Watch Trailer

The Umbrella Academy [S02 : E05] Sinhala Subtitles | ආයෙත් අපි හැමෝම එකට… [සිංහල උපසිරසි]

හැමෝම බලන් හිටපු පස් වෙනි කොටසයි අද මේ අරන් එන්නේ. කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ විශේෂ දේවල් හුඟක් වුණා කියලා. ඉස්සෙල්ලම අපි දැක්කා ලයිලාගේ ජීවිත කතාව. ඇයගේ දෙමවුපියන්ව හැන්ඩ්ලර් විසින් ඝාතනය කරනවා. ඊට පස්සේ ඇයව බලා කියාගන්නේ හැන්ඩ්ලර්. ඇයව තමන්ගේ දරුවෙක් වගේ බලාගනිමින් ලයිලාට සටන් පවා කියා දෙනවා…

හැමෝම බලන් හිටපු පස් වෙනි කොටසයි අද මේ අරන් එන්නේ. කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ විශේෂ දේවල් හුඟක් වුණා කියලා.

ඉස්සෙල්ලම අපි දැක්කා ලයිලාගේ ජීවිත කතාව. ඇයගේ දෙමවුපියන්ව හැන්ඩ්ලර් විසින් ඝාතනය කරනවා. ඊට පස්සේ ඇයව බලා කියාගන්නේ හැන්ඩ්ලර්. ඇයව තමන්ගේ දරුවෙක් වගේ බලාගනිමින් ලයිලාට සටන් පවා කියා දෙනවා. එතකොට දැන් ලයිලා ඉන්නේ හැන්ඩ්ලර්ට අවශ්‍ය මිෂන් එකක. කොහොම හරි වන්යා පෙර ලෝක විනාශයට හේතුව තමන් කියලා ලූතර්ගෙන් දැනගන්නවා. ලූතර් හා ජැක් රූබි අතර ගනු දෙනුවත් පලුදු වුණා. ඒ නිසා ලුතර්ට යන එන මං නැතිවෙලා හිටියේ. වන්යා ආයෙත් ගොවිපොළට යනවා. කොහොම හරි ෆයිව්ට සහ දියේගොට මැජස්ටික් ට්වෙල්ලා ගැන ඇත්ත දැනගන්න ලැබුණානේ. ඔවුන් තමගේ තාත්තව හොයන් මැජස්ටික් ට්වෙල්ලගේ රැස්වීමට යනවා.එතනින් තමයි දියේගෝ දැනගන්නේ තමන්ගේ අම්මා විදිහට හිටපු ග්‍රේස් කියන අධි තාක්ෂණික රොබෝ 1960 ගණන්වල ඇත්තටම ජීවත් වෙලා ඉඳපු කාන්තාවක් කියලා වගේම ඇයට රෙජිනල්ඩ් එක්ක ප්‍රේම සම්බන්දයක් තිබිලා කියන එකත්. කොහොම හරි මෙතනට ස්වීඩිශ්ලා ඇවිත් ෆයිව්ව මරන්න එද්දී ලයිලා පැනලා බේරගන්නවා. ලූතර්ට ඇලිසන් මුනගැහෙනවා වගේම ලූතර් දැන් ෆයිව් සහ දියේගෝ ඉන්න තැන නවතින්න යනවා දකින්න ඇති.

ඔන්න ඔය වගේ හුඟක් දේවල් සිදු වුණා. අද කොටසෙත් ඔන්න මේ සීසන් එකේ විශේෂම සිදුවීම්වලින් එකක් සිද්ද වෙන්නයි යන්නේ. එපිසෝඩ් හතරකට පස්සේ විසිරිලා හිටිය සහෝදර සහෝදරියෝ හය දෙනාම + බෙන් ආයෙත් එකතු වෙන්නයි යන්නේ. කොටින්ම කිවුවොත් මේ තමා මේ සීසන් එකේ family reunion එක. එහෙනම් මේ කොටසත් රස විඳින්න ඉඩ වෙන් කරමින් මං සමුගන්නවා. හයවෙනි එපියෙන් ඉක්මණින්ම හමුවෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

Season 2 Episode 5:
“Valhalla”

අධ්‍යක්ෂණය: Stephen Surjik
රචනය: Tom Verica
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 48
IMDB අගය: 8.3
Age Rating: TV-14

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,852 downloadsDownload The-Umbrella-Academy-S02-E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,852 downloadsDownload Subtitles30 KB

7 comments

  1. Inusha 515

    ස්තුතියි සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Binidu sumal

    thanks

  7. Anonymous

    sub ekata thanks