Watch Trailer

The Tattooist of Auschwitz [S01 : E01] Sinhala Subtitles | වැඩ ඔබව නිදහස් කරයි [සිංහල උපසිරසි]

The Tattooist of Auschwitz [S01 : E01] Sinhala Subtitles හිට්ලර් කිව්වම නොදන්න කවුරුත් නෑ කියලා තමයි මං නම් හිතන්නේ. ඒ මන්ද දෙවන ලෝක යුද්ධයේ කෲර බව ලෝකෙට පෙනුනේ මේ පාලකයා නිසා.. හිට්ලර් කිව්වම මතක් වෙන තව එක දෙයක් තියෙනවා ඒ තමයි ඔහුගේ මේ ඝාතක කඳවුරු. ඒ අතරින් ප්‍රධානම තැනක් ගන්නවා මේ පෝලන්තයේ පිහිට…

The Tattooist of Auschwitz Sinhala Subtitles

හිට්ලර් කිව්වම නොදන්න කවුරුත් නෑ කියලා තමයි මං නම් හිතන්නේ. ඒ මන්ද දෙවන ලෝක යුද්ධයේ කෲර බව ලෝකෙට පෙනුනේ මේ පාලකයා නිසා.. හිට්ලර් කිව්වම මතක් වෙන තව එක දෙයක් තියෙනවා ඒ තමයි ඔහුගේ මේ ඝාතක කඳවුරු. ඒ අතරින් ප්‍රධානම තැනක් ගන්නවා මේ පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් හිර කඳවුර. යුදෙව්වන් මිලියන ගානකට අධික ප්‍රමාණයක් මේ කඳවුරේ ඝාතනය කරලා තියෙනවා.. මේ ගැන දැනගන්න ඕනේ නම් YOUTUBE එකේ මේ ගැන වීඩියෝ එහෙම තියෙනවා.. මම නම් කියන්නේ මේ සීරිස් එක බලන්න කලින් පොඩ්ඩක් ඒ වීඩීයො එකක් හරි බලලා ඉන්න මොකද ඊට පස්සේ ඔයාලට තේරෙයි මේකෙ තියෙන දරුණුකම මේ තැනේ තියෙන මූසලකම.

මේකෙ මිනිස්සු මරන්න කලින් ඒ මිනිස්සුන්ගේ අත්වල අංකයක් කොටනවා ඒ අංක අනුව තමයි එයාලා මිනිස්සුන්ව මරන්න තෝරගන්නේ.. ඉතින් මේ කඳවුරෙන් බේරුන පච්ච කොටපු ලලි කියන පුද්ගලයා මේ කඳවුරෙන් බේරිලා තියෙනවා.. ඔහුගේ අන්තිම කාලේ ඔහු තීරණය කරනවා තමා මේ මුහුණ දීපු භයානක සිදුවීම කතාවකට ලියන්න. ඒකට ඔහු තෝරගන්නේ හෙදර් මොරිස් කියන ලේඛිකාව.. මේ පොතේ සිංහල පරිවර්තනකුත් තියෙනවා අවුෂ්විට්ස්හි පච්ච කොටන්නා කියලා..

මේකෙ කතාව තුල ඔහුට මේකෙ හම්බෙන ගීතා කියන කාන්තාව එක්ක ඇතිවන ආදරය ගැන ලස්සනට පෙන්නලා තියෙනවා ඒ වගේම මේ කඳවුරේ භයානකකමත්.. මං හිතනවා ඔයාලා අනිවාර්‍යෙන් ඔයාලගේ ලිස්ට් එකට දාගන්න ඕනේ එකක් මේ සීරිස් එක.. ඔයාලත් බලලා අදහස් උදහස් පලෛන් කමෙන්ට් එකක් දාගෙන යන් දෙවෙනි කොටසින් හමුවෙමු..

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,690 downloadsDownload The-Tattooist-of-Auschwitz-S01E01.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ලහිරු දර්ශන

Subtitles

1,690 downloadsDownload Subtitles17 KB

6 comments

  1. tharanga

    thank you sub ekata. Maxton Hall — The World Between Us eketh sub dennako plz .....

  2. Buddhika Lakmal

    thanks machan sub ekata...

  3. මාලක

    චන්දන ගුණසේකර සර්ගෙ පපච්චකොටන්නා පොත කියෙව්ව නම් මේක අනිවා බලන්නම ඕන එකක්. ස්තූතියි ලහිරු... ❤️❤️

  4. viraj

    thanks...........

  5. ක්‍රිශාන්ත හැරිස්

    ස්තුතියි සබ් එකට ......

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P