Watch Trailer

The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo [S01 : E08] Sinhala Subtitles | වීරයෝ සූදානමින් [සිංහල උපසිරසි]

The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo S01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මම ආසම ශානරයේ කතාවක් වුන මේක 2025 ජනවාරි 24 Netflix හරහා විකාශය වුන Choi Tae-kang රචනා කරපු Lee Do-yoon අධ්‍යක්ෂණය කරපු මෙඩිකල් ඩ්‍රාමා එකක්. Hansanleega සහ Hongbichira යන නිර…

The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo S01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. මම ආසම ශානරයේ කතාවක් වුන මේක 2025 ජනවාරි 24 Netflix හරහා විකාශය වුන Choi Tae-kang රචනා කරපු Lee Do-yoon අධ්‍යක්ෂණය කරපු මෙඩිකල් ඩ්‍රාමා එකක්. Hansanleega සහ Hongbichira යන නිර්මාණකරුවන් 2019 දි නිර්මාණ කරපු Trauma Center: Golden Hour කියන වෙබ්ටූන් මාලාවෙන් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.

මේකෙන් කියවෙන්නෙ දක්ෂ කම්පන ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන බෙක් කන්ග් හ්‍යුක් තමන්ගෙ ගෝලයින්ව පුහුණු කරන ගමන් කිසිම උදව්වක් නොලබන රෝහල් පරිපාලනයක් එක්ක කම්පන මධ්‍යස්ථානයක් මෙහෙයවන හැටි.

කථාංගයක් විනාඩි 47 -55 අතර දිවෙන මේ කතාවෙ කථාංග ඔක්කොම තියෙන්නෙ 8යි. ඇත්තටම ඒක නිසාම තමයි මම ඒක කරන්න ගත්තෙත්..මේක මෙඩිකල් ඩ්‍රාමා එකක් නිසා ඒ ක්ෂේත්‍රයට අහිති වචන ගොඩක් තියෙනවා. ඒවා ගූගල් සර්ච් කරල පුලුවන් තරම් ගලපල තේරෙන හැටියට මම දාලා තියෙනවා. ඒත් ඉතිං හැම ක්ෂේත්‍රයකටම අදාල වචන තියෙනවනෙ. ඒ නිසා ඒ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හරි ඒ ගැන ඉගෙන ගන්න හරි කෙනෙක් මේක බැලුවොත්…ඒ වචන වල අඩුපාඩු තිබුනොත් පොඩි කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. එතකොට මට පුලුවන් ඊලඟ නිර්මාණයෙදි ඒක හදා ගන්න. එහෙනම් ඉතිං අපි කතාව බලමු නේද..


8. බෙක් කන්ග්-හ්යුක් රෝගියා

ආපහු කොරියාවට එද්දි කොරියාවෙ ඇති වෙලා තියෙන ගින්නකින් රෝගීන් බේරගන්න යන වෛද්‍ය බෙක් දරුණු විදිහට තුවාල ලබනවා. හැම වෙලාවෙම තමන්ව මෙහෙයවන ප්‍රධානියා තුවාල ලැබුවම ඔහුගෙ පස්සෙන් එන කණ්ඩායම කලබල වෙනවා. මේ වෙලාවෙ වෛද්‍ය බෙක්ගෙ සැත්කම කරන්නෙ කවුද කියන ප්‍රශ්නෙ පිට ඉද්දි වෛද්‍ය බෙක් වෛද්‍ය යන්ග්ගෙන් පෞද්ගලිකවම ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. වෛද්‍ය බෙක් තමන්ගෙ ගෝලයා කොයි තරම් හොඳට පුහුණු කරල තියෙනවද කියල මෙතනදි බලාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම වෛද්‍ය බෙක්ව තනතුරෙන් පහකිරීමේ ප්‍රයත්නය රෝහල් අධ්‍යක්ෂක අවසන් මොහොත වෙනකල්ම අතහරින්නෙ නැහැ.

කතාව හොඳයිද…ආයෙත් කතාවකින් හම්බෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න..

The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

593 downloadsDownload The-Trauma-Code-Heroes-on-Call-2030-S01E08-baiscopelk-sinhala-subtitle.zip30 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Trauma Code: Heroes on Call AKA Jung-jeung-eui-sang-sen-teo Season 01 Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

593 downloadsDownload Subtitles30 KB

1 comment

  1. Buddhika laKMal

    මේ සීරිස්එකට සිංහල උපසිරැසි කම්ප්ලීට් දුන්නට බොහෝම ස්තූතියි සිස්......
    පුලුවන්නම් LOVE SCOUT කොරියන් සීරිස්එකට සබ් දෙනවද.....
    .....................