නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිෂ්පාදිත The SPY කොටස් 6 කින් සමන්විත කථාමාලාව සිරියාවේ, ඊශ්‍රායල ඔත්තුකරුවෙකු ලෙස එලී කොහෙන් ගතකල ජීවිතය පිළිබඳ ඇදහිය නොහැකි සත්‍ය කථාව අප වෙත ගෙනඑනවා. අවසාන කොටසින් ඒලීගේ අවසාන ජිවිත කතාව අප සිත් කම්පාවට පත්කරනවා නොඅනුමානයි. එලී කොහෙන් ලෙස රංගනයෙන් එක්වන සාචා බාරොන් කොහ…

නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිෂ්පාදිත The SPY කොටස් 6 කින් සමන්විත කථාමාලාව සිරියාවේ, ඊශ්‍රායල ඔත්තුකරුවෙකු ලෙස එලී කොහෙන් ගතකල ජීවිතය පිළිබඳ ඇදහිය නොහැකි සත්‍ය කථාව අප වෙත ගෙනඑනවා. අවසාන කොටසින් ඒලීගේ අවසාන ජිවිත කතාව අප සිත් කම්පාවට පත්කරනවා නොඅනුමානයි. එලී කොහෙන් ලෙස රංගනයෙන් එක්වන සාචා බාරොන් කොහෙන්, එලී කොහෙන්ගේ චරිතය නියමාකාරයෙන් පිළිඹිමු කලා කියලා එලී කොහෙන්ගේ වැඩිමහල් දියණිය මාධ්‍ය වලට අදහස් දැක්වීමේදී කියලා තිබුණා.
එලී කොහෙන් හෙලිදරව්වීම පිළිබඳ මත කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔහු නැවතී සිටි මහල් නිවාසය ආසන්නයේ තිබුණ ඉන්දියානු තාතාදිපති කාර්යාලයෙන් ඔවුන්ගේ ගුවන් විදුලි සංඥා බාදාවීම් පිළිබඳ සිරියානු රජයට දැනුම් දුන් බව, තව එකක් තමයි රුසියානු විශේෂන්ඥයින් හා නවීන උපකරණ භාවිතයෙන් සිරියානු නිත්‍යානූකූල ගුවන් විදුලි විකාශ නිහඬ කර අනවසර ගුවන් විදුලි සම්ප්‍රේශණ අනාවරණය කර ගත් බව. ඒක තමයි මේ කථාවෙදි පෙන්නන්නේ. තව මතයක් තමයි ඊජිප්තු රහස් සේවය එලීී කොහෙන් අනාවරණය කරගත් බව. කොහෙම වුණත් අමීන් අල්-හෆිස්ගේ ආරක්ෂක ප්‍රධානියා වන සුදානිගේ තියුණු අවධානයත් එලී කොහෙන් අනාවරණය වෙන්න හේතුවක්.
එලී කොහෙන්ගේ මරණයෙන් පස්සේ ඔහුගේ මළ සිරුර සිරියාවේ හඳුනානොගත් ප්‍රදේශයකදි මිහිදන් කරලා තියෙනවා. Mossad එක මේ දක්වාම මෙහෙයුම් ගණනාවක් සිදුකරලා තියෙනවා ඔහුගේ මළ සිරුර යලි ඊශ්‍රායලයට රැගෙන එන්න. ඒත් එම මෙහෙයුම් අසාර්ථක බවයි අන්තර්ජාලයේ සදහන් වෙන්නේ. නමුත් 2018 දී ඊශ්‍රායල රහස් සේවයට එලී කොහෙන් පැළදගෙන සිටි අත් ඔරලෝසුව සොයාගන්න හැකිවෙලා තියෙනවා.
ඒ වගේම අන්තර්ජාල මාධ්‍ය වල සදහන් වෙනවා ඊශ්‍රායල ඔත්තුකරු එලී කොහෙන් ඝාතනය කරන විට බලයේ සිටි හිටපු සිරියානු නායකයාගේ පුත්‍රයා (දැනට නවසීලන්තයේ ජීවත් වන ) මෑතකදි පවසා තියෙනවා කියලා, කොහෙන්ගේ දේහය සොයා ගැනීමට තමාට ඊශ්‍රායලයට උදව් කළ හැකි බව, හැබැයි ඔහුගේ උදව්වට අතිවිශාල මුදලක් මුදලක් ඉල්ලා ඇති බවත්. මොකද ඒ රහස දන්න අයගෙන් දැනට ඉන්නේ තමන් විතරක් නිසා. ඒ කොහොම වුණත් දැනට අවුරුදු 50 කට වඩා ගත්වෙලත් ඊශ්‍රායලය තමන් වෙනුවෙන් සේවය සපයපු සුපිරි ඔත්තුකරුගේ සිරුරේ කොටසක් හෝ නැවත තම රටට ගෙනල්ලා මිහිදන් කරන්න හැකි සෑම උත්සහයක්ම ගන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ.
එහෙනම් අද කථාව පැත්තට හරෙමු. මුලින්ම කිව්වා වගේ අද කථාව හරිම සංවේදී විදියට ගලාගෙන යනවා.
අද කථාව පටන් ගන්නේ 1965 ජනවාරි 24 වෙනිදා සුයිදානි සහ සොල්දාදුවන් ඒලීගේ මහල් නිවාසයට පහර දීමට සූදානම් වන අතර නාඩියා ඩෑන් සමඟ පැරිසියේ සිරියානු තානාපති කාර්යාලයට යනවා. කථාව නැවත මාස 5 කට කලින් දිනයක් වෙත යනවා. එලීට නැවත නිවසට යාමට මොසාඩ් අවසර දෙන අතර සිරියාවේ සැලැස්ම ගැන සාකච්ඡා කරයි. ඊශ්‍රායලයේ වැදගත්ම සම්පත වන ගලීල මුහුදේ ප්‍රධාන ජල පෝෂක දෙක වන සිරියාව හරහා ගලා බසින ගංඟා දෙක හරස් කරලා ජලය සිරියාව තුලට නැවත පොම්ප කිරීමට සැලසුම් කර ඇති සිරියාණුවන්ගේ රහස් ව්‍යාපෘතියක් වන ෂලාල් වලට මොකද කරන්නේ කියලා මෙහිදී සාකච්චා කරනවා. මොසාඩ්ට එයට ගුවන් ප්‍රහාරයක් යැවීමට අවශ්‍ය නමුත් ඩෑන් එයට විරුද්ධ වන්නේ එය ඒලීව සොයා ගැනීමේ අවදානමට ලක්වන බැවිනි. විශේෂයෙන් ඔහු, ෂලාල් ස්ථානය ගැන දැන සිටි ඉතා ස්වල්ප දෙනාගෙන් කෙනෙක් නිසා. ඒලී සිරියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වීම ඊශ්‍රායලයට වාසියක් කර ගැනීමේ අරමුණෙන් ඊශ්‍රායලය අගමැති එලීව නැවත සිරියාවට යවන්න උපදෙස් දෙනවා. ඩෑන් මෙයට විරුද්ධ වුණත් ඉහලින් එන පීඩනය නිසා ආපහු කැමති වෙනවා. එලීගේ මල්ලි මොරිස්ට අහම්බෙන් මෝස් කෝඩ් සංනිවේදනයේදී නියෝජිත 88 කියන්නේ තමන්ගේ අයියා කියලා අඳුන ගන්න නිසා ඔහුත් තරයේ කියා සිටිනවා එලීට ආපහු යන්න එපා කියලා. එලීගේ අමුතු හැසිරීම නිසා නඩියාටත් සැක හිතෙනවා එලී මොකක් හරි භයානක දෙයක් කරනවා කියලා. ඒත් අවසානයට එලී නැවත සිරියාවට යනවා. එහිදී එලී සිරියානු ආරක්ෂක අංශ වෙත අසුවීමත් සමඟ මාස 5 ක නඩු විභාගයකින් පස්සේ එලීට මරණ දඩුවම හිමිවෙනවා.
නමුත් එලී සිරියාවේ සිටිය කාලය තුළ පිටකල සිරියානු රහස් නිසා ඊශ්‍රායලයට Six day war පහසුවෙන් ජය ගැනීමටත් පුළුවන් වුනා කියලා තමයි සදහන් වෙන්නේ. කොහොම වුණත් ඊශ්‍රයල සුපිරි ඔත්තු කරුවෙකු වූ එලී කොහෙන්ගේ ජීවිත කථාව මෙතනින් නිමා වෙනවා.
මේක මගේ පලමුවන උපසිරැසි නිමැවුම නිසා කිසියම් අඩුපාඩුවක් හෝ වැරැද්දක් තිබුණ නම් සමා වෙන්න කියලා ඉල්ලන අතර මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන එන්න උදව් උපකාර කල බයිස්කෝප්එල්කේ ඇඩිමින් මඩුල්ලේ “තිසර නියෝ” සොහොයුරාට “ශාන් විමුක්ති” සහ “හසන්ත වික්‍රමරත්න” යන සහෝදරයන්ටත් මගේ හදපිරි ප්‍රණාමය පල කරනවා. මේ ලැබූ පන්නරයෙන් නැවත විවේකයක් ලැබුණ ගමන්ම ඔබ වෙත උපසිරැසියක් රැගෙන එන බවට පොරොන්දු වෙමින් මා සමුගන්නවා.
ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,656 downloadsDownload The-Spy-S01E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජීවන්ත නලීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජීවන්ත නලීන්
Subtitles
19 comments
deshanchandana
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata ...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Nirosh C
බොහොමත්ම ස්තුතියි සහෝ.පුලුවන්නම් ඔහොම්මම Bose:Dead/Alive හෝ Inside Edge දෙවෙනි සීසන් එකට සබ් දෙන්න.ජයවේවා!
Suranjan
Thanks jayawewa...!
drulz
thankz saho
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!!Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්....
තවත් කතා මාලාවක් අරන් එමු...
පුලුවන්නම් Runaways Season 3 එකටයි Jessica Jones Season 3 එකටයි සබ් දෙන්න....harith98
Thanks bro ❤️❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි ජීවන්ත මේ සුපිරි කතාවට සිංහල උපසිරැසි අරගෙන ආවට. තවත් මේ වගේම එකක් අරන් එන්න කියලත් ඉල්ලනවා. ජය෴෴ :P :P
NalinJeewantha
ස්තුතියි රොයිලි සහෝ. ඇත්තටම බයිස්කෝප්එල්කේ එකේ මුල්ම කාලේ රොයිලි සහෝ කරපු සුපිරි ෆිල්ම් නිසා තමයි බයිස්කෝප්එල්කේ එකට වහ වැටුනේ්. Game of thrones ඇරෙන්න රොයිලි කරපු සේරම ෆිල්ම්, TV Series මම බැලුවා. අදටත් බයිස්කෝප්එල්කේ පලවන සෑම උපසිරැසියකටම කමෙන්ට් කරලා උපසිරැසි කරුව දිරිගන්නන සුපිරි මනුස්සයෙක්.
Tharindu07
Thanks....!!! Jayaweva....!!!!
akalankagayan
Thnx .........
Anonymous
Thank you sooo much.
Anonymous
Thank you ....
බුදුසරණයී හැමෝටමishan
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
හිරාන් ශාරංග
උපසිරැසි සේරම එකපාර අරගත්තා.
ගොඩක් ස්තුතියි...Bandara
Thanks Lot Jeewantha..
Dineth Kanishka
උපසිරැසි දුන්නට ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Spy (2019) [S01 : E06] Sinhala Subtitles | “නිවස” – අවසාන කොටස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Spy-2019-s1.jpg)



hoda kathawak hoda wadak bohoma sthuthi