Watch Trailer

The Serpent (2021) [S01 : E07] Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් අද උපසිරැසි අරන් ආවේ බීබීසී වන් සහ නෙට්ෆ්ලික්ස් එකතුවෙලා නිෂ්පාදනය කරපු සර්පෙන්ට් කතා මාලාවේ හත්වෙනි කොටස එහෙමත් නැත්නම් අන්තිම කොටසට කලින් කොටසට. ඉතින් මෙතෙක් කතාව ගැන ටිකක් කතා කරොත් චාල්ස්,අජේ දෙන්නා එකතුවෙලා හැමෝටම හොරෙන් මොනා හරි කරනවා කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් එයාල…

ආයුබෝවේවා! ඔන්න එහෙනම් අද උපසිරැසි අරන් ආවේ බීබීසී වන් සහ නෙට්ෆ්ලික්ස් එකතුවෙලා නිෂ්පාදනය කරපු සර්පෙන්ට් කතා මාලාවේ හත්වෙනි කොටස එහෙමත් නැත්නම් අන්තිම කොටසට කලින් කොටසට. ඉතින් මෙතෙක් කතාව ගැන ටිකක් කතා කරොත් චාල්ස්,අජේ දෙන්නා එකතුවෙලා හැමෝටම හොරෙන් මොනා හරි කරනවා කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් එයාලා ගාවට එන හැමෝටම මොනාහරි දෙයක් බොන්න දීලා අසනීප කරවලා කොහෙට හරි අරන් යනවා. ඉතින් මාරියාත් මේවා ගැන කිසි දෙයක් දන්නේ නැතුව චාල්ස් එක්ක රැඳිලා ඉන්නවා. ඒ වගේම මේ පැටලුනු නූල් බොලයක් වගේ ප්‍රශ්නය පස්සේ තවත් කෙනෙක් පන්නන් එනවා, ඒ තමයි හර්මන් ක්නිපන්බර්ග්. ඉතින් හර්මන් ඇතුලු පිරිසත් මේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. පසුගිය කොටස අවසන් වුනේ අජේ සහ මාරියා අතරේ සිදුවන දේවල් නිසා වැඩේ දුර දිග ගිහින් චාල්ස් අජේව එක්කන් ගිහින් අජේට යන්න කියනවා වගේම චාල්ස් සහ මාරියා ප්‍රංශයට පැනගත්ත සිදුවීමත් එක්කයි.

අද කතාව දිවෙන්නේ චාල්ස් සහ මාරියා ප්‍රංශයට ගියාට පස්සේ සිද්ධවෙන සිදුවීම් එක්ක. මාරියාට පොරොන්දු වුනා වගේම එයාට චාල්ස්ගේ අම්මාවත් මුණගස්සනවා. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාර කටයුත්තකුත් කරගන්න ගමන් ප්‍රංශයේ පදිංචි වෙන්න තමයි මේ දෙන්නාගේ කල්පනාව තියෙන්නේ. මෙයාලා ප්‍රංශයට පැනගත්තු නිසා හර්මන් ඇතුලු පිරිස නම් වැඩේ ටිකක් අතෑරපු ගතියක් මුලදි දැකගන්න තියෙනවා. හැබැයි කතාව මැදකට එද්දී හැම දෙයක්ම කනපිට හැරෙන විදිහ ඔයාලට බලාගන්න ලැබේවි. ඉතින් ඒ මොනවගේ සිදුවීම් වලින්ද කියලා අද කතාව රසවිඳලාම බලාගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

අවසාන වශයෙන් මේ කතා මාලාවට උපසිරැසි කරන්න ආරාධකා කරපු රවිඳු මලයාටත් බොහොම ස්තූතියි කියමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,151 downloadsDownload The-Serpent-2026-S01-E07.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

1,151 downloadsDownload Subtitles29 KB

7 comments

  1. Anonymous

    thanks

  2. Anonymous

    thanks for sub

  3. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sandun

    thanks sub ekata anith ekath ikmanatama denna.. thanks

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Netflix පිස්සා

    කෝ අන්තිම සබ් එක