“හොට්චාන්ද් බවානී ගුරුමුක්ද් චාල්ස් සෝබ්රාජ්, බිහිසුණු දාම ඝාතකයෙක්, අංක එකේ සොරෙක්, වංචනිකයෙක්, වෙස්වලා ගැනීමේ ප්‍රවීණයෙක්.” අදටත් ජාත්‍යන්තර පොලීසිය සහ රටවල් ගණනාවක ආරක්ෂක අංශ ඔහුව හඳුන්වන්නේ මෙලෙසයි. අර්ධ වියට්නාම් සහ අර්ධ ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රංශ ජාතික මේ කුප්‍රකට මිනීමරුවා 70 දශකයේදී සමස…

“හොට්චාන්ද් බවානී ගුරුමුක්ද් චාල්ස් සෝබ්රාජ්, බිහිසුණු දාම ඝාතකයෙක්, අංක එකේ සොරෙක්, වංචනිකයෙක්, වෙස්වලා ගැනීමේ ප්‍රවීණයෙක්.” අදටත් ජාත්‍යන්තර පොලීසිය සහ රටවල් ගණනාවක ආරක්ෂක අංශ ඔහුව හඳුන්වන්නේ මෙලෙසයි. අර්ධ වියට්නාම් සහ අර්ධ ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රංශ ජාතික මේ කුප්‍රකට මිනීමරුවා 70 දශකයේදී සමස්ථ ආසියානු මහද්වීපයටම කළු පැල්ලමක් එක් කලා. තහවුරු කරගත් ඝාතන සහ වෙනත් අපරාධ හැරුනු කොට ඔහු විසින් කරන ලද මනුෂය සංහාර පිළිබඳ දන්නේ ඔහුම පමණයි. අතිශය සූක්ෂම ලෙස බළධාරින්ගෙන් සැඟවීමට ඇති දක්ෂතාවය නිසා ඔහුට “සර්පයා” යන නම පවා පට බැඳුනා. සැබැවින්ම ඔහු සර්පයෙක්, විෂ පිරුණු සර්පයෙක්. ඒ බව මුල සිට මේ දක්වා මෙය නැරඹූ ඔබට මනාව පසක් වන්නට ඇත.
සෝබ්රාජ්ගේ මේ ලේ පිපාසය හැර ඔහුට තවත් ආශාවන් දෙකක් තිබුනා. ඒ කුප්‍රකට ලෙසින් ලෝකය පුරා ජනප්‍රිය වීම සහ පොලීසියට අසුවී නැවත අත්අඩංගුවෙන් පැනගැනීමයි. ඔහුගේ අපරාධ පිළිබඳ පුවත්පත් මගින් සහ රෑපවාහීනියෙන් විකාශය වනු දැකීමට සෝබ්රාජ් ඉතා ප්‍රිය කලා. ලෝකයාට තමන්ව අමතකවී ඇති බව හැඟුනු වහාම අපරාධයක් සිදු කර පුවත් මවන්නෙකු උනා. වරෙක ජාත්‍යන්තර පොලීසියෙන් ඔහුගේ නමට ලෝකයේ ඕනෑම රටක බල පැවෙත්වන පරිදි ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පවා නිකුත් කරනු ලැබුවා. සෝබ්රාජ්ගේ තීක්ෂණ බුද්ධියෙන් කිසිදු සාක්ෂියක් නොමැතිව මේ අපරාධ සිදුකිරීමට ඔහු සමත් වීම නිසා ඔහු බහුතරයක් චෝදනා වලින් නිදහස් උනා. එමෙන්ම සාක්ෂි නොමැති බව දැන දැනත් උවමනාවෙන්ම පොලිස් අත්අඩංගුවට පත් වී නිළධාරීන්ට ඔච්චම් කිරීමට තරම් සෝබ්රාජ් නිර්භීත උනා. මෙවන් සාහසික ඝාතකයෙක්ගේ ඉරණම කෙසේ තීන්දු වන්න ඇද්ද ? ඔහුගේ අවසානය කුමක් සිදු වෙන්න ඇද්ද ? එහෙනම් වැඩි විස්තර ඕන නෑ අද කොටස බලලා ඔයාලා ඒ ගැන දැනගන්න. කතාව අවසානයේ මෙයට පාදක උන සත්‍ය චරිත වර්තමානයේ කොහොමද ඉන්නේ කියලා බලාගන්න පුළුවන්.
අපේ බයිස්කෝප් පවුලේ සාමූහික එකතුවකින් තමයි මේ කතා මාලාව ඔයාලට අරගෙන ආවේ. ඉස්සරහටත් මේ වගේ හොඳම රෑපවාහීණි කතාමාලා ඔයාලට ලබාදෙන්න අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඔයාලගේ අදහස්/යෝජනා දක්වමින් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. The Serpent කතා මාලාව උපසිරැසි ගන්වන්න යෝජනා කරපු රවිදු රුක්ෂාන් සහෝවත්, මාත් එක්ක මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු උන පසිඳු, ලහිරු, ශශිත්, රවිදු, රොෂාන්, මලිත්, හිරාන් යන සහෝදරයන්ටත්, බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ විමා සහෝට සහ චාමර සහෝටත්, මෙතෙක් කල් මේ කතා මාලාව පුරා අප සමඟ සිටිමින් වචනයකින් හෝ දිරි ගැන්වු ප්‍රේක්ෂක ඔබටත් හෘදයාංගමව ස්තූතිකරන ගමන් ගිහින් එන්නම්, මම දනුවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,280 downloadsDownload The-Serpent-2027-S01-E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2020
- #Amesh Edireweera
- #Billy Howle
- #Editor's Pick
- #Ellie Bamber
- #Grégoire Isvarine
- #Jenna Coleman
- #Mathilde Warnier
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Tahar Rahim
- #Tim McInnerny
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
11 comments
Kavindu
Anonymous
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks all
Give more seriesAnonymous
සබ් දීපු ඔක්කොටම ගොඩක් ස්තුතියි
තව වැඩිපුර සීරීස් දෙමුරංග
බොහොම ස්තුතියි බයිස්කෝප් ....ජය ..
Anonymous
thanks
ක්‍රිශාන්ත
සබ් දිපු හැමොටම ගොඩාක් ස්තුතියි
.....නාකොස් මෙක්සිකෝ දෙවෙනි සිසන් එකටත් සබ් දෙමුකෝ
Anonymous
Niyamai baiscope
Anonymous
Thanks guyz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරසියට ස්තුතියි