Watch Trailer

Lazarus [S01 : E11] Sinhala Subtitles | දෙකොනේ ඇරඹි දඩයම! [සිංහල උපසිරසි]

Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…

Lazarus Season 01 Sinhala Subtitles

ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 11 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් අපි Lazarus Season 1 හි අවසානයට ටිකෙන් ටික ළං වෙමිනුයි ඉන්නෙ.

ලාසරස් කණ්ඩායම විමර්ශන මඩුල්ල ඉදිරියේ උත්තර දුන්නට පස්සෙ, තව දුරටත් ආචාර්ය ස්කිනර්ව හොයන්න අවසර ලැබුනු නිසා කණ්ඩායමේ ලේලන්ඩ් තමන්ගෙ පවුලේ වෛද්‍යවරිය හමුවෙලා ස්කිනර් ගැන හෝඩුවාවක් හොයනවා. ඒ මොකද ස්කිනර්ට කෘතිම හෘද බද්ධ කිරීමක් කරල තියෙන බව ලාසරස් කණ්ඩායම හොයාගත්තු නිසාවෙනුයි. ඒ නිසාවෙන් මේකට ලේලන්ඩ් පවුලේ වෛද්‍යවරිය සම්බන්ධයි කියල කරපු අනුමානය මෙතනදි හරි ගියත්, සැත්කමට පස්සෙ ස්කිනර්ගේ කිසිම තොරතුරක් ඇය ගාව තිබුනෙ නෑ. ඒත් ඇය ලේලන්ඩ්ට දෙන හාඩ් ඩ්‍රයිව් එක මගින් ස්කිනර්ගේ කෘතිම හද ගැස්ම නිරීක්ෂණය කරන කෙනෙක් ගැන හෝඩුවාවක් ලැබෙනවා. ඒ කෙනා ඉන්න තැන අනුව කණ්ඩායමේ එලෙනා සහ ඩෝග් පාකිස්තානයට යන්න පිටත් වෙනවා.

ඒ අතරෙ කණ්ඩායමේ ඉන්න, කලින් හිරෙන් පැනපු ඇක්සෙල් ගැන යම් තොරතුරු වගයක් හෙළි වෙනවා. ඒ නිසාවෙන් ඇක්සෙල්ව මරන්න එක්තරා පුද්ගලයෙක් කුලී ඝාතකයෙක්ව යවනවා. මේ කුලී ඝාතකයව හඳුන්වන්නෙ “Phantom Killer”, එහෙම නැත්නම් “අවතාර ඝාතකයා” කියන නමින්. එයාව ඒ විදිහට හඳුන්වන්නෙ ඇයි? ඇක්සෙල් ගැන හෙළි වුනු දේවල් මොනවද? කුලී ඝාතකයා කවුද? ඝාතකයා සහ ඇක්සෙල් අතර හරඹය කෙළවර වෙන්නෙ කොහොමද? එලේනා සහ ඩෝග් පාකිස්තානයට ගිහින් හොයාගන්නෙ මොකක්ද? මේ ඇති වෙන කලබලයන් නිසාවෙන් කණ්ඩායමට මීළඟට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ මොන විදිහෙ දේකටද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. අපි කතාවේ අවසානයට ළං වෙමිනුයි ඉන්නෙ. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Runnin’ with the Devil
Released Date : 2025.06.14
IMDB Rating : 8.7

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

286 downloadsDownload Lazarus-S01E11.zip12 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Lazarus Season 01 Sinhala Subtitles

Previous BT1All BT1Next BT1

 

Subtitles

286 downloadsDownload Subtitles12 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.