙදාගන්න එකයි කරන්නේ. ඒ වගේම මේකට අදාල නීති රටාවකුත් තියෙනවා. විශේෂයෙන්ම මෙයාලට සමුළුව අතර තුර තමන්ගේ සැබෑ නම් පාවිච්චි කරන්න තහනම්. හෝටලය අවට මිනී මරන්නම් සහභාගී වන්නන්ට තහනම් කරල තියෙනවා.
තව දෙයක් තමයි සිරියල් කොන්වෙන්ශන් එකට හැම අවස්තාවකම මෙයාලා විශේෂ ආරාධිතයෙක්ව කැඳවනවා. ඔහුට හෝ ඇයට කරන්න තියෙන්නේ විශේෂ කතාවක් පවත්වන එකයි. මේ අවුරුද්දෙ මෙයාලා ගෙන්වන සුවිශේෂි ආරාධිතයා වෙන්නේ කොරින්තියන්.
අද කොටසින්
මේ කොටසෙදි ජෙඩ් එක්ක කොරින්තියන් සිරියල් කොන්වෙන්ශන් එකට යන ගමන් ඉන්නේ. කොරින්තියන් හෝටලට ළඟට ගිහින් රෝස්ට කතා කරනවා. ජෙඩ්ව හොයාගත්තු බව අහන්න ලැබුණු වහාම රෝස් ජෝජියාවට පිටත් වෙනවා. ඇයගේ ගමනට ගිල්බර්ටුත් එක් වෙනවා. ගිල්බර්ට් ගැනත් රහසක් අද කොටසින් බලාගන්න පුලුවන්.
එහෙනම් මම මේ ලිපිය මෙතනින් අවසන් කරලා මේ කතාංගයේ ඉතුරු ටික ඔයාලට භාර කරනවා. අවසන් වශයෙන් The Sandman වෙනුවෙන් මාවත් හවුල් කරගත්තු බිම්සර, චාමිකර අයියල දෙන්නට ස්තූති කරනවා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වැඩකින් ආයෙත් හමුවෙමු.
බයිස්කෝප් වාසී හැමකෙනෙක්ටම සුබ දවසක් වේවා…!
අද කතාංගයේ නම: Collectors
කතා රචනය: Venessa Benton
අධ්‍යක්ෂණය: Coralie Fargiet
විකාශය වූ දිනය: 2022 අගෝස්තු 5
IMDB අගය: 7.5
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,439 downloadsDownload The-Sandman-S01-E09.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #Boyd Holbrook
- #DC
- #DC Comics
- #Editor's Pick
- #Mason Alexander Park
- #MaxxA
- #Offbeat
- #Patton Oswalt
- #Razane Jammal
- #Sandman
- #Sandra James-Young
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tom Sturridge
- #Vanesu Samunyai
- #Vivienne Acheampong
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
15 comments
සංජන චමෝද්
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම තුති සහෝ
ජයවේවා !!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
Umbrella Academey eke season 3 ekta sub krnna puluwanda oyata
Manuula
ඒක තමා බන් ඩවුන්ලෝඩුත් නැති මේ වගෙ අලුත් ඒවා මාස ගනන් පරක්කු කරලා හරි දෙනවා ඒත් umbrella academy, westworld වගෙ පටන් ගත්ත දෙයක් එකෙක්ටවත් ඉවර කරගන්න බැහැ
මුන් ගාව බාල්දු වෙනවට වඩා හොදම දේ අමාරුවෙන් හරි කඩ්ඩෙන් බලන එක
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Anuja Lakshitha
thanks kollo sub eky
Dewadithya
Thanks for Sub!
Lahiru Lakshan
thanks machn...
viraj
thanks..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Sandman [S01 : E09] Sinhala Subtitles | සිහිනයන් සැබෑ වූ කල… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/The-Sandman-.0.jpg)



සුපිරියක්