ඔන්න යාලුවනේ එහෙනම් සුපිරි The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි අදියරේ 10 වෙනි කොටස නැත්තම් මේ අදියරේ අවසන් කොටස අරන් ආවා. හැබැයි ඔන්න 2 වෙනි සීසන් එක ගිය වසරේ අවසන් වූ වාහාම තමයි Netflix එකෙන් මේ කතා මාලාව 3 වෙනි අදියරට දීර්ග කළේ. මොකද Netflix ඇතුලු streaming ලෝකයේ වාර්තා බිඳදමමින් මේ කතා ම…

ඔන්න යාලුවනේ එහෙනම් සුපිරි The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි අදියරේ 10 වෙනි කොටස නැත්තම් මේ අදියරේ අවසන් කොටස අරන් ආවා. හැබැයි ඔන්න 2 වෙනි සීසන් එක ගිය වසරේ අවසන් වූ වාහාම තමයි Netflix එකෙන් මේ කතා මාලාව 3 වෙනි අදියරට දීර්ග කළේ. මොකද Netflix ඇතුලු streaming ලෝකයේ වාර්තා බිඳදමමින් මේ කතා මාලාව ප්‍රේක්ෂක සිත් වැලඳගත්තා. ඉතිං තුන්වෙනි අදියරත් මේ වසර තුළ හෝ ලබන වසර මුල් භාගයේ දැකගන්න පුලුවන් වේවි.
මේ පාර කතා සමය ගෙවුණේ ’60 දශකයේ සිදුවීම් මාලාවක් එක්කනේ. ඒ නිසා අපිට ඇත්තම ඉතිහාසයේ දකින්න ලැබෙන පුද්ගලයෝ වගේම කෙනඩි ඝාතනය, කළු ජාතික ජනයා තම අයිතීන් ඉල්ලා ගෙන ගිය සටන වගේ ඇත්තම ඉතිහාසයේ වුණු සිදුවීම් රැසක් දකින්න ලැබුණා.
පළවෙනි අදියරේ අවසන් කොටසෙදී 2019 අප්‍රේල් 1 වෙනිදා වන ලෝක විනාශයෙන් බේරෙන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමියේ සහෝදර සහෝදරියෝ ටික කාල තරණය කරනවා. මේකෙදි වෙන වැරැදීමක් නිසා අපි වීරයො ටික නවතින්නෙ ’60 දශකයේ එක එක වසරවල සහ දිනවල අතරමන් වෙලා. ඉතිං අන්තිමේටම වැටෙන ෆයිව් දැනගන්නවා ඔවුන් පස්සෙන් 2019 වූ ලෝක විනාශයත් ඇවිල්ලා කියලා. මෙතනද පරණ සතුරෙක් වුනු හේසල් ඇවිත් තමන්ගේ ජීවිතය කැප කරලා ෆයිව් බේරගෙන ලෝක විනාශය නවත්තන්න මාර්ගය සකසනවා. ඉතිං තැන් තැන්වල විසිරිලා ඉන්න සහෝදරයො ටිකත් එකතු කරගෙන ලෝක විනාශය නවත්තන්න ෆයිව් අරගෙන ගිය සටන තමයි මුලු 2 වෙනි සීසන් එකේම අපිට දකින්න ලැබුනේ.
කලින් කොටසෙදි දකින්න ඇතිනේ ෆයිව්- ෆයිව් අතරත් සටනක් යනවා. මේක නවතින්නේ ලුතර් මැදිහත් වෙලා. ඊට පස්සේ වෙන්න ඕන විදිහට වයස්ගත ෆයිව්ව 2019 ට නැවත යවනවා. හැබැයි මේ පාර ඒ ෆයිව් ගාව නිවැරදි ගණනත් තියෙන නිසා පොඩි ෆයිව්ට වුණු දේ වෙන එකක් නැතිවෙයි වගේ පේන්නේ. හැබැයි ඒ වෙලාවේ ඔවුන්ට ගෙදර යන්න තිබුණු එකම අවස්ථාව වුණ වයස්ගත ෆයිව්ගේ බ්‍රීෆ්කේස් එකත් විනාශ වෙනවා. මේ අතර ලෝක විනාශයට හේතුව වුණු වන්යාව නවත්තන්න දියේගෝ, ඇලිසන් සහ ක්ලවුස් යනවා. නමුත් අන්තිමේදි වැඩේට ලොකුම උදවුව වෙන්නෙ බෙන්. බෙන් තමන්ගේ මතුපිට ජීවත් වෙන්න පුලුවන් ආත්මයත් කැප කරලා වන්යාව බේරගෙන ලෝක විනාශය නවත්තනවා. (ඒ හින්දා ආයෙ අපිට ක්ලවුස්ගේ විශන් එකෙන් බෙන්ව දැකගන්න වෙන්නෙ නැහැ.) ඉතිං දියේගෝ වන්යා නැවතීමෙන් ආයෙත් ලෝක විනාශයක් වෙන එකක් නැහැ කියලා හිතලා කෙනඩි ජනපතිව ඝාතනය කිරීම වළක්වන්න ගියත් ඒක අසාර්ථක වෙනවා. මොකද දියේගෝ කියන විදිහට රෙජිනල්ඩ් මේකට සම්බන්ද වෙන නිසා ඔහු නවත්තන්න යන්නේ රෙජිනල්ඩ්ව. ඒත් රෙජිනල්ඩ් එතන උගුලක් අටවලා තිබුණේ. හැබැයි අපි අන්තිම හරියෙදි දැක්කනේ කෙනඩි ජනපතිතුමාව මරපු එකට සහ තමන්ට තර්ජනය කරපු නිසා Majestic 12 එකේ ඉතුරු සාමාජිකයෝ 11 දෙනාට රෙජිනල්ඩ් කරපු දේ. ඒ වගේම ලාවට වගේ රෙජිනල්ඩ්ගේ ඇත්තම මූනත් පෙන්නුවා.
කොහොම හරි දැන් ඔන්න ලෝක විනාශය නතර වුණා. හැබැයි ප්‍රශ්න තවම ඉවර නැහැ කියලා 9 වෙනි කොටසේ අවසානයේදි අපි දැක්කනේ. එතන ඉඳන් ඉතිරි සිදුවීම් අවසන් කොටසට බාරයි.
ඉතිං මේ පාරත් සීසන් ෆිනාලේ එක මදි නොකියන්න ලැබිලා තියෙනවා. මේ කොටස නම් වෙලා තියෙන්නේ The End Of Something නමිනුයි. මේ කොටසට IMDB අගය 9.0 ක් ලැබිලා තියෙනවා වගේම මේ කොටස තමයි කතා මාලාවේ මේ තාක් දුර ආපු කොටස්වලින් වැඩිම IMDB අගයක් ලබා ගත්තු කොටස. ඇත්තටම කිවුවොත් එහෙම නොවුනා නම් තමා පුදුමේ. 2020 ආපු හොඳම සීරිස් එපිසෝඩ්වලින් එකක්. හැන්ඩ්ලර් vs අම්බ්‍රෙල්ලා ඇකැඩමි ගැටුමේ උච්චතම අවස්තාව කොහොම වෙයිද කියලා බලන්න පුලුවන් මේ අවසන් කොටසින්. අද කොටස අවසන් වෙන්නෙ තුන්වෙනි කතා සමයකට ඉඟි දීලමයි.
කොහොමෙන් කොහොම හරි මේ කතා සමයේ උපසොරැසිත් මේ විදිහට අවසන් වෙනවා. ඇත්තම කිවුවොත් මේ සීසන් එක දෙන්න සෑහෙන කාලයක් ගත වුණා. එක්සෑම් ඉවර කරල එක දිගට කරන්නම් කියලා හිතුවට ඔන්ලයින් කෝස් වැඩත් සෑහෙන ගොඩ ගැහෙන්න ගත්තේ මට උපසිරැසි හදන්න සීමිත කාලයක් පමණක් ඉතුරු කරමින්. ඉතිං මෙච්චර ප්‍රමාද වීම ගැන ඇඩ්මින් මඩුල්ලෙන් හා ප්‍රේක්ෂක ඔබෙන් සමාව ඉල්ලනවා. ඒත් මේ කතා සමයට වුණු දේ තුන්වෙනි සීසන් එකට වෙන්න දෙන්නෙ නැහැ. ආපු ගමන්ම වගේ තුන් වෙනි අදියර ලබා දෙන්න පොරොන්දු පිට තමයි මේ කතා සමයේ උපසිරැසි මාම් අවසන් කරන්නේ. ඉතිං අපිව විශ්වාස කරමින් පුරා කොටස් 10 ක් පුරා The Umbrella Academy Season 2 සමග රැඳී සිටිය ඔබට ස්තුති කරන ගමන් මම තාවකාලිකව ඔබෙන් සමුගනන්වා. මේ වගේ හොඳ තවත් නිර්මානයකින් යලි හමුවෙමු…!
෴෴ සුබ දවසක්…! ෴෴
Season 2 Episode 10:
“The End Of Something “
අධ්‍යක්ෂණය: Jeremy Webb
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 49
IMDB අගය: 9.0
Age Rating: TV-14

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,250 downloadsDownload The-Umbrella-Academy-S02-E10.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
54 comments
sachintha
Paisndu
Thanks Brother , anthima venakan sub dunnata,
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Konara
සබ් එකට ස්තූතියි සහෝ
ඊලග සීසන් එකත් ආපු ගමන් සබ් ඕනේBinidu sumal
thanks
Anonymous
sub ekata thanks
Anonymous
S3 awa
No name
Season 3 ekath awilla thiyenne denawada ekatath
Anonymous
season 3 eke sub eka ona
Kaveesh
Meke s3 awane ...ikmnt sub eka dennko
Anonymous
Season 3 dendakoo sub
Sss
Season 3 danneko
Pasindu Kaweeshwara
Stranger things එකෙ වගේ hype එක ඉවර උනාමද දන්නෙ නෑ මෙයාල මේකෙත් සබ් දෙන්න හදන්නෙ
Avishka Gimhan
Ow ow bn
No name
Season 3 sub ona
Anonymous
sason 3 eketh sub eka dennko
Us
Sub eka dalada thiyenne
Us
Sub eka thama dala nadda
Anonymous
season 2 sub plz
Dinusha Nayoda
Sub tika niyami❤️
Season3 එකත් ඔන ❤️Us
Season 3 eka denne nadda
Us
Season 3 sub eka danne nadda
kavin
S03 sub denko pls
Chanmidu
Season 3 sub ඕනේ
Anonymous
season 3 Subtitle දෙන්නේ නැද්ද
Anonymous
Sub thina kenek ndda bn
Anonymous
Season 3 dennako
Sanida Collure
season 3 dennadooo
Anonymous
Season 3 subs tika dapallakoo. Godak dawasaka idan ubala danakan balan inne❤️
Sumedha marasingha
Season 3 sub one..
Anonymous
Season 3 sub dennako
Kavinda kasun
Season 3 ekata subtitles nadda
sudesh
season 3 දෙන්නේ නැද්ද
Pasindu
Season 3 sub dennako. S3 download karala balanne nathuwa inne sub denakam
kavin
s03 sub denne ntte ai bro .... sub dennko
Sameera Jayadarshana
Season 3 sub danna please. ❤
Anonymous
Season 3 sub denne ndd
Sam j
Season 3 sub danna
Laksan
Site eka nm ajuthaii
Ad vitharaikavin
ai ban bageta wada krnne ubala ... s02 sub dila s03 dnne natte ,gdk kal inne denkn balagena ....s03 sub denko plsssssssssssssssssssssssssssssssssssssssssssss.............
Madhushan
Ow bm shik thaama deela nene
INDUSARA
Season 3 sub dipanko
W.D.Fernando
season 3 subtitle ekath dennako
D.I.Dissanayaka
season 3 sub denne nadd
Anura Vishwajith
ado season 3 diyanko bros.dn kochchara dawasda release wela .sub ne kohewath
Dilshan
season 3 eke sub ek diyanko bro
Anonymous
seaon 3 dipanko...
මලා
Session 3 sub දෙන්නකො boys.❤️
is
season 3 demu neda
Indu
ithuru season wala sub dennko plz
Anonymous
Sub tikata thanks.... season 03 eka dennko
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි