The Trunk Season 01 Sinhala Subtitles කාලෙකින් ඔන්න මම ආයෙත් පොඩි කතාවක් අරගෙන ආවා. බලපු දවස් වලම උපසිරැසි හදන්න ආසාවෙන් හිටියත් කාලය මදි වුන නිසා තමයි ඉතිං ටිකක් පරක්කු වුනේ. එහෙනම් අද ඉඳන් අපි ඒක බලමු.. The Trunk (Korean: 트렁크) කියන්නෙ Kim Ryeo-ryeong ගේ ඒ නමින්ම තියෙන නවකතාව පාදක කරගත්ත 2024 දකුණ…
The Trunk Season 01 Sinhala Subtitles
කාලෙකින් ඔන්න මම ආයෙත් පොඩි කතාවක් අරගෙන ආවා. බලපු දවස් වලම උපසිරැසි හදන්න ආසාවෙන් හිටියත් කාලය මදි වුන නිසා තමයි ඉතිං ටිකක් පරක්කු වුනේ. එහෙනම් අද ඉඳන් අපි ඒක බලමු..
The Trunk (Korean: 트렁크) කියන්නෙ Kim Ryeo-ryeong ගේ ඒ නමින්ම තියෙන නවකතාව පාදක කරගත්ත 2024 දකුණු කොරියානු අභිරහස් මෙලෝඩ්‍රාමා ගණයට අහිති රූපවාහිනී කතා මාලාවක්. Park Eun-young රචනා කරපු, Kim Kyu-tae විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවට රංගනයෙන් දායක වෙන්නෙ Seo Hyun-jin වගේම Gong Yoo යුවල. මේ කතා මාලාව ගෙතෙන්නෙ වසරක ගිවිසුමක් යටතේ විවාහයකට ඇතුල් වෙන යුවලක් වගේම ට්‍රන්ක් එකක් වටා. ඒක 2024 නොවැම්බර් 29 වෙනිදා Netflix මගින් විකාශනය කලා.
අභිරහස් වගේම මනෝවිද්‍යාත්මක කුමන්ත්‍රණ පිරුණු සිතුවිලි ඇති කරන මේ නාට්‍යයෙන් කියවෙන්නෙ තාවකාලික විවාහයන් ප්‍රවේශමෙන් කළමනාකරණය කරන ව්‍යාපාරයක් වටා ගෙතුන කතාවක්.
NM නමින් පවත්වගෙන යන මේ අපූරු ව්‍යාපාරය කරන ආයතනයේ හොඳම සේවිකාවක් වගේම ප්‍රහේලිකාවක් වගේ වුන Noh In-ji, ගිවිසුම්ගත තාවකාලික විවාහයකට අකැමත්තෙන් ඇතුල් වෙන කල්පනාකාරී වගේම චිත්තවේගීය වශයෙන් දුරස්ථ සංගීත නිෂ්පාදකයෙක් වෙන Han Jeong-won එක්ක තාවකාලික විවාහයකට ඇතුල් වෙනවා.
Han Jeong-won වෙනුවෙන් මේ විවාහය සූදානම් කරන්නෙ ඔහුගෙ කලින් බිරිඳ වුන Lee Seo-yeon. Han Jeong-won ව දික්කසාද කරන Lee Seo-yeon ඔහුට දඬුවමක් විදිහට කියලා තමනුත් තාවකාලික විවාහයකට ඇතුලත් වෙන ගමන් තමන්ගෙ මහත්තයා වුන Han Jeong-won වත් බලෙන්ම තාවකාලික විවාහයකට බඳවනවා.
ලොකු මානසික ආතතියකින් තමන්ගෙ ළමා කාලයේ වුන දේවල් වල තාමත් හිර වෙලා ඉන්න Han Jeong-won ඇත්තටම බැලුවොත් අතීතයට වඩා Lee Seo-yeon ගෙ මානසික හිර කාරයෙක් කියල ඔයාලට කතාව බලද්දිම පෙනෙයි.
Han Jeong-won ට දඬුවමක් විදිහට කියල හිතලා Lee Seo-yeon කරල දෙන මේ විවාහය ඇත්තටම කාට දඬුවමක් වෙයිද…
වැඩිය කියන්න ගියොත් ඉතිං කතාව ඔක්කොම කියල තියෙයි. කොටස් අටයිනෙ…බලලම දැනගමු නේද… මේක බලාගෙන යද්දි ටිකක් මොලේට සමනල් ගැටේ වැටෙන තැනුත් තියෙනවා..කොහොම වුනත් ලස්සන කතාවක් කියල නම් කියන්න පුලුවන්..
එහෙනම් ඉතිං අපි පලවෙනි කොටස බලමු…..
The Trunk Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
840 downloadsDownload The-Trunk-S01E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Something in the Rain
- #Something in the Rain Sinhala Sub
- #Something in the Rain Sinhala Subtitles
- #Sub
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Thaveesha silva
viper
The witch 2025 k drama ekata sub denna koo ongoing ekk eka aniwa dendooo...
Buddhika laKMal
බොහෝම ස්තූතියි සිස් උලත් සීරිස්එහෙකට සබ් ගෙනාවට
Buddhika laKMal
මේ සීරිස්එකට සබ් ගේනවට බොහෝම ස්තූතියි සිස්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Cobra kai එකට සබ් නැද්ද ඉතුරු ටික