Watch Trailer

The Sandman [S01 : E07] Sinhala Subtitles | බෝනික්කන්ගෙ නිවස [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 07 වෙනි කොටස අරන් ආවා. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද මොකද කරන්නේ කියලා බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද? පසුගිය…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 07 වෙනි කොටස අරන් ආවා. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද මොකද කරන්නේ කියලා බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද?

පසුගිය කොටස ගැන මතක් කරද්දි මුලින්ම මතක් වෙන්නෙ අපිට ඩෙත්ව, ඒ කියන්නෙ එන්ඩ්ලස් පවුලෙ ඩ්‍රීම්ගෙ සහෝදරියක්. අපි සිංහලෙන් මාරය කියන්නෙත් මෙයාට නෙව.ඒත් අපි හිතන් ඉන්නෙ කැත කළු රාස්සයෙක් වගේ කෙනෙක් උනත් එන්ඩ්ලස් පවුලෙ ඩෙත් නම් අපිව මැරුවත් කමක් නෑ වගේ නේද?😂 හරි, මේ ඩෙත් ඩ්‍රීම්ට ගොඩක් ආදරේ කරන සහෝදරියක් වගේ මං දැක්කෙ. ඒ කොහොම උනත් ඩ්‍රීම්ට වඩා ඩෙත් නම් මනුස්ස ලෝකෙත් එක්ක ගොඩක් සමීප කෙනෙක් වගේ. ඩෙත් ඇවිල්ල ඩ්‍රීම්ට එයාලගෙ රාජකාරිය ගැන විස්තර කරල දීල එයා ආයෙමත් එයාගෙ රාජධානියට යනව. ඉතින් ඊටපස්සෙ තමයි මං කැමතිම ටික පෙන්නුවෙ, අවුරුදු සීයෙන් සීයට හමුවන මිතුදමක්. ඇත්තෙන්ම ඒ ටික ගොඩක් ලස්සනයි. ඩ්‍රීම් මුලින් අමරණීය ජීවිතේ ගැන කරුණු විමසන මුවාවෙන් ඉදියට පස්සෙ බලද්දි මෙන්න මේ දෙන්න හොදම යාලුවො.😍 ඊටපස්සෙ අපි අන්තිමට දකින්නෙ එන්ඩ්ලස් පවුලෙ ඩ්‍රීම්ගෙ සහෝදරය, එහෙමත් නැත්තම් ඩ්‍රීම්ගෙ හතුර ඩිසයර්ව. මිනිහා මොකාට හරි එන්න හදන්නෙ කියල අපිට පසුගිය කොටස අවසානයෙදි පෙන්වනව.

ඉතින් අද කොටසින් ඩිස්පෙයාර් සහ ඩිසයර් එකතුවෙලා මේ ඩ්‍රීම්ගෙ රාජධානිය විනාශ කරන්න හදන සැලැස්ම පෙන්නල දෙනව. ඒ කොහොමද? හීන මැරෙන්නෙ නැතුව කොහොමද ඩ්‍රීම්ව විනාශ කරන්නෙ? බලන්න එහෙනම්, මේ සෑන්ඩ්මෑන් සීරීස් එකේ වෝටෙක්ස්ගෙ ආගමනය. 😋

අද කතාංගයේ නම – The Doll’s House
කතා රචනය – Heather Bellson
අධ්‍යක්ෂනය – Andrés Baiz
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 05
IMDb අගය – 7.1

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

4,273 downloadsDownload The-Sandman-S01-E07.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,273 downloadsDownload Subtitles32 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. oshen adithya

    thanks for your all the quality subtitles <33

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sahangayantha

    thanks a lot saho sub ekata

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  9. Dewadithya

    Thanks for Sub!

  10. Lahiru Lakshan

    thanks

  11. viraj

    thanks.......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.